අපි පාරේ යද්දි පට්ටම ට්‍රැෆික් එකකට සෙට් වෙනවා. ඒ වෙලාවට කාර් එක කෙලින්ම අහසට උස්සලා ගමන යන්න පුළුවන් නම් කොහොමද? අන්න ඒ හීනේ දැන් සිරාවටම හැබෑ වෙන්නයි යන්නේ! ![]()
ඇමරිකාවේ සිලිකන් වැලි වල තියෙන ‘Alef’ කියන කොම්පැනිය දැන් එයාලගේ පියාඹන කාර් එක ඇත්තටම ටෙස්ට් කරන්න පටන් අරන්. මේ වැඩේට එයාලා Hollister සහ Half Moon Bay කියන ගුවන් තොටුපලවල් දෙකත් එක්ක ගිවිසුම් ගහලත් ඉවරයි. ඒ කියන්නේ මේක නිකන්ම නිකන් කටකතාවක් නෙවෙයි, වැඩේ සිරාවටම කෙරීගෙන යනවා. ![]()
![]()
මේ සුපිරි කාර් එකේ නම තමයි “Model A” (මොඩල් ඒ). මේක 100% ක්ම දුවන්නේ කරන්ට් එකෙන් (Fully Electric). මේකේ තියෙන පට්ටම වැඩේ තමයි, මේකෙන් සාමාන්‍ය කාර් එකක් වගේ සැතපුම් 200ක් පාරේ යන්නත් පුළුවන්, ඕන වුණොත් සැතපුම් 110ක් අහසින් පියාඹලා යන්නත් පුළුවන්! ![]()
![]()
හැබැයි ඉතින් ගාණ ඇහුවොත් නම් තරු පෙනෙයි. මේකක් ඩොලර් 300,000 ක් (අපේ සල්ලි වලින් නම් කෝටි 9කට කිට්ටුයි!). හැබැයි ඒ ගාණ වෙලත් මොකද , මේ වෙද්දිත් ලෝකේ වටෙන්ම 3,300 කට වඩා කට්ටියක් මේ කාර් එක Pre-order කරලා තියෙනවලු! ![]()
![]()
ඉස්සරහට වාහන ගන්නකොට පාරේ දුවනවා වගේම අහසින් යන ඒවත් ගන්න පුළුවන් කාලයක් එයි වගේ. උමොකද හිතෙන්නේ මේ ගැජට් එක ගැන? පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යමු! ![]()
![]()
උපුටා ගැනීම : Review By Sankalpa
