සෙල්සියස් අංශක 800ක රස්නෙට වුනත් ඔරොත්තු දෙන සුපිරි රොබෝ කෙනෙක්! ![]()
සෙල්සියස් අංශක 800ක රස්නයක් කියන්නේ කොහොමද ගිනි කන්දක් ළඟට ගියා වගේ නේද? අන්න ඒ වගේ මිනිස්සුන්ට කිට්ටු වෙන්නවත් බැරි, තත්පරෙන් අළු වෙලා යන දරුණු ගිනිගැනීම් නිවන්න Hyundai එකෙන් අලුත්ම රොබෝ කෙනෙක්ව එළියට දාලා තියෙනවා. ![]()
![]()
විශේෂයෙන්ම රසායනික කම්හල් වල, ලොකු ෆැක්ටරි වල එහෙම ගිනිගැනීම් ඇතිවුණාම අපේ ගිනි නිවන භටයින්ට ඒකට කිට්ටු වෙන්න අමාරුයි, ඒක ලොකු ජීවිත අවදානමක්. අන්න ඒ වගේ වෙලාවට ගේමට බහින්න තමයි Hyundai Motor Group එකෙන් මේ යෝධයාව හදලා තියෙන්නේ. ![]()
මේකේ තියෙන සුපිරිම වැඩ කෑලි ටික තමයි:
ගින්නට ඔරොත්තු දෙන බොඩිය: හදලා තියෙන්නෙත් ලේසියෙන් දියවෙන්නේ නැති, ගින්නට ඔරොත්තු දෙන සුපිරිම මැටීරියල් වලින්.
රිමෝට් කන්ට්රෝල්: අපිට තියෙන්නේ ඈතට වෙලා සේෆ් පිට රිමෝට් එකෙන් ගේම ගහන්න විතරයි. රොබෝ ගින්න මැද්දට යනවා.
කැමරා සහ සෙන්සර්: මේ රොබෝගේ ඇඟේ කැමරා, තර්මල් සෙන්සර් (Thermal imaging) සේරම ෆිට් කරලා තියෙනවා. ඒ නිසා දුම අස්සෙත් ගින්න වැඩිපුරම තියෙන තැන් හොයාගෙන ඒකටම ගහන්න මේකට පුළුවන්.
තාක්ෂණේ දියුණුවත් එක්ක ඉස්සරහට මේ වගේ වැඩ නිසා ගිනි නිවන භටයින්ගේ ජීවිත කොච්චර නම් බේරෙයිද නේද? මොකද හිතෙන්නේ මේ ගැජට් එක ගැන? කමෙන්ට් එකක් දාගෙනම යමු! ![]()
![]()
උපුටා ගැනීම : Review By Sankalpa
