Huawei විසින් ආසියානු පැසිෆික් කලාපයේ සංවර්ධනය උදෙසා කර්මාන්තකරුවන් හා එක්ව අවබෝධතා ගිවිසුම් 17කට අත්සන් තබයි

Share

පසුගියදා අවසන් වූ ආසියානු පැසිෆික් ඩිජිටල් නවෝත්පාදන කොන්ග්‍රසය සඳහා ආසියා පැසිෆික් කලාපය නියෝජනය කරමින් විවිධ කර්මාන්ත හා රාජ්‍ය නිලධාරීන් 1,000 කට අධික පිරිසක් සහභාගී වූ අතර, ඔවුන් විසින් ඩිජිටල් පරිවර්තනයේ අභියෝගවලට මුහුණ දීම සඳහා නව්‍ය තාක්‍ෂණයන් භාවිතා කිරීමේ අභියෝග සහ අවස්ථා පිලිබඳ සිය අත්දැකීම් බෙදාහදා ගන්නා ලදී.

මෙහිදී අදහස් දැක්වූ Huawei Asia Pacific Enterprise Business හි සභාපති Nicholas Ma විසින් මෙලෙස පවසා සිටියි. “රජයන්ගේ දූරදර්ශී ඩිජිටල් උපාය මාර්ගයන් සහ කර්මාන්තකරුවන්ගේ අඛණ්ඩ කැපවීමේ ඒකාබද්ධ ප්‍රයත්නයෙන් ප්‍රතිලාභ ලබමින්, ආසියා පැසිෆික් කලාපය තුළ ඩිජිටල් ආර්ථිකයන් සහ ඩිජිටල්කරණය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව සිය ආරම්භක කතාවේදී පැවසීය. Huawei පුරෝකථනය කරන පරිදි, ඩිජිටල්කරණය මඟින් සියලුම කර්මාන්තවල නිෂ්පාදන පද්ධති පරිවර්තනය වන අතර එමඟින් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 27 ක විභව වටිනාකමක් නිර්මාණය වනු ඇත. තවද, විවෘත කර්මාන්ත පද්ධතියක් පෝෂණය කිරීමට සහ ආසියා පැසිෆික් කලාපයේ හවුල් සාර්ථකත්වයක් ඇති කිරීමට අපගේ හවුල්කරුවන් සමඟ කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙමු.”

“අනාගත ලෝකය තීරණය වනුයේ,  අප පර්යේෂණ සහ නවෝත්පාදන කෙතරම් ඵලදායී හා කාර්යක්ෂම ලෙස වැඩිදියුණු කිරීම, තීව්‍ර කිරීම සහ ශක්තිමත් කිරීමට වෙහෙස වන්නේද යන්න මතයි.  ජාතික AI උපාය මාර්ග සංවර්ධනයට අනුකූලව සියලුම ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ, විශේෂයෙන් ගෝලීය තාක්‍ෂණ සහ නවෝත්පාදන නායකයින් වන Huawei සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කිරීමට අප බලාපොරොත්තුවෙන් පසු වෙනවා. තවද, මානව වර්ගයා සහ සමාජය සඳහා ගෝලීය පර්යේෂණ සහ නවෝත්පාදනයන්ගෙන් ප්‍රතිලාභ ලබාදීම සඳහා අවශ්‍ය තාක්ෂණික පද්ධති සංවර්ධනය කිරීම උදෙසා අප කැපවී ක්‍රියා කරනවා.” ඉන්දුනීසියාවේ ජාතික පර්යේෂණ සහ නවෝත්පාදන නියෝජිතායතනයේ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු පිළිබඳ පර්යේෂණ සංවිධානයේ සභාපති ආචාර්ය ඉංජිනේරු. බුඩි ප්‍රවාරා පවසා සිටියි. 

සියම් කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන ඩිජිටල් බැංකු නිලධාරී SEVP ආචාර්ය චාලී ආසවතිරතම් මහතා මෙසේ පැවසීය. “දත්ත සහ විශ්ලේෂණවල බලය හරහා, අපි අවම පහසුකම් සහිත ප්‍රජාව වෙත බැංකුකරණය ගෙන ඒමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටියි.”

Malaysia’s Sunway Group හි ප්‍රධාන තොරතුරු නිලධාරී Kevin Khoo විසින් මෙලෙස පවසා සිටියි. “තාක්ෂණික සංවර්ධනය උදෙසා ගමන් කරන මාර්ගය  පුරාවටම සියලු අභියෝගවලට එකට මුහුණ දීමට කැමති නිවැරදි පාර්ශවකරුවන් සොයා ගැනීම ඉතා වැදගත් යැයි මම සිතමි. මෙම ගමනේදී Huawei අපගේ හවුල්කරුවෙකු වීම ගැන මම සතුටු වෙනවා.  අප විසින් Huawei හි ඩිජිටල් නවෝත්පාදන වැඩසටහන ආරම්භ කරමින් සිටින අතර එය දිගු ක්‍රියාවලියක් වනු ඇත. Huawei අපට දක්වන සහයෝගය පිළිබඳ අප සතුටට පත් වෙනවා. 

කොන්ග්‍රසයේ දෙවන දිනය,  “Accelerating Industry Digital Innovation in a VUCA World” තේමාවෙන් ක්‍රියාත්මක වූ විශේෂ සාකච්චාවකින් අවසන් වූ අතර, මෙහි සම්භාව්‍ය මණ්ඩල සභිකයින් වන ආචාර්ය චාලී ආසවතිරතම් (තායිලන්ත සියම් වාණිජ බැංකුව), මහාචාර්ය ජුග්දුට් සිං (මැලේසියාව සරවක් ප්‍රාන්ත රජය), ඩොනල්ඩ් ලුම් (සිංගප්පූරු SATS) සහ ජස්ටින් චෙන් (ඉන්දුනීසියාවේ Bank Neo Commerce) ඔවුන්ගේ වෘත්තීය කාලය තුළ ඩිජිටල්කරණය පිළිබඳ ලබාගත් දැනුම රැස්ව සිටි පිරිස සමඟ බෙදා ගන්නා ලදී.  විවිධ කර්මාන්ත සඳහා ඩිජිටල් පරිවර්තන ගමන් මාර්ගයේදී මුහුණ දීමට සිදුවන ගැටළු සහ එහි ප්‍රතිඵලයන් වෙනස් විය හැකි නමුත්, ඔවුන් පොදු අභියෝගවලට මුහුණ දෙන බවත් ඔවුන් අවධාරණය කර සිටියි.”

Huawei APAC ඩිජිටල් නවෝත්පාදන සම්මේලනයේ දින 2ක් පුරා, Huawei Smart Campus, Data Center, Digital Power, සහ HUAWEI CLOUD සඳහා සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව සහ බංග්ලාදේශයේ කර්මාන්ත පාරිභෝගිකයන් සමඟ අවබෝධතා ගිවිසුම් 17ක් අත්සන් කළේය. මෙම අවබෝධතා ගිවිසුම් ආසියා පැසිෆික් කලාපයේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම සඳහා අන්‍යෝන්‍ය සහයෝගීතාව සඳහා පදනම සපයයි.

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top