පරිසර දූෂණය අඩු කරන්න තාක්ෂණය දායක වුනු හැටි

Mic
By Mic

තාක්ෂණයේ නරක පැත්ත ගැන හැමදාම කතා කලත් හොඳ පැත්ත ගැන කතා කෙරෙන්නේ හරිම අඩුවෙන්. අද අපි කතා කරන්නේ තාක්ෂණය යොදා ගෙන දේශගුණික විපර්යාස සහ පරිසර දූෂණය අඩු කර ගැනීමට පියවර ගත් ආකාරය ගැනයි. 

පුනර්ජනනීය බලශක්තිය

තාක්ෂණයේ බලපෑමක් විදිහට පොසිල ඉන්ධන මත යැපීම අඩු වෙලා තියෙනවා.  සූර්ය, සුළං සහ ජල විදුලිය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත සංක්‍රමණය වෙන්න නව තාක්ෂනය හේතුවක් වුණා.  පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීමෙන් පරිසර දූෂණය සහ  දේශගුණික විපර්යාස අඩු වුණා. 

බලශක්ති-කාර්යක්ෂම ගොඩනැගිලි

හරිතාගාර වායු විමෝචනය කියන්නේ ලොකු ගැටළුවක්. එමඟින් ගෝලීය උණුසුම වැඩි වීම, ග්ලැසියර් දිය වීම, අවට පරිසරයේ වියලි බව වැඩි වීම වැනි අවාසි සහගත තත්වයන් උදා වෙනවා. බලශක්ති-කාර්යක්ෂමතාවය සැලකිල්ලට ගනිමින් ආලෝකකරණය, HVAC පද්ධති  භාවිතය, හරිත අවකාශයන් ඇතුළත් කිරීම සහ ස්වභාවික ආලෝකය භාවිතා කිරීම වැනි පියවර ගෙන හරිතාගාර වායු විමෝචනය අඩු කර ගන්න පියවර ගෙන තිබෙනවා.

විදුලි වාහන

හරිතාගාර වායු විමෝචනය සහ ප්‍රවාහනය අතරත් තියෙන්නේ නරක සම්බන්ධයක්. නමුත් විද්‍යුත් වාහන භාවිතය ඇරඹීමත් සමඟ හරිතාගාර වායු විමෝචනය සැලකිය යුතු ලෙස අඩු වුණා. 

තිරසාර කෘෂිකර්මාන්තය

කෘෂිකර්මාන්තය නිසාත් හරිතාගාර වායු විමෝචනය ඉහල යනවා. නමුත් නව තාක්ෂණය යොදා ගෙන කෘෂිකර්මාන්තයේ කාර්යක්ෂමතාව සහ තිරසාරභාවය වැඩිදියුණු කෙරුණා.  නිරවද්‍ය ගොවිතැන් ශිල්පීය ක්‍රම මඟින් නාස්තිය අවම වූ අතර හරිතාගාර වායු විමෝචනය පහල යන ලදී.

CCS

බලාගාර හෝ කර්මාන්තශාලා වැනි දේවලින් මුදා හරින කාබන් ඩයොක්සයිඩ් වාතයට මුදා හැරෙන විට වායුගෝලයේ උණුසුම ඉහල යනවා. නමුත් CCS තාක්ෂණය මඟින් සිදු කරන්නේ කාබන් ඩයොක්සයිඩ් වාතයට යාමට පෙර ග්‍රහණය කර වෙනත් ස්ථානයක ගබඩා කර තැබීමකි. ඉන් ගෝලීය උණුසුම ඉහල යාම වැළකෙනවා. කාබන් ඩයොක්සයිඩ් වාතයට යාමට පෙර ග්‍රහණය කර ගැනීමට විශේෂ උපකරණ භාවිතා කරනවා. මීළඟට නල මාර්ග හෝ ටැංකි භාවිතා කරමින් කාබන් ඩයොක්සයිඩ් ගබඩා ස්ථානයකට ප්‍රවාහනය කෙරෙනවා. අවසානයේ ගැඹුරු භූගත ස්ථානයක වායුව ගබඩා කරනවා. හරිතාගාර වායු විමෝචනය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ හැකියාවක් මෙම ක්‍රියාවලිය සතුය.

Smart grid

Smart grid යනු විදුලි භාවිතය වඩාත් කාර්යක්ෂම කිරීමට සහ නාස්තිය අවම කිරීමට උසස් තාක්ෂණය භාවිතා කරන විශේෂ විදුලි පද්ධතියකි. 

තිරසාර ඇසුරුම්කරණය

ඇසුරුම්කරණය සෘජුවම පරිසර දූෂණයට දායක වෙනවා. නව තාක්‍ෂණයට මඟින් කොම්පෝස්ට් කළ හැකි තිරසාර ඇසුරුම්ක අමුද්‍රව්‍ය සංවර්ධනය කරන ලදී. එමඟින් අසුරුම්කරණයෙන් සිදු වන පරිසර හානිය අවම විය.

උපුටා ගැනීම : tech expert

Share This Article