අවුරුදු ගාණක් බලන් හිටපු ඒ සුපිරි Gmail අප්ඩේට් එක මෙන්න!

Mic
By Mic


🚨 (හරි නැති පරණ Gmail නමක් තියෙන අයට නියම චාන්ස් එකක්! 🤩)

මතකනේ ඉස්සර අපි මුලින්ම හදපු Gmail එකේ නම ජීවිත කාලෙටම ඒකමයි. පොඩි කාලේ ආසාවට දාපු විකාර නම් (උදාහරණයක් විදිහට: [email protected] වගේ 😅) පස්සේ කාලෙක ජොබ් එකකට CV එකක් දාද්දි පවා පාවිච්චි කරන්න ලැජ්ජයි නේද? හැබැයි අලුත් Account එකක් හදන්න කම්මැලි නිසා අපි ඒකම පාවිච්චි කරා.

ඔන්න ඉතින් Google ලා අන්තිමට ඒකට සුපිරිම විසඳුමක් ගෙනල්ලා තියෙනවා! 🎉

දැන් එයාලා අලුත් අප්ඩේට් එකක් රිලීස් කරන්න පටන් අරන් තියෙනවා. ඒකෙන් ඔයාට අලුත් Account එකක් හදන්නේ නැතුව, තියෙන Data මොකුත් නැති කරගන්නේ නැතුව ඔයාගේ දැනට තියෙන Gmail Address එක (ඒ කියන්නේ “@gmail.com” එකට කලින් තියෙන ඔයාගේ නම) ලේසියෙන්ම වෙනස් කරගන්න පුළුවන්. 🤯🔥

එතකොට මගේ පරණ Emails, Drive, Photos වලට මොකද වෙන්නේ? 🤔 කිසිම ප්‍රශ්නයක් නෑ! ඔයාගේ පරණ Emails, Google Drive ෆයිල්ස්, Photos, සබ්ස්ක්‍රිප්ෂන්ස් වගේ කිසිම දෙයක් නැතිවෙන්නේ නෑ. ඒ ඔක්කොම එහෙම්මම ආරක්ෂිතව තියෙනවා. වෙනස් වෙන්නේ ඔයාගේ Email එකේ නම විතරයි. 📂✅

එතකොට පරණ එකට එන මැසේජ් මට එන්නේ නැති වෙයිද? 📩 බය වෙන්න එපා ! ඔයා නම වෙනස් කරාට පස්සේ අලුත් Email එක තමයි ඔයාගේ ප්‍රධාන Login එක වෙන්නේ. හැබැයි ඔයාගේ පරණ Email එක මැකිලා යන්නේ නෑ. ඒක “Alias” එකක් විදිහට Account එකටම ලින්ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ කවුරුහරි පරණ Email එකට මැසේජ් එකක් දැම්මත්, ඒක කෙලින්ම එන්නේ ඔයාගේ අලුත් Inbox එකටමයි! කිසිම දෙයක් මිස් වෙන්නේ නෑ. 🚀

ලැජ්ජ හිතෙන Email නම් තියෙන යාළුවන්ටත් මේ සුපිරි ආරංචිය දැනගන්න අනිවාර්යයෙන්ම මේ පෝස්ට් එක Share කරන්න! 👇

උපුටා ගැනීම : Review By Sankalpa

Share This Article