පාලන, අවදානම් හා අනුකූලතා පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ මෘදුකාංග පද්ධතිය වන COMPFIE, පළමු වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Share

අනුකූලතා පිළිබඳ ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන අපරාජිතා කෝපරේට් සර්විසස් ප්‍රයිවෙට් ලිමිටට්, කොළඹ මූලස්ථානය කර ගත් 3W කන්සල්ටින් හා එක්ව සිය ගෝලීය ඊ-පාලන හා අනුකූලතා (Compliance) මෘදුකාංග පද්ධතියක් වන COMPFIE ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබිණි. ශ්‍රී ලංකාවේ අනුකූලතා ව්‍යුහය වෙත COMPFIE හඳුන්වා දෙමින් ගත් මෙම පියවර මගින් අපරාජිතා සහ 3W කන්සල්ටින් අතර පළමු උපාය මාර්ගික හවුල්කාරිත්වයේ සාර්ථකත්වය සනිටුහන් කෙරේ. ශ්‍රී ලංකාව සතුව තවමත්, ස්වයංක්‍රීය පාලන, අවදානම් කළමණාකරණ හා අනුකූලතා (governance, risk management and compliance) මෘදුකාංගයක් නොමැති අතර, COMPFIE ආගමනයෙන් පළමු වරට මෙම තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබෙයි.

COMPFIE යනු ජාත්‍යන්තර නෛතික රාමුවට ශ්‍රී ලංකාවේ අපනයන, වාණිජ හා කර්මාන්ත නියාමනයන්, අනුකූලතා හා ප්‍රමිතික ගැලපෙන පරිදි හැඩගස්වන අන්තර්ජාලීය තාක්ෂණය මත පදනම් වූ (cloud) මෘදුකාංග පද්ධතියකි. ශ්‍රී ලංකාවේ විවිධ කර්මාන්තවලට ගැලපෙන නවතම ඩිජිටල් පරිවර්තනයන් සඳහා තාක්ෂණික දැනුම ලබා දීම පිණිස, සිය තාක්ෂණික කණ්ඩායම් හා උපාංග ක්‍රියාත්මක කිරීමේ හැකියාව COMPFIE සතු වෙයි. උපාය මාර්ගික ප්‍රවේශයන්ගේ සිට තාක්ෂණික සක්‍රිය කිරීම්, හා නියාමනයන් දක්වා කටයුතු කරන එම තාක්ෂණික කණ්ඩායම්, ජාත්‍යන්තරව පවතින නීතින්ට අනුකූල වන පරිදි එම අවකාශ සකස් විය යුතු ආකාරය පිළිබඳ පූර්ණ දැක්මකින් යුක්තවද කටයුතු කරති.

ආයතන ද්විත්වයේ හවුල්කාරීත්වයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් නවතම ඊ-පාලන හා අනුකූලතා පද්ධතිය  වන COMPFIE පිළිබඳ අදහස් දක්වමින් අපරාජිතා කෝපරේට් සර්විසස් ප්‍රයිවෙට් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂ නාගරාජ් ක්‍රිෂ්ණන් මහතා සඳහන් කළේ මෙවැන්නකි.

“අද වන විට අනුකූලතා ව්‍යුහයන් ජාත්‍යන්තර වශයෙන් වෙනස් වෙද්දී ආයතනික අනුකූලතා සංස්කෘතීන්ද ඒ හා සමගාමීව වර්ධනීය තත්වයන් කරා වෙනස් වෙමින් පවතිනවා. බොහෝ ආයතන විසින් නියාමන හා ව්‍යවස්ථාපිත අනුකූලතාව ඉහළ අවදානම් කාණ්ඩයක් සේ සලකන නිසා, අපගේ cloud පද්ධතිය වන COMPFIE බොහෝ දෙනා විසින් පිළිගත් අවකාශයක් බවට පත්ව තිබෙනවා. COMPFIE කියන්නෙ අපගේ ගෝලීය ඊ-පාලන අනුකූලතා අවකාශය වන අතර, එය අදාළ නියාමන අනුකූලතා දැනුම පරිවර්තනය කිරීමට හා ආයතනයන්හි අනුකූලතා කාර්ය සඳහා නිර්මාණය කර තිබෙනවා. එමෙන්ම එය, අධ්‍යක්ෂක මණ්ඩලය සහ ආයෝජකයින් සඳහා බලපාන නියාමන අනුකූලතා අවදානම් හේතුවෙන් පැන නගින ගැටලූන්ට විසඳුම් ලබා දෙමින් එවැනි අවදානම් අවම කිරීමේ මෙවලමක් හැටියටත් ක්‍රියා කරනවා. 3W සමග එක්වී, අපරාජිතා සමාගම ඇති කරගත් මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය මගින් රටේ අනුකූලතා සංස්කෘතිය ජාත්‍යන්තර නියාමනයන්ට අනුකූලව නිසි ලෙස හැඩ ගැස්විය හැකි බවට අපට විශ්වාසයි. කෝටි 1800 ක වටිනාකමින් යුතු ශ්‍රී ලංකාවේ අනාගත කොටස් වෙළෙඳ පොළකට අමතරව, ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය ආර්ථික වර්ධනයට සහභාගී වීමට හා රටේ රැකියා අවස්ථාවන් වැඩි කිරීමටත්, තොරතුරු තාක්ෂණ සංවර්ධනයට දායක වීමටත් මෙමගින් අපට අවස්ථාව ලබා දී තිබීම සතුටට කාරණයක්.

COMPFIE හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාව තුළ සිය ජයග්‍රාහී මායිම සලකුණු කිරීමට අපරාජිතා හා 3W Consluting වෙත හැකියාව ලැබී තිබේ. එමෙන්ම, එමගින් ආයතනික සහ මණ්ඩලවලට ඔවුන්ගේ අභ්‍යන්තර ක්‍රියාවලීන් (Internal Processes) සැලසුම් කරන ආකාරය, ව්‍යුහගත කරන ආකාරය මෙන්ම විධිමත් කරන ආකාරය ආදී අනාගත කාර්යයන් එමගින් විධිමත් කරයි. දේශීය වශයෙන් මෙන්ම කලාපීය වශයෙන් ව්‍යවස්ථාපිත නීතිරීති හා රෙගුලාසීන්ට අනුකූලව ආයතනික අරමුණු කඩිනමින් සාක්ෂාත් කර ගැනීම පිණිස, අවදානම් අවම කිරීම සහ අනුකූලතා ක්‍රියා පටිපාටි පාලනය කිරීම වෙනුවෙන්, COMPFIE හි තාක්‍ෂණික ක්‍රමවේද සැලසුම් කර ඇත.

එමෙන්ම, මෙම අවකාශය මගින් ආයතන වෙත ලබා ගත හැකි වාසි ගණනාවක් වෙයි. එය පුළුල් නෛතික ක්‍රමවේදයන් පරිගණක ගතකර ඇති වේදිකාවක් වීම නිසාම, කාලීන නීතිමය යාවත්කාලීන කිරීම් එමගින් නිතිපතා හා ක්ෂණිකව සිදු කෙරේ. සියලුම නීතිමය ආයතන සහ ඒකක සඳහා අදාළ නෛතික රාමුව හඳුනාගෙන ඒවා ඩිජිටල් ක්‍රමවේදයෙන් ලේඛනගත කිරීමට සහාය වීම, අනුකූලතා කාර්ය සාධනය ගතිකව ක්‍රියාත්මක කිරීම, අනුකූලතා පරාමිතීන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කිරීම, ලුහුබැඳීම සහ තීව්‍ර කිරීම යනාදිය සිදු කිරීම, කළමනාකරණ සමාලෝචනය සඳහා බහු-මාන අනුකූලතා මෙවලම් පුවරුවක් (Dash Board) වශයෙන් ක්‍රියාත්මක වීම, ඉතාමත් ඵලදායී කඩිසර හා විගණන වේදිකාවක් වශයෙන් ක්‍රියා කිරීම ආදී වාසි ගණනාවක් මෙමගින් සැලසේ. එමෙන්ම එය කාලීන කාර්ය සාධන ලකුණු පුවරුවක් හා සියලුම අනුකූලතා වාර්තා වල ගබඩාවක් ලෙසින්ද ක්‍රියා කරන අතරෙහි, සුවිශේෂී දත්ත සුරක්ෂිතතාව පිළිබඳ ජාත්‍යන්තර සහතික සමගින් එය ක්‍රියාත්මක වේ.

 “මේ වන විට මතුව තිබෙන අනපේක්ෂිත ගෝලීය අභියෝග හේතුවෙන් සියලු බහුජාතික සමාගම්වල ශක්තිමත් පාලන ව්‍යුහක් ඇති කිරීම පිණිස වෙනස්කම් සිදුකර තිබෙනවා. ව්‍යාපාරවල අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීමේ සැලසුම්වල (Business Continuity Planning –BCP) කොටසක් වශයෙන් බොහෝ අනුකූලතාවයන් මෙහෙයවනු ලබන්නේ, ව්‍යවස්ථාපිත හා නෛතික වශයෙන් ඉතා සීමිත දැනුමක් සහිත ආයතනික අභ්‍යන්තර පිරිස් විසින්. ශ්‍රී ලංකාව පුරා මෙම අනුකූලතාවය තාක්‍ෂණිකව කළමනාකරණය කිරීමේ ක්‍රමවේදයක් ඔස්සේ,  අපරාජිතා සමාගම සමග අත්වැල් බැඳ ගැනීම මගින්,‍් රට තුළ අනුකූලතා ව්‍යුහයේ සැබෑ වෙනසක් සිදු කිරීමට අපි අපේක්ෂා කරනවා. ඒ වගේම, ශ්‍රී ලංකාව සතුව තවමත්, ස්වයංක්‍රීය පාලන, අවදානම් කළමණාකරණය හා අනුකූලතා (governance, risk management and compliance) මෘදුකාංගයක් නැති නිසාම COMPFIE ශ්‍රී ලංකාවේ ලබන්නේ, පළමු අත්දැකීමයි. මෙමගින් ශ්‍රී ලංකාව තුළ ඉතා  විධිමත් ආකාරයෙන් අනුකූලතා සංස්කෘතියක්  ඇති කිරීමටත්, රට පුරාම අනුකූලතා වෙළෙඳ පොළ පහසුවෙන් අත්පත් කර ගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් 3W Consluting ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ ස්ටෙෆාන් මොරායස් මහතා සඳහන් කළේය. තවද, COMPFIE සමගින් ඉදිරි මාසවලදී සිංගප්පූරුව, මැලේසියාව, පිලිපීනය, ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රේලියාව යන රටවලට ඇතුළු වීමටද අපරාජිතා සමාගම බලාපොරොත්තු වේ. ඒ සමගම, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදයේ වෙළඳ පොළ වෙතද COMPFIE හඳුන්වා දීමට එම සමාගම අපේක්ෂා කරයි.

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top