අංශක 180ක් පේන – සුපිරි “චීන ඇස” මෙන්න

Mic
By Mic

ඩ්‍රෝන් පදවන අයටයි, රොබෝ තාක්ෂණයට ආදරේ කරන අයටයි මෙන්න සුපිරි ආරංචියක්! 🚀✨

චීනයේ විද්‍යාඥයෝ ටිකක් එකතු වෙලා මැස්සන්ගේ ඇස ආදර්ශයට අරගෙන අමුතුම ජාතියේ පුංචි කැමරා ඇසක් හදලා. මේකේ විශේෂත්වය තමයි අංශක 180ක දැවැන්ත පරාසයක් පේන එක. ඒ විතරක් නෙවෙයි, මේ ඇසට වතුර හරි දූවිලි හරි අල්ලන්නේ නැති වෙන්නයි හදලා තියෙන්නේ. ⛈️🚫

හැබැයි වැඩියෙන්ම හිතාගන්න බැරි වැඩේ තමයි, මේක පාවිච්චි කරලා පරිසරයේ තියෙන ගෑස් වර්ග පවා අඳුරගන්න පුළුවන්ලු! 👃💨 රොබෝවරුන්ට පේනවා වගේම “සුවඳත් දැනෙන” අනාගතයක් ළඟදීම එනවා වගේ.

මේ එක ගැන ඔයාලා මොකද හිතන්නේ? Comment එකක් දාගෙන යන්න. 👇

උපුටා ගැනීම : මුහුණු පොත

Share This Article