ටෝකන් මිලියනයක දැවැන්ත Context එකක් එක්ක එන Gemini 3.7 Flash සහ ඔයාගේ වැඩ ඔක්කොම කරලා දෙන “Gemini Spark” Personal Agent!

Mic
By Mic

අද Google සමාගම AI ලෝකය හොලවලා දාන පට්ටම අප්ඩේට් එකක් නිල වශයෙන් එළියට දැම්මා. එයාලගේ අලුත්ම “Gemini 3.7 Flash” AI මොඩල් එක වගේම, ඒක පාදක කරගෙන වැඩ කරන “Gemini Spark” කියන 24/7 Personal AI Agent ව රටවල් 160කට වැඩි ගණනකට රිලීස් කරලා තියෙනවා. මේක නිකන්ම නිකන් චැට්බොට් අප්ඩේට් එකක් නෙමෙයි; කෝඩින් කරන අයට, ඔෆිස් වැඩ කරන අයට සහ AI පාවිච්චි කරන හැමෝටම වැඩ ලේසි කරගන්න ආපු සුපිරිම පෙරළියක්.

1. Gemini 3.7 Flash කියන අලුත් මෘගයා!..

Gemini 3.7 Flash එකේ තියෙන ලොකුම විශේෂත්වය තමයි මේකට ටෝකන් මිලියනයක් දක්වා දැවැන්ත Context Window එකක් තියෙන එක. ඒ වගේම එකපාර එළියට දෙන Output එක ටෝකන්ස් 64,000 දක්වා වැඩි කරලා තියෙනවා. මේ නිසා දැවැන්ත කෝඩින් රිපොසිටරි (Codebases), පිටු දහස් ගාණක Legal ඩොකියුමන්ට්ස්, ලොකු PDF ෆයිල්ස් එකපාර දීලා කිසිම ලැග් එකක් නැතුව ඇනලයිස් කරගන්න පුළුවන්. Artificial Analysis ටෙස්ට් වලට අනුව මේක දිගු ඩොකියුමන්ට්ස් කියවීමේදී Claude Sonnet 5 සහ GPT-5.6 Terra පවා පරද්දලා 97% ක නිරවද්‍යතාවක් පෙන්නුම් කරලා තියෙනවා.

2. ඩිවලොපර්ස්ලට පිස්සු හැදෙන වාසියක්!

Google ලා මේ අලුත් මොඩල් එකේ API එක දෙන්නේ කලින්ට වඩා 50% ක් අඩු Introductory Price එකකට. ඒ අනුව Input Tokens මිලියනයකට ඩොලර් 0.75ක් සහ Output Tokens මිලියනයකට ඩොලර් 3.75ක් වගේ ඉතාම අඩු ගාණක් තමයි අය වෙන්නේ. ඒ මදිවට මේකට “Context Caching” කියන සුපිරි තාක්ෂණය ඇතුළත් කරලා තියෙනවා. ඒ කියන්නේ ලොකු කෝඩ් බේස් එකක් එකපාරක් අප්ලෝඩ් කරාම, ආයේ ආයේ ඒකෙන් වැඩ ගනිද්දී මුල් ගාණෙන් දහයෙන් එකක් ($0.075 per 1M) වගේ පොඩි වියදමකින් මුළු ප්‍රොජෙක්ට් එකම රන් කරගන්න පුළුවන්.

3. ඔයා වෙනුවෙන් පැය 24ම වැඩ කරන “Gemini Spark”

මේ ඉවෙන්ට් එකේ ආපු සුපිරිම දේ තමයි Gemini Spark. මේක නිකන්ම ප්‍රශ්න වලට උත්තර දෙන බොට් කෙනෙක් නෙමෙයි, Google One AI Pro සහ Ultra සබ්ස්ක්‍රිප්ෂන් තියෙන අයට ලැබෙන Cloud-Based Personal Agent කෙනෙක්. මේකට ඔයා වෙනුවෙන් ඔයාගේ Gmail ඉන්බොක්ස් එක චෙක් කරලා වැදගත් ඊමේල් වලට රිප්ලයි ලියන්න, Google Docs / Sheets වල දත්ත සකස් කරන්න, ඒ වගේම Canva, Instacart වගේ තර්ඩ්-පාටි ඇප්ස් එක්ක සම්බන්ධ වෙලා ටාස්ක් එකින් එක ඔටෝමැටිකලි ඉවර කරන්න පුළුවන්. මේ ඔක්කොම Cloud එකේ රන් වෙන නිසා ඔයා ඩිවයිස් එකෙන් ඈත් වෙලා හිටියත් Spark ඔයා වෙනුවෙන් වැඩ කරනවා.

4. ආරක්ෂාව සහ පාලනය ඔයාගේ අතේ!

Gemini Spark කියන්නේ ඔටෝ වැඩ කරන ඒජන්ට් කෙනෙක් වුණත්, අපේ පුද්ගලික deta සහ සල්ලි වල ආරක්ෂාවට Google ලා Agent Payments Protocol (AP2) කියන ආරක්ෂක පද්ධතිය මේකට සෙට් කරලා තියෙනවා. ඒ කියන්නේ සල්ලි ගනුදෙනු, කාඩ් පේමන්ට්ස් හෝ වෙනත් සංවේදී තීරණ වලදී ඔයාගේ සෘජු අනුමැතිය (Approval) නැතුව කිසිම දෙයක් කරන්න මේකට බෑ.

ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 160කට වැඩි ගණනකට මේ අලුත් Gemini 3.7 Flash සහ Spark එක අද ඉඳන්ම ක්‍රියාත්මක වෙනවා. ඔයාගේ දෛනික ඔෆිස් වැඩ සහ කෝඩින් වැඩ පැය 24ම කරලා දෙන්න මේ වගේ Personal AI Agent කෙනෙක් ලැබෙන එක ගැන ඔයා මොකද හිතන්නේ? පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යමු!………..

TECH SONA

Share This Article