යුනිටි සිස්ටම් පරිගණක අලෙවි හා සේවා ක්ෂේත්‍රයේ නව පියවරක් තබයි

Author
By Author

This content has been archived. It may no longer be relevant

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බලයලත් තොරතුරු තාක්ෂණ සහ පරිගණක නිෂ්පාදන අලෙවිසැලක් වන යුනිටි සිස්ටම් ආයතනය සිය නවතම ශාඛාව පසුගියදා බම්බලපිටියේ දී විවෘත කරන ලදී.  තම වටිනා පාරිභෝගිකයන් වෙනුවෙන් උසස් තත්ත්වයේ නිෂ්පාදන අලෙවිය හා අලෙවියෙන් පසු සේවා සැපයීමේ විශ්වාසනීයත්වයේ ප්‍රතිඵලයක් ලෙස මෙම නව වෙළෙඳසැල විවෘතවීම හඳුන්වාදිය හැකිය. මීට පෙර Unity Plasa හි පිහිටා තිබූ මෙම වෙළෙඳසැල නව පෙනුමකින් හා අසමසම සේවා සැපයීම අරමුණ කරගනිමින් විවෘතවීම සුවිශේෂි කාරණයකි. එසේම අලෙවියෙන් පසු සේවා මධ්‍යස්ථානයක් ලෙස ද නව වෙළෙඳසැල ක්‍රියාත්මක වේ.

නවීනතම නිෂ්පාදනය රැසක් සමඟින් පරිගණක ක්‍රිඩාලෝලීන්, රැකියාවල නිරත වන පිරිස් මෙන්ම එදිනෙදා ජිවිතයේ පරිගණක භාවිතා කරන්නන් යන සියලු කාණ්ඩයන්ගේ විවිධ සේවා අවශ්‍යතාව සපුරාලීම වෙනුවෙන් යුනිටි සිස්ටම් ආයතනය නිරතුරුවම කැපවී සිටියි. බම්බලපිටියේ පිහිටි මෙම නව වෙළෙඳසැල වෙතින් පාරිභෝගිකයින්ගේ පරිගණක ක්ෂේත්‍රයේ ඇත්දැකීම් තවත් පුළුල් කරමින් වැඩිදියුණු කරන ලද නෝට්බුක් ,සන්නාමගත පරිගණක, මෝනිටර් යන්ත්‍ර මෙන්ම මුද්‍රණ යන්ත්‍ර ඇතුළු උපකරණ රැසක් මිලට ගැනීමේ හැකියාව ද සහිතය.

2004 වසරේ ආරම්භ කරන ලද යුනිටි සිස්ටම් ආයතනය වර්තමානයේ ශ්‍රී ලංකාවේ පරිගණක නිෂ්පාදන අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රබල සන්නාමයක් බවට පත්වී ඇත. ASUS, DELL, HP, Acer, Lenovo සහ Microsoft වැනි දැවැන්ත පරිගණක සන්නාමයන්ගේ බලයලත් නැවත විකුණුම් හවුල්කරුවෙකු ලෙස, නිරන්තරයෙන්ම සිය සෑම නිෂ්පාදනයකම සතත්‍යතාවය හා ගුණාත්මකභාවය උපරිමයෙන් සනිටුහන් කිරීමට යුනිටි සිස්ටම් කටයුතු කරනු ලබයි. මෙම හවුල්කාරීත්වයන් තුළින් පාරිභෝගිකයින් හට වෙළෙඳපොළේ පවතින නවතම පරිගණක නිෂ්පාදනයන්ගේ අත්දැකීම් ලබාදීම යුනිටි සිස්ටම් හි අරමුණයි. එසේම ආයතනික ව්‍යාපාර හා ටෙන්ඩර් පදනම් කරගත් ව්‍යාපෘතින් වෙනුවෙන් ද ඔවුන් පහසුකම් සපයනු ලබයි.

යුනිටි සිස්ටම් ආයතනයේ අධ්‍යක්ෂක ඩී.ජී වසන්ත දිනුවන් මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. ” යුනිටි සිස්ටම් ශාඛාව බම්බලපිටියේ විවෘතකිරීමට හැකිවිම ගැන බෙහෙවින් සතුටට පත්වෙනවා. අපගේ නව ශාඛාව උසස් මට්ටමේ නිෂ්පාදන හා සේවාවන් සැපයීම වෙනුවෙන් පාරිභෝගිකයන් අප කෙරෙහි තැබූ විශ්වාසයේ ප්‍රතිඵලයකි. සෑම පුද්ගලයෙකුට අනන්‍ය පරිගණක නිෂ්පාදන අවශ්‍යතා සැපයීමේ හැකියාව හා විසඳුම් අපි සතුව පවතින බව මම විශ්වාස කරනවා. වඩාත් පහසු මිලගණන් යටතේ පරිභෝගිකයා වෙනුවෙන් පරිපූර්ණ උපකරණ සැපයීම වෙනුවෙන් මනා පුහුණුව ලත් මිත්‍රශීලි කාර්ය මණ්ඩලය සෑමවිටම සූදානම්න් සිටිනවා. “

යුනිටි සිස්ටම් නිරතුරුවම පාරිභෝගිකයාගේ අවශ්‍යතාව මත වඩාත් උසස් තත්ත්වයේ සේවාවක් සැපයීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන අතර පරිගණක ක්ෂේත්‍රයට ආධුනික පුද්ගලයන් වෙනුවෙන් විශේෂඥ මඟ පෙන්වීමක්  කාර්යය මණ්ඩලය විසින් සිදුකරනු ලබයි. පරිගණක ක්ෂේත්‍රයේ වසර 10 කට වඩා වැඩි දැනුම හා පළපුරුද්ද සමඟ පාරිභෝගිකයින්ට අවශ්‍යතාවට සරිලන පරිදි  නිවැරදි පරිගණක නිෂ්පාදනය තෝරාගැනීම වෙනුවෙන් පරිපූර්ණ පාරිභෝගික සේවා සහයෝගය ලබාදීමට යුනිටි සිස්ටමි කාර්ය මණ්ඩලය කැපවී සිටියි.

ගනුදෙනුකරුවන් වෙනුවෙන් නව ශාඛාව බම්බලපිටියේ විවෘත වී ඇති අතර, උසස් වර්ගයේ පරිගණක නිෂ්පාදනය මිලට ගැනීම හා සේවාවන් වෙනුවෙන් විවෘත වූ මෙම නව ශාඛාව අංක 83, ගාලු පාර, කොළඹ 04 ස්ථානයේ පිහිටා ඇත.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *