මේක නම් කෙල්ලන්ටම ආපු Feature එකක් ද කොහෙද

Mic
By Mic

Google සමාගම Google photos App එකට දීපු අළුත්ම Feature එකක් තමයි මේ Digital Wardrobe කියන්නේ.

මේකේ Features ගත්තොත්,

1. AI Scan

Google Photos library එකේ තියෙන ඔයාලගේ රූප ස්කෑන් කරලා ඔයා ඇඳගෙන ඉන්න ටී-ෂර්ට්, පෑන්ට්, ජැකට්, ජුවලරි, shoes ආදිය හඳුනාගෙන catalog කරනවා. Manual tagging හෝ photo upload කරන්න ඕනෙ නෑ.

2. Digital Closet

ඇඳුම් කැටගරි අනුව (tops, bottoms, jewelry ආදිය) filter කරලා බලන්න පුළුවන්.

3. Mix & Match

විවිධ ඇඳුම් කොටස් එකතු කරලා නව outfits හදන්න පුළුවන්.

4. ‘Try it on’ Preview

තෝරගත් outfit එක ඔයාගේ සම්පූර්ණ ශරීරයේ virtual රූපයකින් preview කරලා බලන්න පුළුවන්

Favorites save කරලා, friends සමග share කරන්නත් පුළුවන්.

ඒ කියන්නේ ඔයාගේ සම්පූර්ණ ඇගේම Photo එකක් සහ ඔයා ලග තියෙන ඇඳුම් වල Photo Gallery එකේ තියෙනවා නම් ඒව Match කරන්න, එක එක විදිහේ ඇඳුම් Mix කරල බලන්න සහ ඒව ඇන්දම මොන වගේද පෙන්නේ කියල බලන්න පුළුවන්.

මීට පස්සේ office යන්න, Party වලට යන්න කලින් ඉක්මනින් අදින ඇඳුම් තීරණය කරගන්න තමයි මේ Feature එක දීල තියෙන්නේ.

අවුරුදු කාලේ ෂොපින් ගියාම fitting room වල පැය ගාණක් පෝලිමේ ඉන්න ඕනිත් නෑ. ඇදුමේ ෆොටෝ එකක් අරගෙන Match වෙනවද කියල බලන්නත් පුළුවන්.

උපුටා ගැනීම : Lakshan Weerasingha

Share This Article