Artificial Intelligence සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය තාක්ෂණයන් සහ සැපයුම් දාම ආරක්ෂා කිරීම වෙනුවෙන් ඇමෙරිකාව ඇතුළු රටවල් 10ක් නොවැම්බර් 15 වැනිදා San Francisco Declaration නමින් විශේෂ එකඟතාවකට අත්සන් තබා තිබෙනවා. ඇමෙරිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජපානය, දකුණු කොරියාව, ඊශ්‍රායලය, බ්‍රිතාන්‍යය, සිංගප්පූරුව, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඊට එක්වී තිබෙනවා. ඇමෙරිකාව 2025දී ආරම්භ කළ Pax Silica වැඩසටහන යටතේ මෙම එකඟතාව ඇතිකරගෙන තිබෙන අතර, AI Chips, අත්‍යවශ්‍ය ඛනිජ සම්පත්, AI Models සහ තාක්ෂණික යටිතල පහසුකම් සඳහා ආරක්ෂිත සැපයුම් දාම ගොඩනැගීම එහි ප්‍රධාන අරමුණයි.
මෙම වැඩපිළිවෙළ යටතේ ඒකාබද්ධ තාක්ෂණික ව්‍යාපෘති, අපනයන පාලනය, AI ආරක්ෂාව සහ ආයෝජන සම්බන්ධයෙන් සහයෝගීතාව පුළුල් කිරීමට අපේක්ෂා කරනවා. ජර්මනිය, ස්වීඩනය, නෙදර්ලන්තය සහ යුරෝපා කොමිසමද ලබන සතියේ මෙම එකඟතාවට එක්වීමට නියමිත බව Financial Times වාර්තා කරනවා.
මෙහි භූදේශපාලනික වැදගත්කම වන්නේ AI තරගය හුදෙක් වඩාත් ප්‍රබල AI Models නිර්මාණය කිරීමේ තරගයකින් ඔබ්බට ගොස් අර්ධ සන්නායක, ඛනිජ සම්පත්, විදුලිබලය සහ නිෂ්පාදන සැපයුම් දාම පාලනය කිරීමේ තරගයක් බවට පත්වීමයි. මෙම හවුල්කාරිත්වය හරහා චීනය මත පවතින තාක්ෂණික සහ අමුද්‍රව්‍ය රඳාපැවැත්ම අඩුකර ගැනීමට ඇමෙරිකාව උත්සාහ කරන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අනාගතයේදී ගෝලීය AI සැපයුම් දාම එකිනෙකට වෙනස් භූදේශපාලනික කඳවුරු වටා සංවිධානය වීමේ හැකියාවක් පවතිනවා.
Red Bunny
