නොගැළපෙන චාජර් භාවිතා කිරීම දුරකතනයේ ආරක්ෂාවට බාධා ඇති කරනවා. පමණට වඩා දුරකථනය සහ චාජරය උණුසුම් වීමෙන් ගිනි අනතුරු ඇතිවීමේ අවධානම පැන නගිනවා. මුල් චාජරයේ නිෂ්පාදකයා විසින් නියම කර ඇති ආරක්ෂක ප්‍රමිතීන්ට අලුත් චාජරය අනුකූල නොවෙන්නට පුළුවන් එහි ප්‍රතිඵලයක් ලෙස අධික ලෙස උණුසුම් වී ගිණි ගැනීමේ අවදානම ඇති වේ. එමෙන්ම දුර්වල ගුණාත්මක බවකින් යුතු චාජරයක් භාවිතා කර දුරකථනය ආරෝපණය කිරීමෙන් වෝල්ටීයතා උච්චාවචනයන් ඇති වේ. එයින් පරිපථවලට සහ දුරකථනයේ අභ්‍යන්තර කොටස් වලට හානි සිදු වේ.
දුරකථන බැටරියේ සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගැනීමට නිසි වෝල්ටීයතාවයකින් යුතු විද්‍යුත් ධාරාවකින් චාර්ජ් කිරීම අත්‍යවශ්‍ය වේ. නමුත් නොගැළපෙන චාජර් වලින් ලැබෙන වෝල්ටීයතා ධාරාව දුරකථනයට නොගැලපේ. එහි ප්‍රතිඵලයක් ලෙස බැටරිය අධික ආරෝපණයකට හෝ අඩු ආරෝපණයකට මුහුණ දේ. එහි ප්‍රතිඵලයක් ලෙස බැටරියේ ආයු කාලය සහ ක්‍රියාකාරිත්වය පිරිහී යයි. නොගැළපෙන වැරදි චාජර් භාවිතා කර දුරකථනය චාර්ජ් කිරීමෙන් බැටරිය ඉදිමීම සිදුවිය හැකිය. එය දුරකථනයට හානි ඇති කරයි.
නිවැරදි චාජරයට සාපේක්ෂව වෙනත් චාජර් වලින් චාර්ජ් කිරීමේදී කාර්යසාධනය සහ කාර්යක්ෂමතාවය අඩු බව කැපී පෙනේ. දුරකථනය සම්පූර්ණයෙන් ආරෝපණය වීමට වැඩි වේලාවක් ගත වේ. සමස්ත කාර්යක්ෂමතාවය අඩු වේ. දුරකථනයට ගැලපෙන නිවැරදි චාජර් නිර්මාණය කර ඇත්තේ ආරෝපණ ක්‍රියාවලියේදී හටගන්නා තාපය කාර්යක්ෂමව කළමනාකරණය කිරීමටයි නමුත් නොගැළපෙන චාජර් වලින් මේ කටයුත්ත සිදුවන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස ආරෝපණ ක්‍රියාවලිය අතරතුර ඇතිවන තාපය නිසා දුරකථනයේ අභ්‍යන්තර සංරචක වලට හානි සිදු වේ.
බාල තත්ත්වයේ චාජර් වල කේබල් වල ගැටලු තිබෙන්නත් පුළුවන්. කේබල් එකෙහි ඇතුළත ඇති වයර්, දුරකථනය සමග සම්බන්ධ කෙරෙන සම්බන්ධකය ආදියේ ගැටළු තිබුණහොත් අකාර්යක්ෂමතාවය වැනි විවිධ සෘණාත්මක ප්‍රතිඵල මතුවෙන්න පුළුවන්.
නොගැළපෙන චාජර් භාවිතා කර දුරකථනයේ බැටරියට හානි වුවහොත් නිෂ්පාදකයා වගකීම ගන්නේ නැහැ මුල් උපාංග පමණක් භාවිතා කළ යුතු බව නිෂ්පාදකයින් බොහෝ විට කොන්දේසි වශයෙන් සඳහන් කරනු ලබනවා. ඔබ ගැටලුකාරී, නොගැලපෙන චාජරයක් භාවිතා කිරීමෙන් දුරකථනයට හානි ඇති වූ බව හසු වුවහොත් වගකීම් සහතිකය අවලංගු විය හැකියි. එය පාරිභෝගික සහාය ලබා ගැනීමට ගැටලුවක් වෙනවා.
දුරකථනය සඳහා වෙනත් චාජරයක් භාවිතා කිරීමට සිදුවන්නේ නම් ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා පහත පියවර අනුගමනය කරන්න.
අලුත් චාජරයක් මිලදී ගන්නේ නම් පිළිගත් වෙළඳ නාමයක් යටතේ එය මිලදී ගන්න. තත්ත්ව සහතිකයක් තිබේදැයි පරීක්ෂා කර බලන්න. අනිකුත් පාරිභෝගිකයන්ගේ සමාලෝචන කියවා බලන්න. එමඟින් ගුණත්වයෙන් අඩු චාජරයක් මිලදී ගැනීමේ අවදානම අඩු වනු ඇත.
චාජරයේ වෝල්ටීයතාවය සහ ධාරාව පරීක්ෂා කර බලන්න. එය වර්තමාන චාජරයට ගැලපෙන බව සහතික කරගන්න. සාමාන්‍යයෙන් ඔබගේ දුරකථනයට ගැළපෙන චාජරයේ තොරතුරු දුරකථනයේ අත්පොතෙහි සඳහන් වී තිබෙනු ඇත. එය කියවා අලුත් චාජරය ඔබගේ දුරකථන මාදිලය සමග ගැලපෙන බව තහවුරු කරගන්න.
චාජරයේ සහ වයර් වල ගුණාත්මකභාවය පරීක්ෂා කර බලන්න. එය පමණට වඩා ඝන හෝ දුර්වල නොවිය යුතුය. දුර්වල බව වැඩියෙන් දැනෙනවා නම් එය ප්‍රමිතියෙන් තොර චාජරයක් වීමට වැඩි ඉඩක් ඇත. කේබලයේ ගුණාත්මකභාවය හොඳින් පරීක්ෂා කර බලන්න. හානි වූ හෝ ගුණත්වයෙන් පහළ කේබල් භාවිතා කිරීමෙන් වළකින්න.
චාර්ජ් කරන අතරතුර පමණට වඩා උණුසුම් වන්නේද යන්න පරීක්ෂාවෙන් සිටින්න. දුරකථනය හෝ චාජරය පමණට වඩා රත්වන බව දැනෙනවා නම් වහාම එය විසන්ධි කර දමන්න. හොඳින් වාතාශ්‍රය ඇති ස්ථානයක දුරකථනය චාර්ජ් කිරීමෙන්ද උණුසුම් වීම වළක්වා ගත හැකි වනු ඇත.
උපුටා ගැනීම: tech news
