ශ්‍රී ලංකාවට සාපේක්ෂව ලෝකයේ බොහෝ රටවල් විවිධ තාක්ෂණික අංශ වලින් ඉතා වේගයෙන් ඉදිරියට ගොස් තිබෙනවා. මේ තාක්ෂණික උපකරණ භාවිතය ගැන පමණක් ඇති තත්වයක් නෙවෙයි. මේ වෙද්දී තාක්ෂණයේ භාවිතය රටක සමස්ත ආර්ථිකය සහ ජන ජීවිතය මෙහෙයවන ප්‍රධාන සාධකය බවට පත් වෙලා තියෙනවා.
ශ්‍රී ලංකාවට වඩා වෙනත් රටවල් තාක්ෂණයෙන් ඉදිරියෙන් සිටින ප්‍රධාන අංශ කිහිපයක් ගැන අද අපි කතා කරමු.
1. අධ්‍යාපනය සහ පර්යේෂණ අංශය
දියුණු රටවල් තමන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා වෙන් කරනවා. ඒ යටතේ ඇමරිකාව, ජපානය සහ දකුණු කොරියාව වැනි රටවල් පාසල් මට්ටමේ සිටම කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වැනි විෂයන් ප්‍රායෝගිකව උගන්වනු ලබනවා.
2. ඩිජිටල් රාජ්‍ය පාලනය (E-Governance)
බොහෝ රටවල යම් කාර්යයක් කර ගැනීම වෙනුවෙන් රජයේ ආයතන වලට පෞද්ගලිකව යාම අවශ්‍ය නැත. ඔන්ලයින්ම එය කර ගත හැකි වන තරමට තාක්ෂණය දියුණුය.
එස්තෝනියාව වැනි රටවල් ඡන්දය ප්‍රකාශ කිරීමේ සිට ඉඩම් ලියාපදිංචිය දක්වා සියලුම දේ අන්තර්ජාලය හරහා ඉතා ඉක්මන්ව සහ ආරක්ෂිතව සිදු කරණු ලබනවා. මෙයින් වංචා දූෂණය සහ කාලය නාස්ති වීම අවම වෙනවා.
3. මූල්‍ය තාක්ෂණය (FinTech)
ලංකාවේ බොහෝ දෙනෙක් තවමත් වැඩිපුර භාවිතා කරන්නේ මුදල් නෝට්ටු සහ කාසි වේ. නමුත්, චීනය සහ සිංගප්පූරුව වැනි රටවල් ‘Cashless’ හෙවත් මුදල් රහිත ගනුදෙනු වලට සම්පූර්ණයෙන්ම වාගේ මාරු වී අවසන්. සාමාන්‍ය වෙළෙන්දන් මෙන්ම විශාල ව්‍යාපාරිකයන්ද සිය ව්‍යාපාරික කටයුතු සඳහා QR කේත සහ ඩිජිටල් පසුම්බි (Digital Wallets) ආදිය භාවිත කරණු දැක ගත හැකිය.
4. ප්‍රවාහනය සහ යටිතල පහසුකම්
තාක්ෂණයෙන් ඉදිරියෙන් සිටින බොහෝ රටවල් පොදු ප්‍රවාහනය සඳහා අධිවේගී දුම්රිය (Bullet Trains) සහ ස්වයංක්‍රීය මෝටර් රථ (Self-driving cars) හඳුන්වා දී තිබෙනවා.
නෝර්වේ වැනි රටවල් ඉන්ධන භාවිතයෙන් ඉවත් වී, විද්‍යුත් වාහන (EV) වෙත මාරු වී තිබෙනවා. මෙහිඔදී ස්මාර්ට් තාක්ෂණය යොදා ගැනෙන අතර එය පරිසර හිතකාමී වාහන විසඳුමක්ද වී තිබෙනවා.
5. නිෂ්පාදන ක්ෂේත්‍රය සහ රොබෝ තාක්ෂණය
ජර්මනිය සහ ජපානය වැනි රටවල් කර්මාන්තශාලා තුළ මිනිස් ශ්‍රමය වෙනුවට ඉතා දියුණු රොබෝ යන්ත්‍ර සහ ස්වයංක්‍රීය පද්ධති (Automation) භාවිත කරන බව වාර්තා වී තිබෙනවා. මෙයින් නිෂ්පාදන ධාරිතාව ඉහළ යනවා. තාක්ෂණය යොදාගෙන නිෂ්පාදන කටයුතු කිරීමේදී වැරදීමට ඇති ඉඩකඩ අඩු වන නිසා නිරවද්‍යතාවය ඉහළ යනවා.
සමහර නිෂ්පාදන ආයතන වල නිෂ්පාදන කටයුතු සඳහා මිනිස් ශ්‍රමය යොදා යොදා ගැනීම අනතුරුදායක වන අවස්ථා තිබෙනවා. මෙවැනි අනතුරුදායක කර්මාන්ත ශාලාවල වැඩ කරන සේවකයන් අනතුරට පත් වීමෙන් සිදුවන අවාසිය මග හරවා ගැනීමේ අරමුණින් ඔවුන් රොබෝ තාක්ෂණය යොදා ගෙන නිෂ්පාදන කටයුතු සිදු කරනවා. දවසේ පැය 24 පුරාම අඛණ්ඩව නිෂ්පාදන කටයුතු සිදු කළත් රෝබෝවරුන්ට වෙහෙසක් දැනෙන්නේ නැහැ. මෙය දිගුකාලීනව නිෂ්පාදන පිරිවැය අඩු කිරීමටත්, ජාත්‍යන්තර වෙළඳපොළ තුළ වැඩි තරඟකාරීත්වයක් හිමි වීමටත් හේතු වී තිබෙනවා.
ශ්‍රී ලංකාව මෙම මට්ටමට පැමිණීමට නම් රජය සහ සන්නිවේදන ආයතන ඒකාබද්ධ වී අධිවේගී අන්තර්ජාල පහසුකම් දිවයින පුරා ව්‍යාප්ත කිරීම කළ යුතුය. රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීමට පියවර ගත යුතුය. තරුණ පරපුරට නවීන තාක්ෂණික කුසලතා (Coding, Data Science, AI) පිළිබඳ දැනුම ලබා දීම කළ යුතුය.
උපුටා ගැනීම: techexpert
