ආරක්ෂිතව හෙඩ්ෆෝන් සහ ඉයර්බඩ් භාවිතා කරන්නේ කෙසේද?

Mic
By Mic

ඔබත් සංගීතයට සවන් දීමට හෝ ඕඩියෝය පොත්වලට සවන් දීමට, රූපවාහිනිය හෝ චිත්‍රපට නැරඹීමට හෙඩ්ෆෝන් හෝ ඉයර්බඩ් භාවිතා කරනවාද? එය අන් අයට බාධා නොකර විනෝද වීමට ඇති හොඳ ක්‍රමයක්. විශේෂයෙන්ම ඔබ පිරිසක් සමඟ එකම ස්ථානය ජිවත් වන කෙනෙක් නම් ඔබට සංගීතයට සවන් දීම අන් අයට බාධා ඇති වන පරිදි කල නොහැකියි. මෙවැනි අවස්තා වලදී හෙඩ්ෆෝන් හෝ ඉයර්බඩ් ඔබේ සහයට පැමිණෙනවා.

හැබැයි හෙඩ්ෆෝන් සහ ඉයර්බඩ් භාවිතය නිසා ඔබේ කන් වලට හානි සිදු වෙන්න පුළුවන්. මේ නිසා  හෙඩ්ෆෝන් හෝ ඉයර්බඩ් භාවිතා කිරීමේදී ශබ්දය පාලනය කිරීම ගොඩක් වැදගත්. ඔබ සවන් දෙන ගීතයේ හෝ වීඩියෝ එකේ ශබ්දය වැඩි වන තරමට කන් වලට හානි වීමේ අවදානම වැඩි වෙනවා. විශේෂයෙන්ම අධික ශබ්දවලට සවන් දීමෙන් අභ්‍යන්තර කනට හානි වෙන්න පුළුවන්. 

උදා: ඩෙසිබල් 85 ට වඩා වැඩි ශබ්දයකින් දිගු වේලාවක් සංගීතයට සවන් දීම ස්ථිර ශ්‍රවණාබාධයකට හේතු විය හැකියි.  

විවිධ ඩෙසිබල් මට්ටම්වලට සවන් දීමෙන් ඔබේ ශ්‍රවණයට හානි වීමට කොපමණ කාලයක් ගතවේද යන්න පිළිබඳව ඔබ දැන සිටීම වැදගත්ය. 

  • ඩෙසිබල් 86 ක ශබ්දයකට පැය හයා මාරක් සවන් දීමෙන් ඔබේ ශ්‍රවණයට හානි වෙනවා. බොහෝ විට කෙනෙක් මහා මාර්ගයේ ගමන් කරන විට මෙවැනි කාල සීමාවක් සංගීතයට සවන් දීම සඳහා යොදවන බව සනාථ වී තිබෙනවා.
  • ඩෙසිබල් 92 ක සංගීතයකට පැය එකහා මාරක් පමණ සවන් දීමෙන් ශ්‍රවණ පද්ධතියට හානි විය හැකිය. බොහෝ විට අධිවේගී මාර්ගයේ ගමන් කරන අතරතුර මෙවැනි කාල සීමාවක් තුල ඔබ සංගීතයට සවන් දීමට පෙළඹෙනු ඇත. 
  • ඩෙසිබල් 95ක නාදයකට මිනිත්තු 45ක් තිස්සේ  සවන් දීමෙන් ශ්‍රවණ පද්ධතියට හානි විය හැකිය. ඔබ සිටිනා තැනට අඩි 50ක් දුරින් ජැක්හැමර් එකකින් නැඟෙන නාදය මෙයට උදාහරණ ලෙස දෙන්න පුළුවන්. 
  • ඩෙසිබල් 101 ක ශබ්දයකට විනාඩි 12ක් තිස්සේ සවන් දීමට සිදු වීම ශ්‍රවණ පද්ධතියට හානි කල හැකියි.  ඔබට අඩි 3ක් ඈතින් ඩ්‍රිල් එකක් ක්‍රියාත්මක වීමේදී නැගෙන නාදය මෙයට උදාහරණ ලෙස දැක්විය හැකියි. 
  • ඩෙසිබල් 113ක නාදයකට මිනිත්තුවකට අඩු කාලයක් තුල සවන් දීමෙන් පවා ශ්‍රවණ අබාධ ඇති වෙන්න පුළුවන්. බල කියතකින් හෝ රොක් ප්‍රසංගයකින් නැගෙන නාදය මෙයට උදාහරණ ලෙස දැක්විය හැකියි. 

එකම ස්ථානයක විවිධ පුද්ගලයන් විවිධ සංගීතයන්ට සවන් දීම නිසාද අධික ඝෝෂාකාරී නාදයක් නිකුත් වේ. එයද ශ්‍රවණ පද්ධතියට ගැටළු ඇති කරවන්න හේතු වෙනවා. මේ නිසා එයට විසඳුම ලෙස හෙඩ්ෆෝන් සහ ඉයර්බඩ් ඉදිරිපත් කල හැකියි. නමුත් අනවශ්‍ය ලෙස ශබ්දය වැඩි කර සවන් දීමට යාමද ඝෝෂාකාරී වන අතර දෙසවනේ සෞඛ්‍ය තත්වයට හානි කරයි. ඉයර් ෆෝන් එක හරහා සවන් දීමේදී හෝ එය දෙසවනින් ගැලවීමේදී කණේ වේදනාවක් හට ගන්නේ නම් එය ඔබේ ශ්‍රවණ පද්ධතියට හානි වෙමින් පවතින බව හඳුනා ගන්නට සලකුණකි.

එය දිගු කාලීන ස්ථිර ශ්‍රවණාබාධයකට මඟ පාදන්නට ඉඩ ඇත. 

මේ සඳහා විසඳුම් 

  • ඉයර්බඩ් වෙනුවට හෙඩ්ෆෝන් භාවිතා කිරීම. ඒවා කන් බෙරයට සමීප නොවන නිසා හානි වන ප්‍රමාණය අඩුය.
  • ශබ්ද පරිමාව 70% ට වඩා වැඩි නොවන ලෙස සකසන්න.
  • වැඩි වේලාවක් භාවිතයෙන් වලකින්න. 60/60 රීතිය භාවිතා කරන්න. විනාඩි 60 ක් සඳහා 60% ක ශබ්ද පරිමාවකින් සවන් දෙන්න. ඉන් අනතුරුව අවම වශයෙන් විනාඩි 30 ක විවේකයක් ගන්න.

ඇසීම නැති වූ පසු, එය නැවත ලබා ගත නොහැකි නිසා අද සිටම ඔබේ ශ්‍රවණ පද්ධතිය ආරක්ෂා කර ගැනීමට පියවර ගන්න. ඒ සඳහා හෙඩ්ෆෝන් සහ ඉයර්බඩ් භාවිතය ආරක්ෂාකාරීව සිදු කරන්න.

උපුටා ගැනීම: tech expert

Share This Article