2016 දි Google සමාගම සිය පලමු Pixel ෆෝන් එක (Pixel 1) එළිදක්වද්දි අමුතු පොරොන්දුවක් ලබා දුන්නා… ඒ තමයි, මේ ෆෝන් එක (Pixel 1) මිලදී ගන්නා ඕනෑම අයෙකුට තමන්ගේ photos සහ video කිසිම සීමාවකින් තොරව Unlimited සහ Original Quality එකෙන්ම Google Cloud එකට Upload කිරීමට Lifetime අවස්ථාව හිමිවන බවයි..
පසුව පැමිණි Pixel 2 සිට Pixel 5 දක්වා මාදිලිවලට මෙම පහසුකම සීමිත කාලයකට හෝ Quality එක අඩු කළ Storage saver ක්‍රමයට ලබා දුන්නද , Pixel 6 මාදිලියේ සිට එම නොමිලේ දෙන Unlimited පහසුකම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට Google සමාගම පියවර ගත්තා..
එයින් නොනැවතී, Storage සඳහා මාසික ගාස්තු අයකරන Google One සංකල්පයද ඔවුන් ලෝකයට ගෙන ආවා..
කාලය ගෙවිලා ගියත්, Google සමාගම 2016 දී සිය ප්‍රථම Pixel දුරකථනය වෙනුවෙන් දුන් ඒ සදාකාලික පොරොන්දුව අදටත් එලෙසම රකිමින් සිටිනවා..
හොඳම කතාව තමයි මේ Unlimited Storage පහසුකම හිමිවන්නේ ෆොටෝ එක ගන්නා ෆෝන් එකට නොව, එය Google Photos හරහා Cloud එකට Upload කරන ෆෝන් එකටයි..
මේ සොයාගැනීමත් සමඟ, මෑත කාලයේ පැරණි Pixel 1 ෆෝන් සඳහා තාක්ෂණික ලෝකය තුළ දැවැන්ත ඉල්ලුමක් නිර්මාණය වුණා.. අද වන විටත් බොහෝ දෙනෙක් කරන්නේ ඩොලර් 50-100ක් වැනි ඉතා අඩු මුදලකට පැරණි Pixel 1 ෆෝන් මිලදී ගෙන, එය නිවසේ එක තැනක තබා ගනිමින් තමන්ගේ modern ස්මාර්ට් ජංගම දුරකථන, DSLR කැමරා වලින් ගන්නා Photos සහ Videos, Pixel 1 එකට Transfer කර එතැනින් Google Photos වෙත අප්ලෝඩ් කිරීමයි. එමඟින් කිසිදු මාසික ගාස්තුවකින් තොරව terabytes ගණනක Full Resolution දත්ත නොමිලේම Backup කර ගැනීමට ඔවුන් සමත් වෙනවා..
ඇත්තෙන්ම මෙය පද්ධතියේ පවතින “Glitch” එකකට වඩා, Google සමාගම විසින් දුන් මුල් පොරොන්දුව මත පදනම් වූ සාර්ථක උපක්‍රමයක්. කෙසේ වෙතත්, වසර 10ක් පැරණි දුරකථනයක Battery සහ Hardware තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම මෙන්ම Data Transfer කිරීමේ අමතර පියවර කිහිපය සඳහා කාලය වැයවීම මේකෙ තියෙන පොඩි ඩවුන් සයිඩ් එකක්..
කෙසේ වෙතත්, Storage වෙනුවෙන් මුදල් අයකරන වර්තමාන Tech ලෝකය තුළ, අවුරුදු 10කට ආසන්න පැරණි දුරකථනයක් භාවිත කරමින් මෙලෙස නොමිලේ Full Resolution Cloud Storage ලබාගැනීම සැබවින්ම ප්‍රයෝජනවත් තාක්ෂණික උපක්‍රමයක් ලෙස හඳුන්වන්න පුළුවන්!
උපුටා ගැනීම: Dinith Maleesha
