එරට යුද හමුදාවේ සැපයුම් හා නඩත්තු කටයුතු සඳහා AI තාක්ෂණය යොදාගැනීමට Army Logistics Command සමඟ නව සහයෝගීතා ගිවිසුමකට එළඹ තිබෙනවා. ඔක්තෝබර් 30 අත්සන් කළ මෙම ගිවිසුම පිළිබඳව නොවැම්බර් 2 වැනිදා නිල වශයෙන් නිවේදනය කෙරුණා.
මෙම ව්‍යාපෘතිය යටතේ නැවත නැවත සිදුකරන සැපයුම් හා පරිපාලන කටයුතු ස්වයංක්‍රීය කරන AI Agents, අවශ්‍ය හමුදා උපකරණ හඳුනාගැනීම සඳහා AI Procurement Platform එකක් සහ ආයුධ පද්ධතිවල දෝෂ ඇතිවීමට පෙර ඒවා හඳුනාගන්නා Predictive Maintenance තාක්ෂණය සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
මීට අමතරව Digital Twin තාක්ෂණය, විශේෂිත Cloud යටිතල පහසුකම් සහ AI පුහුණු වැඩසටහන් හරහා හමුදාවේ සැපයුම් කළමනාකරණය වඩාත් කාර්යක්ෂම කිරීමට අපේක්ෂිතයි. මෙම තාක්ෂණයන් තවමත් සංවර්ධනය හා පරීක්ෂණ අදියර සඳහා සැලසුම් කර ඇති අතර, සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර ඇති බවක් නිවේදනය කර නැහැ.
Red Bunny
