ගොඩක් අය එහෙම හිතනවා.
ඒත් Account Hack වෙන අය අතර වැඩි පිරිසක් තමන්ට එහෙම වෙයි කියලා හිතලාවත් නැති අය.
ඇත්තටම Hackersලා හැම වෙලාවෙම ලොකු ලොකු Software පාවිච්චි කරලා හරි Films වල පෙන්නන විදිහට හරි Accounts Hack කරන්නෙ නෑ. සමහර වෙලාවට අපිම කරන පොඩි වැරදි නිසා එයාලට මේ වැඩේ ලේසි වෙනවා.
මම අදත් දකින දෙයක් තමයි Facebook, Instagram, WhatsApp, Gmail වගේ Accounts වලට මිනිස්සු තාමත් එකම Password එක දාන එක.
උදාහරණයක් විදිහට Facebook එකට දාන Password එකම Gmail එකටත් දාලා තියෙනවා. Gmail එකට දාන Password එකම TikTok එකටත් දාලා තියෙනවා.
ඉතින් ඒ Accounts වලින් එකක තොරතුරු කොහේ හරි Leak වුණොත් අනිත් Accounts ටිකත් අවදානමට යනවා.
තව සමහරු Password එක විදිහට දාන්නෙ තමන්ගෙ නම, උපන් දිනය, Phone Number එක, Boyfriend/Girlfriend ගෙ නම වගේ දේවල්.
ඔයා හිතන්න…
ඔයාගෙ Facebook Profile එක බලන කෙනෙක්ට ඔයාගෙ උපන් දිනය හොයාගන්න අමාරුද?
නෑනේ.
ඒ හන්දා ඒ වගේ Passwords පාවිච්චි කරන එක හොඳ අදහසක් නෙවෙයි.
තව දෙයක් තමයි OTP Codes.
තාමත් සමහර අය “Support Team එකෙන්”, “Meta Team එකෙන්”, “WhatsApp Verification Team එකෙන්” කියලා Message එකක් ආවම OTP එක දෙනවා.
හො ම ත ග යු,
ඔයාගෙ Password එකවත්, OTP එකවත්, Verification Code එකවත් ඇත්ත Company එකක් කවදාවත් Inbox එකෙන් අහන්නෙ නෑ.අහනවා නම් ඒක ගොඩක් වෙලාවට Scam එකක්.
තව ගොඩක් අය 2FA (Two-Factor Authentication) කියන ආරක්ෂක ක්‍රමය ON කරලා නෑ.
ඒක ON කරන්න විනාඩි දෙකක්වත් යන්නෙ නෑ. හැබැයි ගොඩක් වෙලාවට ඔයාගෙ Account එකක් බේරෙන්නෙ ඔන්න ඕක හන්දා.ඒක දැන්ම on කරගන්න.
ඒ වගේම අවුරුදු 3ක් 4ක් තිස්සෙ Password එක වෙනස් කරලා නැති අයත් ඉන්නවා.ඔයාට මතකත් නැති වෙලාවක ඔයාගෙ Email Address එක හරි Password එක හරි Data Leak එකකට අහුවෙලා තියෙන්න පුළුවන්.
ඒ නිසා ටික කාලෙකට සැරයක් Password වෙනස් කරන එක හොඳ පුරුද්දක්.
අන්තිමට කියන්න තියෙන්නෙ එක දෙයයි.
අපේ Phone එක නැති වුණොත් අපි බය වෙනවා.
Wallet එක නැති වුණොත් අපි බය වෙනවා.
ඒත් අද කාලෙ Account එකක් නැති වුණොත් ඒකෙන් වෙන පාඩුව සමහර වෙලාවට ඊටත් වැඩියි.
Photos, Chats, Documents, Emails, Banking Apps, Social Media Pages…
ඔක්කොම දේවල් එක Account එකක් ඇතුළෙ තියෙනවා.
ඒ නිසා අදම විනාඩි 5ක් අරගෙන ඔයාගෙ Passwords ටික බලන්න.
හෙට Hack වුණාට පස්සෙ දුක් වෙනවට වඩා අද ටිකක් වෙලා අරගෙන ආරක්ෂා වෙන එක ගොඩක් වටිනවා. ![]()
උපුටා ගැනීම : Chamodika Janith
