කෘතිම බුද්ධියෙන් ක්‍රියාත්මක Ai-Da මානවරූපී රොබෝවරයෙකු විසින් අදින ලද සිතුවමක් පිළිබදව ලොව බොහෝ දෙනාගේ අවධානය ලක්ව ඇත.එහි වැදගත්ම කරුණ නම් මෙම සිතුවම ඇමරිකානු ඩොලර් මිලියනයකට වෙන්දේසි කිරීමයි.
Ai-Da රොබෝවරයා විසින් සිතුවමට නගා ඇත්තේ නවීන පරිගණකයේ පියා වන ගණිතඥයෙකු සහ පරිගණක විද්‍යාඥයකු වන ඇලන් ටියුරින් ගේ සිතුවමයි.මෙම සිතුවම ලොව සුප්‍රසිද්ධ වෙන්දේසි ආයතනයක් වන Sotheby’s මගින් වෙන්දේසි කර ඇත. එහිදී එම සිතුවම ඇමරිකානු ඩොලර් මිලියනයකට අලෙවි කර ඇත.
මෙම සිතුවම සිතුවම් කිරීමේදී Ai-Da රොබෝවරයා කුඩා පින්තූර කිහිපයක් පින්තාරු කිරීමෙන් අනතුරුව ඒවා ඒකාබද්ධ කර විශාල කැන්වසයක් මතට ගෙන ඇත.
Sofhby’s වෙන්දේසි ආයතනය මගින් මෙලෙස රොබෝවරයකුගේ ක්‍රියාකාරකම් වෙන්දේසි කළ පළමු අවස්ථාව මෙය ලෙස සැළකේ.