අභිරහස් චීන AI එකක් ලෝකෙම හොල්ලයි! ඒ අස්සේ හැකර්ලා ටෙරාබයිට් 1000ක ඩේටා උස්සලා…

Mic
By Mic

මේ 2026 මාර්තු මාසේ ටෙක් ලෝකෙට හරිම අමුතු මාසයක්. එක පැත්තකින් කවුද හැදුවේ කියලා නැති පට්ටම පවර්ෆුල් AI එකක් අන්තර්ජාලයට ලීක් වෙලා. අනිත් පැත්තෙන් ලෝකේ දැවැන්තම සයිබර් ප්‍රහාරයක් දියත් වෙලා..

1. කවුද මේ අභිරහස් “Hunter Alpha” AI එක?

පහුගිය මාර්තු 11 වෙනිදා, ‘OpenRouter’ කියන AI ප්ලැට්ෆෝම් එකට එකපාරටම අලුත් AI මොඩල් එකක් ආවා. නම “Hunter Alpha”. මේක හැදුවේ කවුද කියලා කිසිම විස්තරයක් නෑ. හැබැයි මේක අමුවෙන්ම නොමිලේ පාවිච්චි කරන්න දීලා තිබ්බා.

පට්ටම පවර්ෆුල් මේකෙ පැරාමීටර්ස් ට්‍රිලියන 1ක් (1 Trillion) සහ ටෝකන් මිලියන 1ක මතක ධාරිතාවක් (Context Window) තියෙනවා. මේ වගේ බලයක් තියෙන්නේ ලෝකේ තියෙන සුපිරිම AI වලට විතරයි.

මේකෙන් ප්‍රශ්න අහද්දි මේක කියනවා “මම චීන AI එකක්” කියලා. ඒ වගේම මේකට දීලා තියෙන ඩේටා 2025 මැයි වෙනකන් විතරයි තියෙන්නේ. මේ දේවල් නිසා ගොඩක් අය සැක කරන්නේ මේක චීනයේ DeepSeek සමාගමේ ඊළඟට එන්න තියෙන “DeepSeek V4” එකේ රහසිගත ටෙස්ට් එකක් කියල.

ඇයි මෙහෙම හැංගිලා රිලීස් කරන්නේ? මේක දැන් ලෝකේ අලුත්ම ට්‍රෙන්ඩ් එකක් වගේ. AI කම්පැනි තමන්ගේ අලුත්ම AI එකේ නම වෙනස් කරලා මිනිස්සුන්ට පාවිච්චි කරන්න දෙනවා. එතකොට කිසිම රිස්ක් එකක් නැතුව මිනිස්සුන්ගෙන් නොමිලේම ඒක ටෙස්ට් කරගන්න පුළුවන්.

☠️ 2. ලෝක ඉතිහාසයේ දැවැන්තම ඩේටා හොරකම! (Telus Digital Breach)

අර AI යුද්ධය අස්සේ කැනඩාවේ දැවැන්ත ටෙලිකොම් සමාගමක් වෙන ‘Telus’ එකේ ඩිජිටල් අංශයට හැකර්ලා රිංගලා… ‘ShinyHunters’ කියන හැකර් ගෲප් එක කියනවා උන් Telus එකෙන් සහ ඒකේ ක්ලයන්ට්ස්ලගෙන් පෙටාබයිට් 1ක (1 PB) ඩේටා හොරකම් කළා කියලා. (පෙටාබයිට් 1ක් කියන්නේ ටෙරාබයිට් 1000ක්)

මුන් කෙලින්ම Telus එකට හැක් කරලා නෑ. වෙන තැනකින් ලීක් වුණු කස්ටමර් සපෝට් ඩේටා වගයකින් Telus එකේ Google Cloud පාස්වර්ඩ් එකක් හොයාගෙන.ඒකෙන් ඇතුළට පැනලා Telus එකේ තිබ්බ අතිවිශාල ‘BigQuery’ ඩේටාබේස් එකට රිංගලා.

ඊටපස්සේ “Trufflehog” කියන ටූල් එකක් දාලා, ඒ ඩේටා අස්සේ හැංගිලා තිබ්බ තව පාස්වර්ඩ් හොයාගෙන මුළු සිස්ටම් එකටම විදලා…

දැන් මුන් ඩොලර් මිලියන 65ක් කප්පම් ඉල්ලුවත්, Telus සමාගම කියන්නේ උන්ගෙ සීමිත සිස්ටම් කිහිපයකට විතරයි හැකර්ලා කෙලියෙ, කෝල් සහ ඉන්ටර්නෙට් සේවාවලට කිසිම බලපෑමක් නෑ කියල.

3. මේ සයිබර් ඇටෑක් වලට AI සම්බන්ධ වෙන්නේ කොහොමද?

2026 වෙද්දී හැකර්ලා AI පාවිච්චි කරනවා,

ඔටෝමැටික් හැකින් : AI වලට පුළුවන් තත්පර ගාණෙන් සිස්ටම් වල තියෙන දුර්වලතා හොයාගෙන ඒවා කඩන්න අලුත්ම කේත (Exploits) ලියන්න.

පට්ටම ස්පීඩ් : ඉස්සර හැකර් කෙනෙක් ඇතුළට පැනලා ඩේටා ගන්න පැය ගාණක් ගියා. දැන් AI එකක් පාවිච්චි කරලා මුන් තත්පර ගාණෙන් මුළු සිස්ටම් එකම අල්ලගන්නවා.

2026 කියන්නේ AI ලෝකය හදනවා වගේම, AI පාවිච්චි කරලා ලෝකය විනාශ කරන්නත් පුළුවන් භයානකම අවුරුද්දක්!….

උපුටා ගැනීම: Tech Sona

Share This Article