**අංකය වෙනස් නොකර Network එක මාරු කරන්න පුළුවන් වෙයි!**

Mic
By Mic

**Mobile Number Portability** පහසුකම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා රජය දැඩි තීරණයක් ගෙන තිබෙනවා.

📌 ඔබ භාවිතා කරන **ජංගම දුරකථන අංකය වෙනස් නොකර**, වෙනත් දුරකථන සේවා සපයන්නෙකු වෙත මාරු වීමට හැකි මෙම පහසුකම **2026 සැප්තැම්බර් අවසන් වීමට පෙර** ලබාදීමට කටයුතු කරන බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය Eranga Weeraratne පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

එහෙත් දුරකථන සේවා සපයන සමාගම් අතර එකඟතාවක් ඇති නොවුණහොත්? 🤔

⚖️ **TRCSL හරහා නීතිමය බලතල භාවිත කරමින් මෙම පහසුකම අනිවාර්යයෙන් ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් බවයි වාර්තා වන්නේ.**

ඒ සඳහා Sri Lanka Telecommunication Act සහ දුරකථන සමාගම්වල බලපත්‍ර කොන්දේසි යටතේ සෘජු නියෝග නිකුත් කිරීමට TRCSLට හැකියාව පවතින බවද සඳහන්.

📲 සමාගම් අතර පවතින ගැටලු හේතුවෙන් තවදුරටත් ප්‍රමාදයක් සිදුවුවහොත්, පාරිභෝගිකයින් වෙනුවෙන් **ස්ථාවර දුරකථන සේවා පසෙකලා මුලින්ම ජංගම දුරකථන සඳහා පමණක් Number Portability ලබාදීමට** පියවර ගන්නා බවද ප්‍රකාශ කර තිබෙනවා.

🔥 මෙය ක්‍රියාත්මක වුණොත්, ඔබට ඔබේ **පරණ mobile number එක තියාගෙනම network එක මාරු කරන්න** පුළුවන්!

💬 **ඔබට මේ පහසුකම ලැබුණොත්, ඔබේ current network එක මාරු කරනවාද?**

👇 Network එකේ නම comment කරන්න!

උපුටා ගැනීම : TechPulse Daily

Share This Article