ඔයාටත් මොනවා හරි ඇඳගන්න ඕන වුණාම ඒක කැත වෙයි කියලා බයද? එහෙම නැත්නම් ලස්සනට අඳින්න බැරි එක ප්‍රශ්නයක්ද? එහෙනම් මේ Google AI Tool එක ඔයාට මැජික් එකක් වගේ වෙයි!
AutoDraw කියන්නේ ඔයා අතින් අඳින ඉතාම සරල (හැබැයි අවලස්සන) රූපයක්, තත්පරයකින් ඉතාම පිරිසිදු, ලස්සන Drawing එකක් බවට පත් කරලා දෙන සුපිරි වැඩ්ඩෙක්.
ඔයා Artist කෙනෙක් වෙන්න ඕනම නෑ.
Mouse එකෙන් හරි ඇඟිල්ලෙන් හරි පොඩියට ඇන්දත් ඇති!
පාවිච්චි කරන්නේ කොහොමද?
1. autodraw.com වෙබ් අඩවියට යන්න. (කිසිම දෙයක් ඉන්ස්ටෝල් කරන්න ඕන නෑ).
2. ඔයාට අඳින්න ඕන දේ පෑනෙන් අඳිනවා වගේ නිකමට ඇඳලා බලන්න.
3. එතකොට AI එකෙන් ඔයා අඳින්න උත්සාහ කරපු දේ තේරුම් අරගෙන, උඩින් ලස්සන Drawings ටිකක් Suggest කරයි.
4. ඒ අතරින් ඔයාට කැමති එක Select කරලා Download කරගන්න!
ඇයි AutoDraw පාවිච්චි කරන්නේ?
• Drawing Skills ඕන නෑ: අඳින්න බැරි අයට තියෙන හොඳම විසඳුම මේකයි.
• තත්පරයෙන් Icons: ඔයාගේ Presentation වලට හෝ නෝට්ස් වලට අවශ්‍ය රූප තත්පර ගාණකින් හදාගන්න පුළුවන්.
• සම්පූර්ණයෙන්ම නොමිලේ: Google වෙතින් දෙන මේ සේවාව ඕනෑම කෙනෙක්ට 100% Free පාවිච්චි කරන්න පුළුවන්.
කාටද මේක වැඩියෙන්ම වටින්නේ?
ශිෂ්‍යයන්ට: ඉස්කෝලේ හෝ යුනිවර්සිටි ප්‍රොජෙක්ට් වලට අවශ්‍ය Diagrams ලස්සනට ඇඳගන්න.
ව්‍යාපාරිකයන්ට: සෝෂල් මීඩියා පෝස්ට් හෝ පෝස්ටර් වලට අවශ්‍ය Icons ලේසියෙන් හදාගන්න.
ගුරුවරුන්ට: පාඩම් වලට අවශ්‍ය රූප සටහන් පැහැදිලිව සහ ආකර්ෂණීයව නිර්මාණය කරගන්න.
ඕනෑම කෙනෙකුට: තමන්ගේ අදහසක් රූපයකින් පෙන්වන්න අවශ්‍ය වුණාම පාවිච්චි කරන්න.
මේකෙන් ලැබෙන වාසි:
• කාලය ඉතිරි වෙනවා.
• ඔයාගේ නිර්මාණශීලීත්වය (Creativity) වැඩි වෙනවා.
• ලස්සනට අඳින්න බැරි වුණත් ඕනෑම දෙයක් ඇඳගන්න පුළුවන් කියන විශ්වාසය ඇති වෙනවා.
AutoDraw කියන්නේ “අඳින්න බැරි අයට AI එකෙන් දෙන අතක්” වගේ වැඩක්! ![]()
උපුටා ගැනීම : මුහුණු පොත ( AI Tools සිංහලෙන් )
