Huawei විසින් අති සාර්ථක Online ක්‍රමයට නිෂ්පාදන හඳුන්වා දීමේ වැඩසටහනක් පවත්වයි

Share

නවතම නිෂ්පාදන රැසක් දේශීය වෙළඳ පොළට නිකුත් කරයි
වසරේ අතිසාර්ථක දෙවන වතාවටත්, Huawei සමාගම විසින් online වැඩසටහනක් හරහා දේශීය වෙළඳ පොළ ඉලක්ක කරගනිමින් නිෂ්පාදන පෙළක් හඳුන්වා දීම පසුගියදා සිදු කරන ලදී. විශාල ප්‍රේක්ෂක පිරිසකගේ සහභාගීත්වයකින් අවසන් වුණු මෙම නිෂ්පාදන දියත් කිරීමේ online වැඩසටහන වෙනස්ම ක්‍රම වේදයකට අනුව සිදු කිරීමට Huawei සමාගම සමත් විය.
මෙහිදී වෙළඳ පොළට විශිෂ්ඨ තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත wearables මාදිලි කිහිපයක් වන Huawei Watch FIT, Huawei Freebuds 3i සහ Huawei Watch GT2e හඳුන්වා දීම සිදු කරන ලදී. මෙම උපාංග හඳුන්වා දීම සඳහා Huawei සමාගම විසින් ශ්‍රී ලංකාවේ විශාලතම සහ නවීනතම තාක්ෂණික පහසුකම් රැසකින් සමන්විත ශරීර සුවතා හා යෝග්‍යතා මධ්‍යස්ථානයක් වන Body Doc සහ අන්තර්ජාලය හරහා යෝග්‍යතා මධ්‍යස්ථාන පිළිබඳ විස්තර සපයන ප්‍රසිද්ධ Application වන Fitzky හා අත්වැල් බැඳ ගෙන ඇත.
මෙම Online නිෂ්පාදන දියත් කිරීමේ වැඩසටහන Huawei Facebook සහ Youtube සමාජ මාධ්‍යන්හි, Singer, Daraz සහ BodyDoc සමාජ මාධ්‍ය ගිණුම් වල සහ Chanux Bro Facebook සහ Youtube ගිණුම් වල සජීවීව විකාශය වුනු අතර, මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ශාරීරික යෝග්‍යතා සහ සුවතා උපදේශකයන් කිහිපයකගේම සහභාගීත්වයක් දක්නට ලැබුණි. මේ සඳහා Body Doc Fitness and Wellness Pavilion) හි නිර්මාතෘ හා කළමණාකාර අධ්‍යක්ෂිකා, ශරීර සුවතා ව්‍යායාම පිළිබඳ විශේෂඥවරියක වන වෛද්‍ය තනුකි ඉඩන්ගොඩගේ, ආසියානු ඔරු පැදීමේ ශුරයකු සහ ඒෂියා ඕෂනියා ඔලිම්පික් සුදුසුකම්ලාභී සහ ඕස්ට්‍රේලියානු Strength and Conditioning සංගමයේ සාමාජික සහ ජාතික මට්ටමේ පුහුණුකරු සමාඛ්‍ය ගජනායක, Myrus Yoga and Fitness හි සම නිර්මාතෘ, ජාත්‍යන්තරව සහතික කළ සහ ලියාපදිංචි යෝගා උපදේශක වෛද්‍ය මියුරු ජයවීර, ශ්‍රී ලංකාවේ ප්‍රථම සහතිකලත් සුම්බා උපදේශක, Dfit360 හි හිමිකරු සෙන් දර්ශන් සහ ශ්‍රී ලංකාවේ තාක්ෂණික ක්ෂේත්‍රය තුළ ප්‍රසිද්ධ සන්නාමයක් වන Chanux Bro සම්බන්ධ විය.
මෙම වැඩසටහන පුරාවට Huawei විසින් ප්‍රේක්ෂකයින්ට නවතම Huawei MateBook D 15, Huawei Watch Fit, 3 Huawei Watch GT 2e සහ 3 Huawei Freebuds 3i දිනාගැනීමට සුවිශේෂී අවස්ථාවක්ද ලබා දෙන ලදී.
මෙම නවතම නිෂ්පාදන හඳුන්වා දීම පිළිබඳ සිය අදහස් දක්වමින් Huawei ශ්‍රී ලංකා ප්‍රධානී පීටර් ලියූ මහතා මෙලෙස පවසා සිටී. “පසුගිය Online ක්‍රමයට දියත් කෙරුණු නිෂ්පාදන හඳුන්වා දිමට වඩා අති සාර්ථක අන්දමින් මෙවර වැඩසටහන නිමා කිරීමට හැකි වීම පිලිබඳ මා සතුටට පත් වනවා. ඉදිරියේදී දේශීය වෙළඳ පොළ ඉලක්ක කරගනිමින් විශිෂ්ඨ තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත නිෂ්පාදන රැසක් දියත් කිරීමට Huawei සූදානම්. මෙම නවතම නිෂ්පාදන අත්හදා බලන මෙන් අප සියලුම පාරිභෝගිකයින්ට ආරාධනා කර සිටිනවා.

ශාරීරික යෝග්‍යතාවය සහ සෞඛ්‍යය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන පරිශීලකයින්ගේ භාවිතය සඳහා මෙලෙස හදුන්වා දුන් Huawei Watch Fit, අඟල් 1.64 ක vivid AMOLED ඩිස්ප්ලේ සමගින් වෙළඳ පොළට නිකුත් වේ. running, swimming, cycling සහ අමතර ව්‍යායාම ක්‍රම 85 ක් ඇතුළුව වෘත්තීය ක්‍රීඩා විධි 11 ක් සඳහා Huawei Watch Fit, real-time workout metrics සපයයි. Huawei Watch Fit දිනපතා පුද්ගලයකුගේ පියවර ප්‍රමාණයන්, ක්‍රියාකාරී වේලාවන් සහ sleep rate, මෙන්ම හෘද ස්පන්දන වේගය සෑම මොහොතකම නිරීක්ෂණය කරයි.සංගීතයට සවන්දීම ඇතුළු වෙනත් ස්මාර්ට්ෆෝන් විශේෂාංග දුරස්ථව පාලනය කිරීම සඳහාද Huawei Watch Fit භාවිතා කළ හැකි අතර ඇමතුම්, පණිවිඩ, දින දර්ශන සිදුවීම් පිළිබඳ කාලෝචිත මතක් කිරීම්ද මෙම උපාංගය සපයයි.දින 10ක් වුවත් භාවිත කල හැකි දිගුකාලීන බැට්රි ධාරිතාවයක් සමඟින් වෙළඳ පොළට එන Huawei Watch Fit 5-minute charge පහසුකමින්ද යුක්ත වේ.
Noise cancellation විශේෂාංගය සමගින් එන wireless ear bud එකක් වන Huawei Free Buds 3i, බොහෝ දෙනෙකුගේ ප්‍රියතම තේරීමක් වනු ඇත. මෙහි Ear buds tap කිරීම හරහා music play/pause සහ answer/end calls ඉතා පහසුවෙන්ම සිදුකල හැකි built-in sensors සුවිශේෂී වන අතර පැය 3.5 ක් අඛණ්ඩව සංගීතයට සවන්දීමේ අත්දැකීමක් ලබා දේ. තවද පැය 14.5 ක දිගුකාලීන බැටරි ආයු කාලයක්ද Huawei Free Buds 3i සඳහා හිමිය.
හැඩකාර Huawei Watch GT 2e අඟල් 1.39 AMOLED HD තිරයක් සහිතව වෙළඳ පොළට හඳුන්වා දුන් අතර පළදින්නාට ඉතා පහසු නිමාවක් සමගින් පැමිණේ. Huawei Watch GT 2e ද පරිශීලකයාට පැමිණෙන ඇමතුම්, කෙටි පණිවුඩ, ඊමේල්, සහ තවත් බොහෝ දේ සඳහා තත්‍ය කාලීන දැනුම්දීම් සපයයි.

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top