මානව ඉතිහාසයේ දැවැන්ත පියවරක්

Tharushi Nimeshika

Space X සමාගමට අයත් නවතම යානය 2024.10.13 වන දින අත්හදා බැලුණි.සඳ හා අඟහරු වෙත මිනිසුන් ඇතුලු ජීවීන් ගෙන යා හැකි ලොව බලවත්ම රොකට්ටුව වන Starship අත්හදා බැලීමයි.

මිනිසුන් රහිතව අත්හදා බැලූ යානය ගුවන්ගත කිරීමට යොදාගත්තේ මෙතෙක් නිපදවූ ලොව බලගතුම රොකට්ටුවයි.මෙහෙයුම අවසනයේ දී රොකට් බූස්ටරය නැවතත් ගොඩබැස්සවීම මෙහෙයුමේ එක් අපේක්ෂාවක් විය.ඒ අනුව ඔවුන් අභ්‍යවකාශ ගත කළ රොකට්ටුවේ බූස්ටර් කොටස නැවත ඔවුන්ගේම පාලන මධ්‍යස්ථානයකට ගෙනැවිත් රඳවා ගැනීමට සමත් විය.ඇමරිකාවේ ටෙක්සාස්හිදී සිදුකළ මෙම අත්හදා බැලීමට භාවිතා කළ රොකට් බුස්ටරය අඩි 233 ක් උසවන අතර රොකට්ටුවේ සම්පූර්ණ උස අඩි 400 ක් වේ.මෙම රොකට්ටුවේ බූස්ටරයට මෙට්‍රික් ටොන් 100කට වඩා වැඩි ප්‍රමාණයක් ඉහළ කක්ෂය වෙත ගෙන යාමේ හැකියාවක් පවතී.

වායුගෝලයේ ඝනත්වය ඉහළම කොටසින් එපිටට Starship යානය තල්ලු කිරීමෙන් පසුව බූස්ටරය එහි එන්ජින් 33 න් කිහිපයක් දල්වා නැවත පෘථිවිය කරා සුපර් සොනික් වේගයෙන් පැමිණි අතර මෙය සජීවීව නැරඹූ ප්‍රේක්ෂකයින්ගේ ඇස් මවිත කරවීය.

එලෙස බැස්සවූ බූස්ටරය අල්ලා ගත්තේ රොබෝ අත් දෙකකින් වීම විශේෂම කාරණයකි.පැයට කිලෝමීටර 27,350 ක වේගයෙන් පැමිණි මෙම බූස්ටර් කොටස නැවත පාවිච්චි කිරීමට හැකියාව ඇති නිසා අනාගතයේ රොකට් යැවීමේ දී යම් මුදලක් අඩු කර ගත හැකිය.මෙම බූස්ටරය අල්ලා ගත් කුලුන හඳුන්වන්නේ “මැකසිලා” නමිනි.

නමුත් ටෙක්සාස්හී අවට වැසියන් කෝප කරවන සිදුවීමක් ද විය. එයට හේතුව නම් මෙයින් නිකුත් කළ අධික ශබිදයයි.රොකට් එක අභ්‍යවකිශ ගත කළ ස්ථානයේ සිට සැතපුම් 40ක් ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවලටත් මෙය භූ කම්පනයක් ලෙස දැනැණු බව The Newyork Times වාර්තා කරයි.

එලෝන් මාස්ක් සඳහන් කරන පරිදී  2026 අග භාගය වන විට පළමු Starship යානයඅඟහරු වෙත ගමන් කරවීමට හැකියාව ඇත. ඒ අනුව එලෝන් මාස්ක්ට අයත් Space X ආයතනය මානව ඉතිහාසය වෙනස් කළා යැයි කිව හැකිය.

Share This Article