ඉදිරි අනාගතයේදී මිනිසුන් භාණ්ඩ මිලදී ගන්නා ආකාරය කෘත්‍රිම බුද්ධිය (AI) මගින් සම්පූර්ණයෙන්ම වෙනස් කරනු ඇති බව ගූගල් ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි පවසනවා.මේ සඳහා පදනම සකස් කරමින්, ගූගල් සමාගම විසින් “Universal Commerce Protocol” (UCP) නමින් නව විවෘත ප්‍රමිතියක් හඳුන්වා දී තිබෙනවා.
මෙම නව තාක්ෂණය හරහා AI Agentsලා හට සාප්පු සවාරි ක්‍රියාවලියේ සෑම පියවරකදීම එකිනෙකා සමඟ පහසුවෙන් සන්නිවේදනය කිරීමට හැකියාව ලැබෙනු ඇති.
UCP යනු විවිධ වෙළෙඳ වේදිකාවල සිටින AI පද්ධතිවලට එකම භාෂාවකින් කතා කිරීමට ඉඩ සලසන නව ක්‍රමයක්.
ඒ අනුව, Gemini app එක හෝ AI Mode හරහා වෙනත් වෙබ් අඩවිවලට නොගොස් සෘජුවම භාණ්ඩ මිලදී ගැනීම හැකියාව ලැබෙනවා.
මෙම ව්‍යාපෘතිය සඳහා Shopify, Etsy, Wayfair, Target සහ Walmart වැනි ලොව ප්‍රමුඛ පෙළේ වෙළෙඳ සමාගම් ගූගල් සමග අත්වැල් බැඳගෙන සිටිනවා.
සුන්දර් පිචායි පෙන්වා දෙන්නේ මෙමගින් පාරිභෝගිකයාට වඩාත් පෞද්ගලිකවූත්, වේගවත්වූත් අත්දැකීමක් හිමිවන බවයි.
AI Agentsලා හට භාණ්ඩයක විස්තර, මිල, එය පවතින්නේද යන්න (Availability) සහ ගෙවීම් පද්ධති වෙත සෘජුව ප්‍රවේශ විය හැකි බැවින්, අතරමැදි බාධාවකින් තොරව ගනුදෙනුව අවසන් කළ හැකියි.
උපුටා ගැනීම : Hiru News
