MSI විසින් 12 වන පරම්පරාවේ නවතම Gaming සහ Creator ලැප්ටොප් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Share

“Gameverse” මැයෙන් සංවිධානය කරන ලද නිල වැඩසටහනකදී, ලොව ප්‍රමුඛතම තාක්ෂණික උපාංග නිෂ්පාදකයෙකු වන MSI විසින්  12th Gen Intel® Core™ H series ප්‍රොසෙසර් සහිත නවීන විශේෂාංග රැසකින් සමන්විත ලැප්ටොප් දේශීය වෙළඳ පොළට හඳුන්වා දීම පසුගියදා සිදු කෙරිණි.  පරිගණක ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ නියැලෙන්නන් වෙනුවෙන් සහ ව්‍යාපාරික කාර්යයන් සඳහා අවශ්‍ය ඉහළ කාර්යක්ෂම බවකින් යුත් වූ තාක්ෂණික උපාංග නිෂ්පාදනයේ ගෝලීය ප්‍රමුඛයා වන MSI, 12 වන පරම්පරාවේ ලැප්ටොප් නිෂ්පාදන ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ප්‍රථම සන්නාමය වේ. Intel® CoreTM i7 හෝ ඉන් ඉහළ ප්‍රොසෙසර් ධාරිතාවයක් සහ  NVIDIA GeForce RTX ™ 3070 සහිත නවතම ලැප්ටොප් නිපදවා ඇත්තේ Metaverse-compatible ඉහළ කාර්යසාධනයක් අපේක්ෂා කරන පාරිභෝගිකයින් වෙනුවෙන් යැයි කිව හැකිය. 

මෙම මාදිලින්හි අනෙකුත් පරිගණක හා සංසන්ධනය කරන විට, මෙම මාදිලින්හි 30%~45% ඉහළ CPU කාර්යසාධනයක් දැක ගත හැකිය.  MSI විසින් මෙම 12th වන පරම්පරාවේ Intel ලැප්ටොප් සඳහා Phase Change Liquid Metal Pad වැනි තාප විසඳුම් නව්‍යකරණයන් එක්කර ඇති අතරමේ හරහා පරිගණකයේ ආරක්ෂාව මෙන්ම කාර්යක්ෂමතාවය ඉහළ අගයක පවත්වා ගැනීමට අවස්ථාව හිමිවේ.  මෙහි Vapor Chamber Cooler හරහා CPU කාර්යසාධනය 45% පමණ වර්ධනය වී ඇති බවද කිව හැකිය. තවද, MSI විසින් අන්තර්ගත නිර්මාණකරුවන් සඳහාම, MSI Pen සඳහා ස්පර්ශ සහය (touch support), Calman වෙරිෆයිඩ් කළ True Pixel Display සහ DTS සමඟ සහයෝගීතාවයෙන් තත්වයෙන් උසස් ශබ්ද අත්දැකීමක් පරිගණක වෙත එකතු කර ඇත.

 නවතම ලැප්ටොප් මාදිලින්හි සුවිශේෂී විශේෂාංග අතර, GS77/66 Stealth ලැප්ටොප් යනු සම්මානලාභී Stealth GS මාලාවේ සුවිශේෂී පරිගණකයකි. එය පරිගණක ක්‍රීඩා සහ වෘත්තීය භාවිතය සඳහා සුදුසු සැහැල්ලු මෙන්ම ඉහළ කාර්යසාධනයකින් සමන්විත ලැප්ටොප් මාදිලියකි. GS77 නව “core black” වර්ණයෙන් වෙළඳ පොලට පැමිණෙන අතර වඩා කල් පවතින සින්ක් මිශ්‍ර ලෝහයකින් නිපදවා ඇත.  MSI විසින් නිවැරදි සහ සුවපහසු ටයිප් කිරීමේ අත්දැකීමක් පාරිභෝගිකයාට හිමිකර දෙමින් ලැප්ටොප් හි touchpad සහ keycap ප්‍රමාණය විශාල කිරීමට සමත් වී ඇත (At less than 21mm for Z height). තවද වඩාත් පැහැදිලි ස්පීකර් හයකින්ද  පරිගණකය සමන්විත වේ. webcam lock ස්විච් සහ 100W PD charging මෙහි අනෙකුත් විශේෂාංග අතර කැපී පෙනෙන අතර, විශේෂයන්ම වෘත්තීකයින්ට මෙම විශේෂාංග වැදගත් වනු ඇත.  

MSI Raider GE series (GE76/66) තවත් සුවිශේෂී ලැප්ටොප් පරිගණක විශේෂයකි.  අලංකාර ආලෝකයන් විහිදින මෙම ලැප්ටොප් මාදිලිය ඉහළ පාරිභෝගික ආකර්ශනයකට ලක්වනු ඇති බව නොඅනුමානයි. GeForce RTX 3080 Ti via MSI OverBoost සමගින්  220W කර්යසාධනයක් මෙම මාදිලිය පෙන්නුම් කරයි.  මෙහි කාර්යසාධනය තවත් 10% කින් වර්ධනය කිරීමට Liquid Metal Pad සමත් වේ.  මෙය පරිගණක ක්‍රීඩා සඳහා යොමුවීමට කැමති පාරිභෝගිකයන් සඳහා කදිම තේරීමක් බව කිව හැකිය. 

කාර්ය සාධනය මත පදනම් වූ Vector GP Series (GP76/66)  ලැප්ටොප් පරිගණක නව සංකල්පයක් සමඟ හඳුන්වා දී ඇති බව කිව හැකිය.   මෙම මාදිලිය gaming, engineering හෝ scientific computing කාර්යයන් සඳහා වඩාත් සුදුසු වනු ඇත. MSI OverBoost හා එක්ව  Cooler Boost 5 තාක්ෂණය සමඟින්, Vector’s performance එක  210W දක්වා ළඟා විය හැක.

Crosshair GL මාලාව MSI සහ Ubisoft අතර සහයෝගීතාවයකි. මෙම මාලාව Intel® CoreTM i9 ප්‍රොසෙසර සහ Cooler Boost 5 තාක්ෂණයෙන් සමන්විත වේ. මෙහි ග්‍රැෆික් කාර්ය සාධනය උපරිම මට්ටමක පවතී. Crosshair GL Series ප්‍රභේද තුනකින් පැමිණේ: Crosshair 15, Crosshair 17, සහ Crosshair 15 Rainbow Six Extraction Edition සුවිශේෂී  bundle pack සමඟින් පැමිණේ.

Creator Z17 යනු ලොව ප්‍රථම අඟල් 17ක ප්‍රමාණයේ ලැප්ටොප් පරිගණකයයි.  මෙහි support pen touch, 16:10 ස්ක්‍රීන් ratio සහ thin bezel design විශේෂ වේ. මෙහි භාවිත කර ඇති True Color තාක්ෂණයද ඉතා සුවිශේෂී විශේෂාංගයකි. 

Creator Z16P, Vapor Chamber Cooler, සමඟ අමතර 20% කාර්ය සාධනයක් ලබාදෙන අතර එමඟින් 76% අමතර cooling area, 65% වැඩි airflow එකක් ජනනය කරයි, සහ මතුපිට උෂ්ණත්වය 2 ° C (3.6 ° F) කින් අඩු කරයි. CNC-milled aluminum chassis සහිත මෙම ලැප්ටොප් මාදිලිය නිර්මාණය කර ඇත්තේ අන්තර්ගත නිර්මාණකරුවන්, වෘත්තිකයින් වැනි අයගේ අවශ්‍යතාවයන් වෙනුවෙන්ය. 

MSI එහි දෘඪාංග සමඟ පමණක් නොවලැප්ටොප් පරිගණක නිර්මාණය කිරීමේදී  මෘදුකාංග තාක්ෂණයන් ද නව්‍යකරණය කරයි. MSI Smart Auto ඔබේ භාවිතය අනුව සුදුසු modes ස්වයංක්‍රීයව මාරු කරන අතර, Ambient Silent AI මඟින් fan speed සකස් කිරීමට අවට ශබ්ද මට්ටම (dB) හඳුනා ගන්නා අතර, ඔබට  වඩා හොඳ කාර්ය සාධනයක් සහ තාක්ෂණික අත්දැකීමක් ලබා දේ.

MSI හි නව Gaming සහ Content Creation පරිගණක මාලාව අඛණ්ඩව ඉහළ කාර්ය සාධනයක්, නව්‍ය තාප විසඳුම් සහ නව විශේෂාංග රැසක් සපයයි.

MSI MSIology Virtual Event: msi.gm/MSIology2022

MSI 12th gen නිෂ්පාදන: https://msi.gm/12thGenGaming

MSI Twitch:     twitch.tv/msigaming

MSI GAMING:             https://www.msi.com/

MSI Facebook:   https://www.facebook.com/MSIGamingSriLanka/

MSI Instagram:           https://www.instagram.com/msigaming/

MSI YouTube:              https://www.youtube.com/user/MSIGamingGlobal

MSI Twitter:                  https://twitter.com/msitweets

වැඩිදුර විස්තර සඳහා https://www.msi.com/rss වෙත පිවිසෙන්න

About MSI GAMING

As a world leading gaming brand, MSI is the most trusted name in gaming and eSports. We stand by our principles of breakthroughs in design, the pursuit of excellence, and technological innovation. Integrating gamers’ most coveted extreme performance, realistic visuals, authentic sound, precise control and smooth streaming functions into its gaming rigs, MSI frees gamers from tedious trial and error and pushes gaming performance beyond limits. The determination to surpass past achievements has made MSI a ‘True Gaming’ brand with gaming spirit throughout the industry! For more product information, please go to https://www.msi.com/

●All rights of the technical, pictures, text and other content published in this press release are reserved. Contents are subject to changes without prior notice.

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top