ලොව පුරා බහුලව භාවිතා වන Wi-Fi ජාල වල ආරක්ෂාව පිළිබඳව නවතම පර්යේෂණයකින් AirSnitch නමින් නව අවදානමක් සොයාගෙන ඇත. මෙයින් router නිෂ්පාදකයින් ලබාදෙන client isolation පහසුකම මඟහරිමින්, ජාලයක සිටින පරිශීලකයින්ගේ දත්ත ලබාගැනීමට හැකර්වරුන්ට අවස්ථාව ලැබේ.
Layer-1 සහ Layer-2 හි ඇති දුර්වලතා හරහා ක්රියාත්මක වන මෙය, දත්ත encryption බිඳ දැමීමකින් තොරව Machine-in-the-Middle (MitM) ප්රහාර එල්ල කිරීමට ඉඩ සලසයි. Netgear, D-Link, සහ Cisco වැනි ප්රධාන routers රැසක් මීට ගොදුරු විය හැක.
මෙමඟින් passwords සහ දත්ත සොරාගත හැකි බැවින්, පොදු Wi-Fi ජාල භාවිතයෙන් වැළකීම සහ VPN භාවිතා කිරීම මඟින් අවදානම අවම කරගත හැක.
උපුටා ගැනීම : Techie Instants
