ලංකාවේ වෙලාවෙන් රෑ 10 ට 11 ට පමණ Outlook ඊමේල් පද්ධතියට පිවිසීමට නොහැකි වීමෙන් ආරම්භ වූ Microsoft සේවාවන්හි දැවැන්ත බිඳවැටීම, පැය 20කටත් ආසන්න කාලයක් ගතවී නොවැම්බර් 13 සිකුරාදා හවස් වන විටත් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වෙලා නැහැ කියලා ඔයාලා දන්නවනේ..
ගැටලුව ආරම්භ වී පැයක් ඇතුළත රටවල් සහ කලාප 74ක් පුරා මෙම බලපෑම වාර්තා වූ අතර, විශාල සර්වර්ස් ප්‍රමාණයක් හදිසියේ අක්‍රිය වීම නිසා ඉතිරි පද්ධති මත අධික පීඩනයක් එල්ල වීම මෙයට හේතු වී තිබෙනවා..
මෙම පද්ධති යථා තත්ත්වයට පත් කිරීම අතිශය දුෂ්කර වී ඇති බවයි වාර්තා වන්නේ.. Microsoft සමාගම විසින් ට්‍රැෆික් සීමා කිරීම සහ configuration වෙනස්කම් ආපසු හැරවීම වැනි පියවර කිහිපයක්ම ගත්තද, නැවත ක්‍රියාත්මක කළ සර්වර්ස් පවා ට්‍රැෆික් ලැබුණු වහාම නැවත නැවතත් බිඳවැටීමට ලක්ව තිබෙනවා..
තමන් ගත් පියවරයන්ගෙන් ලැබී ඇත්තේ “සුළු සාර්ථකත්වයක්” පමණක් බවත්, අපේක්ෂා කළ පරිදි වෙනස්කම් ක්‍රියාත්මක නොවන බවත් සමාගම සඳහන් කර තිබෙනවා..
මෙම සමස්ත අර්බුදයේ මූලය වී ඇත්තේ Exchange Online සේවාවයි.. ඒ මත රඳා පවතින Outlook (වෙබ්, ඩෙස්ක්ටොප් සහ මොබයිල්) මෙන්ම Teams, SharePoint Online, OneDrive, Copilot, Planner, To Do සහ Defender XDR යන සේවාවන් රැසකට විවිධ මට්ටම්වලින් බලපෑම් එල්ල වී තිබෙනවා..
කෙසේ වෙතත්, මෙය සයිබර් ප්‍රහාරයක් හෝ අනිෂ්ට ක්‍රියාවක් නිසා සිදුවූවක් නොවන බව Microsoft තහවුරු කරනවා..
සාමාන්‍ය කාර්යාලයීය වැඩකටයුතුවලට අමතරව, Microsoft 365 connectors භාවිත කරන වෙනත් AI සේවාවන්ටද මෙයින් බාධා එල්ල වී තිබෙනවා. ඒ නිසා ලොව පුරා සමාගම් විශාල ප්‍රමාණයක්, හෝටල්, රෝහල්, බැංකු, රාජ්‍ය ආයතන, පාසල් සහ මහජන සේවාවන් දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා..
සිකුරාදා සන්ධ්‍යාව වන විටත් සේවාවන්හි ස්ථාවරත්වය විචල්‍ය මට්ටමක පවතින අතර, පද්ධති සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වීම එකවර නොව ක්‍රමානුකූලව සිදුවනු ඇති බවයි Microsoft පවසන්නේ. සම්පූර්ණ යථා තත්ත්වයට පත්වන නිශ්චිත වේලාවක් තවමත් ප්‍රකාශයට පත් කර නැහැ…
Dinith Maleesha
