අලුතින් හඳුන්වාදෙන Multi step tasks සමඟින් Google Gemini Apple Siri අභිබවා යාමට සූදානම් වේ

Mic
By Mic

Google විසින් ඔවුන්ගේ Gemini AI හරහා ජංගම දුරකථන වල multi step tasks එනම් ආහාර ඇණවුම් කිරීම වැනි දෑ ස්වයංක්‍රීයව සිදුකළ හැකි නව පහසුකමක් නිවේදනය කර ඇත. මෙය මුලින්ම Pixel 10 කාණ්ඩයේ සහ Samsung Galaxy S26 දුරකථන සඳහා නිකුත් වේ.

මෙහිදී Gemini හට පණිවිඩ හුවමාරු කියවා අවශ්‍ය දේ තේරුම් ගෙන අදාල delivery app එක හරහා ඇණවුම සකස් කළ හැක. ඉන්පසු පරිශීලකයාට එය තහවුරු කළ හැක. මෙම පහසුකම beta සංස්කරණයක් ලෙස නිකුත් වන අතර, දැනට සහය දක්වන්නේ තෝරාගත් rideshare සහ food apps කිහිපයකට පමණි.

Apple සමාගම 2024 වසරේදී Siri සඳහා මෙවැනි පහසුකම් හඳුන්වා දෙන බව පැවසුවද ඔවුන් එය ප්‍රමාද කර ඇත. ඒ අනුව මෙම නව agentic AI පහසුකම් සමගින් Google සමාගම තාක්ෂණික තරගයෙන් Apple අභිබවා යාමට සමත්ව ඇති බව පෙනෙන්නට තිබේ.

උපුටා ගැනීම : Techie Instants

Share This Article