දරුවන් යනු මානව හිමිකම් ඇති කොටසකි. සමාජ මාධ්‍යය භාවිතා කර බොහෝ දෙමව්පියන් මෙය අමතක කිරීමට පෙළඹේ. ඔබ තවත් වැඩිහිටියෙකුගේ අනවශ්‍ය තොරතුරු, පින්තූර සහ වීඩියෝ අන්තර්ජාලයේ පළ කරන්නේ නැහැ. එසේ නම් දරුවන් සම්බන්ධව අනවශ්‍ය දේද පල කිරීමෙන් වලකින්න.
දරුවා ජිවත් වන ස්ථාන
ඔබගේ නිවස ඉදිරිපිට දරුවා සිනාසෙන පින්තූරයක් සමාජ මාධ්‍යයේ පල කිරීම සාමාන්‍ය යැයි ඔබට සිතේවි. නමුත් නිවසේ අංකය, වීදි සංඥා වැනි අවට පරිසරයේ ඇති හඳුනා ගැනීමේ සලකුණු නිසා දරුවා ජීවත් වන ස්ථානය අනාවරණය වෙනවා. දරුවන් පැහැර ගන්නෙකුට ඔබේ දරුවාව සහ දරුවාව පැහැර ගත හැකි ස්ථානය ඔබ විසින්ම අනාවරණය කරනවා විය හැකියි.
පුද්ගලික හඳුනාගැනීමේ තොරතුරු
දරුවාගේ උපන්දින උත්සවයේ පින්තූර සමඟ ඔබ දරුවාගේ වයස හෙළි කරනවාද? ඔබේ දරුවාගේ උපන් දිනය හෝ උපන් ස්ථානය සහ සම්පූර්ණ නම වැනි සියලුම තොරතුරු සමාජ මාධ්‍ය හරහා පල කිරීම සුදුසු නැහැ. දරුවාගේ තොරතුරු වංචාකරුවන් විසින් භාවිතා කිරීමට පෙළඹෙනු ඇත. දරුවාගේ ගිණුම් වලට පිවිසීමට ඔවුන් උත්සාහ කිරීමට ඉඩ ඇත.
ඇඳුම් රහිත පින්තූර
කුඩා දරුවෙකු ස්නානය කරන විට හැසිරෙන ආකාරය විනෝදජනක නිසා ඇතැම් මව්පියන් ඒවා වීඩියෝ කර සමාජ මධ්‍යයේ පල කරනවා. නමුත් මෙය භයානකයි. දරුවන්ට ලිංගිකව ආකර්ෂණය වන මානසික ආබාධ සහිත පුද්ගලයෙකුගේ අතට ඔබගේ දරුවාගේ පින්තූර පත් විය හැකිය. ඒ වගේම දරුවාගේ යෞවන වියේදී සෙසු පුද්ගලයන් විසින් දරුවාට අපහාස කිරීමට මෙම පින්තූර සහ වීඩියෝ යොදා ගැනීමට ඉඩ ඇත. ඇතැම් රටවල මෙය නීති විරෝධීය.
දරුවා අපහසුතාවයෙන් සිටින පින්තූර
රෝගී දරුවාගේ ඡායාරූපයක් පළ කිරීම සමාජ මාධ්‍යවල අදහස් සහ අනුකම්පාව ලබා ගත හැකි ක්‍රමයකි. නමුත් එය ඔබේ දරුවාට බලපාන්නේ කෙසේදැයි සලකා බලන්න. දරුවා කිවිසුම් යවන අවස්ථා, නාසය පිස දමමින් සිටින අවස්ථා, මලානිකව රෝහලේ සිටින අවස්ථා වල පින්තූර අද සමාජ මාධ්‍යයට එක් කිරීමෙන් අනාගතයේදී ඔබේ දරුවාට ලැජ්ජාවක් දැනෙනු ඇත.
දරුවා කෝපයෙන් සිටින අවස්ථා
දරුවෙකු කුඩා කල කෝප වූ විට දක්වන හැසිරීම ආකර්ශනීය බව සිතන සමහර දෙමව්පියන් ඒවා වීඩියෝ කර සමාජ මාධ්‍යයට එකතු කරනවා. මේ හේතුව නිසා දරුවා කුඩා කල සිටම දරුවාගේ ඩිජිටල් පියසටහන කෘතිමව නිර්මාණය වීම ඇරඹෙනවා. අනාගතයේදී සියල්ල අන්තර්ජාලය සහ තාක්ෂණය මත රැඳී පවතින්නට වැඩි ඉඩක් ඇති අතර, දරුවා වැඩිහිටිවියේදී රැකියාවක් සොයා ගැනීමට මේවා බාධා ඇති කරන්න පුළුවන්. හැසිරීම් රටා මඟින් කෙනෙකුගේ මනස මැනීම නිසා සම්මුඛ පරීක්ෂණ වලින් ප්‍රතික්ෂේප වන්නට වැඩි ඉඩක් තියෙනවා.
චර්යාත්මක ගැටළු
දරුවෙකුගේ ඇති චර්යාත්මක ගැටළු සමාජ මාධ්‍යයේ පල කිරීම නුසුදුසුයි.
උදා: නින්දෙන් ඇඳ තෙමීම, කියවීමේ අපහසුව
ඔවුන්ගේ දුර්වලකම හෙළිදරව් කිරීම නිසා පාසලේදී අන් දරුවන් අතර කොන් වෙන්න, හිරිහැර කිරීම් වලට ලක් වෙන්න වැඩි ඉඩක් තියෙනවා.
දරුවාගේ අසමත් වීම්
දරුවාගේ පරාජයන්, විභාග වලින් ලද අසමත් වීඑම් සහ අඩු ශ්‍රේණීන් ගැන විස්තර සමාජ මාධ්‍යයේ පල කරන්න එපා. සමහර මව්පියන් තමන්ගේ සිතේ ඇති දුක පල කර සෙසු අයගේ උපකාර සහ උපදෙස් විමසා සිටිති. නමුත් එයින් ඔබ ප්‍රසිද්ධියට පත් කරන්නේ දරුවාගේ ප්‍රභල දුර්වලතාය. එවැනි පල කිරීම් දරුවාට හානියක් වී නැවත පැමිණීමට ඉඩ ඇත. රැකියා සඳහා අයදුම්කරුවන් බඳවා ගන්නා වෙබ් අඩවියක් වන Career Builder පවසන පරිදි සේවා යෝජකයින්ගෙන් පහෙන් එකක් පමණ රැකියා අපේක්ෂකයින් ගැන සෙවීම සඳහා සමාජ මාධ්‍යය භාවිතා කරනවා. ඔබේ දරුවාගේ අනාගතයට බාධා විය හැකි අසමත්වීම් ගැන පල කිරීම නුසුදුසු වන්නේ ඒ නිසයි.
ඒ වගේම වෙනත් පුද්ගලයින්ගේ දරුවන්ගේ ඡායාරූප දෙමව්පියන්ගේ අවසරයකින් තොරව කිසි විටෙක පල කරන්න එපා.
උපුටා ගැනීම : tech expert
