අද සිට, ගූගල් සිතියම් ප්‍රධාන මාර්ග (කිලෝමීටර් 12000) පිළිබඳ තොරතුරු විශේෂිත තත්ත්ව ඇඟවීම් 6ක් සමඟ යාවත්කාලීන කර තිබෙනවා.
මෙය සංචාර වඩා හොඳින් සැලසුම් කිරීමට, කාලය ඉතිරි කර ගැනීමට සහ අනපේක්ෂිත රථවාහන තදබදය වළක්වා ගැනීමට විශාල උපකාරයක් වනු ඇති බවයි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසන්නේ.
අමාත්‍යවරයා මේ පිළිබඳව සිය x සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක්ද තබා තිබෙනවා.
මෙම නව විශේෂාංගය මගින් මංතීරු වසා දැමීම් (Lane Closures), ඉදිකිරීම් කටයුතු (Construction) ඇතුළු මාර්ගයේ ඇති විවිධ බාධක සහ තත්වයන් පිළිබඳව ඔබට කල් තියා දැනුම් දෙනු ඇති.
මෙම සේවාව දෙසැම්බර් 31 දක්වා නියමු ව්‍යාපෘතියක් (Pilot Project) ලෙස ක්‍රියාත්මක වෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
උපුටා ගැනීම : Hiru News
