පහුගිය දවස් ටිකේම Facebook, YouTube වල ගොඩක් අය දැකලා ඇති “දැන් ලංකාවට PayPal ඇවිත්, සල්ලි ගෙන්නගන්න පුළුවන්” කියලා යන පෝස්ට් සහ වීඩියෝ. ගොඩක් දෙනෙක් මේ ගැන අපෙන් ඇහුවා. ඉතින් අපි තීරණය කළා ඇත්තම තත්ත්වය ඔයාලට කියන්න.
කෙටි පිළිතුර: නැහැ! මේ පැතිරෙන කතා සම්පූර්ණයෙන්ම බොරු. (It’s Fake News!)
ඇත්ත තත්ත්වය මොකක්ද?
අවුරුදු ගාණක ඉඳන් තිබ්බා වගේම, අදටත් ලංකාවේ විදියට හදන (Sri Lankan details) PayPal Account එකකින් අපිට පුළුවන් සල්ලි යවන්න (Send Money) සහ Payments කරන්න විතරයි. තාමත් ලංකාවේ බැංකු ගිණුමකට සල්ලි ගෙන්නගන්න (Receive Money / Withdraw) PayPal එකෙන් නිල වශයෙන් අවසර දීලා නැහැ.
පරිස්සම් වෙන්න ඕන දේවල්:
සමහර වීඩියෝ වල කියලා දෙනවා Philippines, Malaysia වගේ වෙන රටවල් වල විස්තර දීලා (Fake Details) අලුත් Account හදන්න කියලා.
මේකෙන් ඔයාගේ Account එක ඕනෑම වෙලාවක බෑන් (Ban/Limit) වෙන්න පුළුවන්.
එහෙම වුණොත් ඔයාගේ PayPal එකේ තියෙන සල්ලි ඔක්කොම හිරවෙනවා. ආයේ ගන්න වෙන්නේ නෑ!
එහෙනම් Freelance කරන අය සල්ලි ගෙන්නගන්නේ කොහොමද?
PayPal නැති වුණාට දුක් වෙන්න එපා. ලංකාවේ ඉඳන් කිසිම අවුලක් නැතුව සල්ලි ගෙන්නගන්න පුළුවන් මේ ක්රම පාවිච්චි කරන්න:
Payoneer (Fiverr, Upwork කරන අයට හොඳම ක්රමය)
Wise (TransferWise) (කෙලින්ම ලංකාවේ බැංකුවට සල්ලි එනවා)
Direct Bank Transfers / Skrill
මේ බොරු ප්රවෘත්ති වලට රැවටිලා ඔයාගේ මහන්සියෙන් හොයන සල්ලි ටික නැතිකරගන්න එපා. මේ පෝස්ට් එක අනිවාර්යයෙන්ම ඔයාගේ යාළුවන්ටත් බලන්න Share කරන්න. දැනුවත් වෙමු! ![]()
![]()
උපුටා ගැනීම: රහස් බොත්තම
