ඩොලර් 3000ක් පමණ වුවත් Samsung TriFold දුරකථනය මිනිත්තු කිහිපයකින් විකිණී අවසන්

Mic
By Mic

Samsung සමාගම හඳුන්වා දුන් නවතම Samsung Galaxy Z TriFold දුරකථනය, එහි අධික මිල වන ඇමෙරිකානු ඩොලර් 3,000කට ආසන්න අගය නොතකා, වෙළඳපොළට නිකුත් වූ සැණින් විකිණී අවසන් වී තිබෙනවා. ජනවාරි 30 වන දින U.S. වෙළඳපොළට නිකුත් වූ මෙම දුරකථනය මිලදී ගැනීමට පාරිභෝගිකයන් විශාල උනන්දුවක් දක්වා තිබුණා.

CNET වැනි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන ආකාරයට, මෙම දුරකථනය විකිණීමට තබා මිනිත්තු කිහිපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම විකිණී අවසන්. මේ වන විට Samsung නිල වෙබ් අඩවියේ එය “sold out” ලෙසයි දැක්වෙන්නේ. නැවත තොග ලැබෙන දිනයක් ගැනද ඔවුන් දැනුම් දී නැහැ.

තිරය දෙවරක් නැවිය හැකි මෙම නව තාක්ෂණය සඳහා මෙතරම් මුදලක් ජනතාව වියදම් කරයිද යන්න පිළිබඳව මුලදී ප්‍රශ්නාර්ථයක් පැවතුණත්, “early adopters” ලා අතර එය ඉතා ඉහළ ජනප්‍රියත්වයක් ලබා ඇති බව පැහැදිලියි. CNET සහ Mashable වැනි ආයතන වලින් ඉහළ විචාරක පැසසුම් ලබා ඇති මෙම දුරකථනය, CES හිදී “Best of CES” ලෙසද සම්මානයට පාත්‍ර වුණා.

උපුටා ගැනීම : Techie Instants

Share This Article