කෝටරක ආසාදන සඳහා නව ප්‍රතිකාර ක්‍රමයක් හඳුන්වා දීමට චීනයේ සහ හොංකොංවල විශ්ව විද්‍යාවල සේවය කරන වෛද්‍ය විද්‍යාඥ පිරිසක් සමත් වී සිටිති. මෙය විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක කතාවක් යැයි ඔබට සිතෙන තරමට ඇදහිය නොහැකි දෙයක් වුවත්, එය එසේ නොවෙයි.
විද්‍යාඥයන් මේ ප්‍රතිකාර සඳහා නිර්මාණය කර ඇත්තේ නැනෝ රොබෝ පිරිසකි. මේ රොබෝලා දූවිලි අංශුවකටත් වඩා කුඩාය; කෙස් ගසකටත් වඩා සිහින්ය. ප්‍රතිකාරයේ දී සිදුවන්නේ සිරින්ජයක ආධාරයෙන් මේ මයික්‍රො රොබෝලා නාස් කුහරයට යැවීමයි. ඉන්පසු චුම්බක ක්ෂේත්රයක් මගින් ඔවුන් ඒ ආසාදනය ඇති තැනට යොමු කරනු ලැබේ.
චුම්භක අංශු සහ තඹ යොදා තැනූ මෙම මයික්‍රෝ රොබෝවරුන් නාස් කුහරයට යැවූ පසු සියුම් ප්‍රකාශ තන්තු මගින් ආලෝකය ලබා දීමෙන් ඒවා සක්‍රිය කරනු ලැබේ. එමගින් රොබෝවරුන්ගේ රත් වීමක් සිදු කෙරෙන අතර, එවිට ඒවා සයිනස් කුහරවල ඇති ඇලෙනසුලු සැරව විනිවිද යමින් එහි ඇති රෝගකාරක බැක්ටීරියා විනාශ කරයි. මෙම රොබෝවරුන් බැක්ටීරියා මර්දනයට උපකාරී වන රසායනික නිකුත් කරන්නේ ආසාදනය ඇති ස්ථානයට පැමිණි පසුවයි. මේ පර්යේෂණය පිළිබඳ අධ්‍යයන වාර්තාව අන්තර්ජාලයේ සයන්ස් ජර්නලයේ පළ කර තිබේ.
Journal Science ඇසුරිනි
උපුටා ගැනීම – විජය
