AI ලෝකයේ සටන දැන් වෙන කවදාකටත් වඩා උණුසුම් වෙලා! OpenAI සහ Google සමාගම් ඉදිරියෙන් ඉන්නවා කියලා හැමෝම හිතද්දී, මාර්ක් සකර්බර්ග්ගේ Meta සමාගම ලෝකයම හොල්ලන අලුත්ම “Tech-Bomb” එකක් අතහරින්නයි යන්නේ. ඒ තමයි ඔවුන්ගේ අලුත්ම Avocado model එක, Manus Browser එක සහ OpenClaw ඒකාබද්ධ කිරීම!
Meta සමාගම ආයෙත් ඉන්ටර්නෙට් එකේ රජා වෙන්නද හදන්නේ? අපි මේක සරලව බලමු.
1. මොකක්ද මේ “Avocado” මාදිලිය? ![]()
මෙච්චර කල් Meta සමාගමේ “Llama” මාදිලි තමයි ලෝකයේ ප්‍රසිද්ධම open-source AI වුණේ. හැබැයි Avocado කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. මේක නිකම්ම චැට් කරන එකක් නෙවෙයි, මේක “Reasoning-Agentic” මාදිලියක්.Reasoning agentic model එකක විශේෂත්වය තමයි ඒකට හිතන්න පුලුවන්.
තාක්ෂණික ලෝකයේ රාවයක් තියෙනවා “Avocado” කියන්නේ ඉතාමත් වේගවත්, කුඩා (Small Language Model) AI මාදිලියකට දාපු රහස් නමක් කියලා. මේක විශේෂයෙන්ම හදලා තියෙන්නේ browser එකක් ඇතුලේ ඉතාමත් වේගයෙන් වැඩ කරන්නයි.
වැදගත්කම: ලොකු සර්වර්ස් ඕනේ නැතුව, ඔයාගේ ෆෝන් එකේ හෝ ලැප්ටොප් එකේ ඉතාම අඩු ඩේටා ප්‍රමාණයකින් මේක රන් කරන්න පුළුවන්.
2. Manus Browser: ඔයා වෙනුවෙන් වැඩ කරන Browser එක ![]()
මතකද අපි කලින් දවසක “වෙබ්සයිට් වල අවසානය” ගැන කතා කළා? ඒ දේ ඇත්තටම කරන්න යන ටූල් එක තමයි මේ Manus Browser එක.
Agentic Browsing: Manus කියන්නේ Chrome හෝ Safari වගේ සාමාන්‍ය බ්‍රවුසර් එකක් නෙවෙයි. මේක “Agent-First” බ්‍රවුසර් එකක්.
උදාහරණයක්: ඔයාට කොළඹ යන්න ටිකට් එකක් බුක් කරන්න ඕනේ නම්, ඔයා Manus එකට කිව්වම “මට සෙනසුරාදාට ලාභම ටිකට් එක බුක් කරන්න” කියලා, Manus විසින්ම පසුබිමින් ඒ වෙබ්සයිට් වලට ගිහින්, මිල ගණන් compair කරලා වැඩේ ඉවර කරලා දෙනවා. Avocado AI එක තමයි Manus එකට මේ “මොළය” ලබා දෙන්නේ.
3. OpenClaw ඒකාබද්ධ කිරීම (Integration) ![]()
මේ තාම rumour එකක් Meta සමාගම ඔවුන්ගේ Avocado සහ Manus පද්ධති OpenClaw එක්ක සම්බන්ධ කිරීමෙන් හදන්නේ අතිවිශාල “AI ජාලයක්”. එතකොට Meta AI එකට පුළුවන් වෙනත් AI ඒජන්ට්ලා එක්ක කතා කරලා ඔයාගේ වැඩ කරලා දෙන්න.
Meta සමාගමට OpenAI පරද්දන්න පුළුවන්ද? ![]()
Meta සමාගමට තියෙන ලොකුම වාසිය තමයි ඔවුන් සතු බිලියන ගණනක පරිශීලකයින්. Meta සමාගමට පුළුවන් මේ Avocado සහ Manus තාක්ෂණය කෙලින්ම WhatsApp, Instagram සහ Facebook ඇතුළට දාන්න. එතකොට ඔයාට වෙනම වෙබ්සයිට් වලට යන්න ඕනේ වෙන්නේ නැහැ.
උපුටා ගැනීම : මුහුණු පොත (Gen AI)
