ඩිජිටල් අත්සනක් යනු කුමක්ද?

Mic
By Mic

ඔබේ ගනුදෙනුවල රහස්‍යභාවය, අඛණ්ඩතාව සහ නිරවද්‍යතාව තහවුරු කිරීමට ඩිජිටල් අත්සන ඉතා වැදගත් සහ අත්‍යවශ්‍ය මෙවලමකි. ඩිජිටල් සහතිකයකින් තහවුරු කරන ඩිජිටල් අත්සනක් යනු public key encryption හරහා නිර්මාණය කර තහවුරු කරන ලද සුවිශේෂී ඩිජිටල් කේතයකි. අන්තර්ජාලය හරහා යවන යවන ඕනෑම ලේඛනයකට සම්බන්ධ කළ හැකි මෙයින් අත්සන් කරන්නාගේ අනන්‍යතාවය සහ ලේඛනයේ සත්‍යතාව තහවුරු කරයි.

ව්‍යාපාර ගනුදෙනු සඳහා ඩිජිටල් අත්සන යොදා ගැනීම ගොඩක් ආරක්ෂිතයි. ඩිජිටල් අත්සන් ව්‍යාපාර වල සංවේදී දත්ත සඳහා අසමසම ආරක්ෂාවක් ලබා දීම, කාර්යක්ෂමතාවය උපරිම කිරීම සහ භාවිතයේ පහසුව ඉහළ නැංවීම, ව්‍යාපාරය අන්තර්ජාලය හරහා සිදු කරන කටයුතු වල පිරිවැය අඩු කිරීම ආදී වාසි හිමි කර දෙයි. බොහෝ ස්මාර්ට් උපාංග හරහා ආරක්ෂිතව අත්සන් කිරීමේ හැකියාව ලබා දෙන අතර,  විශ්වාසයෙන් ව්‍යාපාර කටයුතු කරගෙන යාමේ හැකියාව හිමි කර දෙයි.  

ඩිජිටල් අත්සනට නීතිමය වශයෙන් පිළිගැනීමකුත් තියෙනවා. පරිශීලකයාට භාවිත කිරීම පහසු වීම තවත් වාසියක්. ඔබට ඔබේ ඩිජිටල් අත්සන Desktops, laptops, android සහ iOS වැනි ඕනෑම ස්මාර්ට් උපාංගයන්/ වේදිකාවන් හරහා භාවිතා කළ හැකියි. ඩිජිටල් අත්සන් භාවිතය ඔබේ කාලය ඉතිරි කරන අතර ඔබේ ගනුදෙනු වල කාර්යක්ෂමතාවය ඉහළ නංවනවා. පරිපාලන වියදම් අඩු වන නිසා පිරිවැය පාලනය වෙනවා. ඕනෑම තැනක සිට බාධාවකින් තොරව සහ පහසුවෙන් ඩිජිටල් අත්සන භාවිතා කර ගනුදෙනු කළ හැකි නිසා නම්‍යශීලීභාවය ඉහළ යනවා.

ඩිජිටල් අත්සන නිසා ඔබේ ව්‍යාපාර ආයතනය තුළ  කඩදාසි භාවිතය අඩු වී, එදිනෙදා කටයුතු වඩාත් වේගවත්ව, ආරක්ෂිතව සහ සරලව කර ගැනීමේ අවස්තාව හිමි වෙනවා. දේශීය සහ ජාත්‍යන්තර ගනුදෙනු කටයුතු සඳහාත් ඩිජිටල් අත්සන භාවිතා කළ හැකියි.

මෙම වර්ගයේ ගනුදෙනු තුළට ප්‍රවේශ වීමේ හෝ වෙනස් කිරීමේ හැකියාව ඇත්තේ බලයලත් පාර්ශ්වයන්ට පමණි. යවන්නාගේ අනන්‍යතාවය තහවුරු කර ඇති නිසා ලේඛනය ලැබෙන්නේ නීත්‍යානුකූල මූලාශ්‍රකින් බව සහතික කිරීමක් සිදු වේ. ලේඛනය අත්සන් කිරීමෙන් පසු කිසියම් විකෘති කිරීමක් සිදු වුව හොත් එය අනාවරණය වේ. එයින් තොරතුරු නොවෙනස්ව පවතින බව සහතික කරයි. ඩිජිටල් අත්සන් ක්‍රියාවලිය සෙසු ගනුදෙනු වලට සාපේක්ෂව ඉක්මන්ය. කඩදාසි භාවිතය අඩු වීමේ ප්‍රතිඵල ලෙස ඒවා ගබඩා කිරීමට යන ඉඩකඩ ඉතිරි වේ. බොහෝ අධිකරණ බල ප්‍රදේශවල, ඩිජිටල් අත්සන නීත්‍යානුකූලව පිළිගෙන ඇති අතර සාක්ෂි ලෙස අධිකරණය ඉදිරියේ භාවිතා කළ හැකියි. කඩදාසි භාවිතය අඩු කිරීම ව්‍යාපාරයේ පරිසර හිතකාමී බව ඉහළ නංවයි.

කෙසේ වෙතත් ඩිජිටල් අත්සන් භාවිතා කිරීමේ අවාසි කිහිපයක්ද දැකගන්න පුළුවන්. ඩිජිටල් අත්සන් භාවිතා කිරීමට තාක්ෂණික දැනුමක් අවශ්‍යයි. තාක්ෂණය නුහුරු පාරිශීලකයන්ට මෙය බාධාවක් බවට පත්වෙනවා.

ඩිජිටල් සහතිකය ලබා ගැනීමටත්, ආරක්ෂිත පද්ධතිය නඩත්තු කිරීමටත් වෙනම පිරිවැයක් දරන්නට සිදුවෙනවා. විශේෂයෙන්ම කුඩා ව්‍යාපාර වලට සහ තනි පුද්ගලයන්ට  මෙවැනි පිරිවැයක් දරන්නට සිදු වීම අවාසියක් ගෙන දෙනවා.

නිවැරදි ආරක්ෂාවක් නොමැති ඩිජිටල් අත්සන් සේවාවක යමෙකුට ඩිජිටල් අත්සන අලුතින් නිර්මාණය කිරීමේ හැකියාවක් තිබෙනවා. අත්සන සහිත පුද්ගලයාගේ අනන්‍යතාවය ව්‍යාජ ලෙස සකස් කිරීමේ අවදානමක් මින් මතුවෙනවා. ඩිජිටල් අත්සන් සේවාවේ සමස්ත පද්ධතියම රඳා පවතින්නේ තාක්ෂණය මතයි. මෘදුකාංග හෝ දෘඩාංග වල ගැටලුවක් ඇති වුවහොත් ගනුදෙනුව නිම වීම ප්‍රමාද වෙන්න පුළුවන්.

උපුටා ගැනීම : tech expert

Share This Article