අධිතාක්‍ෂණයෙන් යුත් SINOPEC (X- සීරීස්) මෝටර්සයිකල් ඔයිල් පෙළ ශ්‍රී ලංකාවෙළඳ පොළට හඳුන්වාදෙයි…

Share

ශ්‍රී ලාංකික යතුරුපැදි ධාවකයන්ට නවතම අත්දැකීමක් ලබාදෙමින්, ඉන්ටර්ඕශන් ලුබ්‍රිකන්ට්ස් පුද්ගලික සමාගම නවතම SINOPEC මෝටර්සයිකල් ඔයිල් පෙළක් හඳුන්වාදෙයි.

නවීන තාක්‍ෂණය අනුසාරයෙන් නිෂ්පාදනය කරනු ලබන මෙම SINOPEC X සීරීස් මෝටර්සයිකල් ඔයිල්, අසුරණවල බහාලූ, නිමවූ නිෂ්පාදන ලෙස මෙරටට ආනයනය කරන අතර, මෙම සන්නාමය ජාත්‍යන්තරයේ ඉහළින් පිළිගත් නාමයකි.

මෙම උසස් ලෙස ප්‍රමිතිගත  SINOPEC මෝටර්සයිකල් ඔයිල් පිළබඳව තව දුරටත් කරුණු පැහැදිලි කරමින්, ඉන්ටර්ඕශන්  ලුබ්‍රිකන්ට්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, ජයශාන්ත තොටහේවගේ මහතා මෙසේ පැවසුවේය: “මෙම නවතම  SINOPEC මෝටර්සයිකල් ඔයිල් පෙළ ශ්‍රී ලාංකික වෙළඳ පොළට හඳුන්වා දීම ගැන අපි ප්‍රීතියට පත් වෙනවා. SINOPEC මෝටර්සයිකල් ඔයිල් භාවිතයෙන් ධාවන බලයක්, ජවයක් සහ තෙල් මාරු කිරීමේ අන්තර්වාර කාලය දීර්ඝ කරගැනීම වැනි වාසි සමුදායක් ලබා ගැනීමේ භාග්‍යය ශ්‍රී ලාංකික යතුරුපැදි ධාවකයන්ට උදාවෙනවා.”

අධික උෂ්ණත්වය සහ කටුක ගමන් මාර්ග වැනි මෙරට යතුරුපැදි ධාවකයන්ට මුහුණ දීමට සිදුවන තත්ත්වයන්ට මනාව ඔරොත්තු දෙන පරිදි සැකසුනු SINOPEC මෝටර්සයිකල් ඔයිල්, ජාත්‍යන්තරයේ පිළිගත් නවතම JASO MA2 & MB  තත්ත්වයන්ට අනුගත නිෂ්පාදන වේ. “බොහෝ ආසියාතික රටවල්වල මෙන් ශ්‍රී ලාංකාවේද ජනගහනයෙන් විශාල පිරිසක් ගමනාගමනයටත්, ව්‍යාපාරික කටයුතු සඳහාත් යතුරුපැදි භාවිත කරනවා. මෙරට ‘ඩ්‍රයි ක්ලච්’ සහ ‘වෙට් ක්ලච්’ යන විධි දෙකේම යතුරුපැදි භාවිත වෙනවා. අභියෝගකාරී, දුෂ්කර ධාවනයකට මෙන්ම, දීර්ඝ ගමන් බිමන් සඳහාද SINOPEC මෝටර්සයිකල් ඔයිල් භාවිතයෙන් ලැබෙන අනර්ඝ ක්‍රියාකාරිත්වය සහ විශ්වාසනීයත්වය ඉතා ඉහළයි” යැයි ජයශාන්ත තොටහේවගේ මහතා තව දුරටත් පැවසුවේය.

SINOPEC ලුබ්‍රිකන්ට් සමාගම චීනයේ දෙවැනි විශාලතම බලශක්ති සමාගම වන අතර, ෆෝර්චූන් ග්ලෝබල් 500 හි පස්වැන්නට ලැයිස්තුගත ප්‍රබල ආයතනයක් වේ. එය 2002 වසරේදී චීනයේදී ස්ථාපිත කරන ලද සමාගමකි. එය, චීනයේ විශාලතම ඉහළ පෙළේ එන්ජින් ඔයිල් නිෂ්පාදන සහ අලෙවිකරන සමාගම ලෙස වාර්ෂිකව අසුරන ලද එන්ජින් ඔයිල් ටොන් මිලියන 1.46කට අධික ප්‍රමාණයක් නිපදවීමට ධාරිතාවක් සතු සමාගමකි. SINOPEC නිෂ්පාදන සමූහයට එන්ජින් ඔයිල්, ගියර් ඔයිල්, හයිඩ්‍රොලික් ඔයිල්, ග්‍රීස් වග, සින්තටික් ඔයිල්, ඔටොමැටික් ට්‍රාන්ස්මිෂන් ඔයිල් වර්‍ග, නාවික බෝට්ටු සඳහා ඔයිල් වර්‍ග ඇතුළත් වේ. චීනය තුළ ප්‍රධාන අලෙවි මධ්‍යස්ථාන පහක් සහ ජාත්‍යන්තරව උප මධ්‍යස්ථාන කිහිපයක් ඔස්සේද SINOPEC ක්‍රියාත්මක වේ. ඊට අමතරව, තෙල් සහ ග්‍රීස් මිශ්‍ර කිරීමේ සහ නිෂ්පාදනය කිරීමේ ශාඛා 11ක් චීනය පුරාද, එක් ශාඛාවක් සිංගප්පූරුවේද පිහිටා ඇත. බීජිංහි සහ ශැංහයිහි පිහිටා ඇති ස්වාධීන පර්යේෂණ සහ ප්‍රවර්ධන මධ්‍යස්ථාන හා SINOPEC නිෂ්පාදන, පර්යේෂණ, ගබඩා, ප්‍රවාහන, අලෙවි සහ සේවා අංශයන් කාර්යක්ශම ලෙස අනුබද්ධ කර ඇත.

නවීන තාක්‍ෂණය අනුසාරයෙන් විශේෂිතවූ ලෙස නිපදවන අනර්ඝ ීෂභධඡෑක්‍ මෝටර්සයිකල් ඔයිල් පෙළ එන්ජිමේ කාර්යක්‍ෂමතාවය ඉහළ නංවන අතර, එහි දිගුකල් පැවත්ම තහවුරු කරනවා මෙන්ම, ඝට්ඨන ඌන කර, සුමට සහ ජවසම්පන්න ධාවනයක් ලබා දෙයි.SINOPEC මෝටර්සයිකල් ඔයිල් භාවිතයෙන් ලැබෙන වාසි වනුයේ:
● එන්ජිමට ගෙනදෙන අසමසම කාර්යක්‍ෂමතාවය සහ බලය
● ඝට්ඨන ඌන කිරීම සහ එන්ජිමේ ආයු කාලය දික් කිරීම
● අධික උෂ්ණත්වය සහ දුෂ්කර තත්ත්වයන් යටතේ වුවද උපරිම ආරක්‍ෂාව
● විවිධ මෝටර්සයිකල් වර්‍ග සඳහා උපරිම ක්‍රියාකාරිත්වය

2011 වසරේ සිට ශ්‍රී ලාංකාවේ සහ මාලදිවයිනේ SINOPEC ජාතික නියෝජිත ලෙසද ඉන්ටර්ඕශන් ලුබ්‍රිකන්ට්ස් සමාගම ක්‍රියාකර ඇත. පසුගියදා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ පැවැති උත්සවයකදී නවතම SINOPEC මෝටර්සයිකල් ඔයිල් පෙළ හඳුන්වාදෙන ලදී. එහිදී සිය අලෙවි නියෝජිත සහ බෙදාහරින්නන් අමතමින් ඉන්ටර්ඕශන් ලුබ්‍රිකන්ට්ස් සමාගම කියා සිටියේ ඉදිරියටත් අනර්ඝත්වය සහ නව්‍යකරණය කේන්ද්‍ර කරගෙන වාහන සඳහා නිපදවන නිර්මාණ හඳුන්වා දීමට සිය සමාගම කැප වී සිටින බවයි. විශිෂ්ටත්වය සහ ඉහළ ක්‍රියාකාරිත්වයෙන් යුතු නිෂ්පාදන සැපයීම පන්නරය කරගත් SINOPEC ලුබ්‍රිකන්ට් සමාගමද, වාහන ක්‍ෂෙත්‍රයේ උන්නතිය සඳහා නවීනතම තාක්‍ෂණය උපයෝගි කරගෙන තව තවත් උසස් තත්ත්වයේ නිෂ්පාදන හඳුන්වා දෙමින් ඉදිරියටම යනු ඇත.

ඉන්ටර්ඕශන් ලුබ්‍රිකන්ට්ස් සමාගම සිය අලෙවි නියෝජිත සහ බෙදාහරින්නන් ඔස්සේ SINOPEC මෝටර්සයිකල් ඔයිල් පෙළ වෙළඳ පොළට සපනු ලැඛේ.

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top