2026 මැයි මාසයේ මුල ඉලොන් මස්ක්ගේ xAI සමාගම විසින් Custom Voices නමින් අමුතුම තාක්ෂණයක් හඳුන්වා දුන්නා. මේකෙන් කරන්නේ “කටහඬක් ක්ලෝන කිරීම” (Voice Cloning) කියන වැඩේ. ඒ කියන්නේ ඔයාගේ කටහඬ විනාඩි දෙකක් විතර AI එකට ඇහෙන්න සැලැස්සුවොත්, ඒ AI එකට පුළුවන් එතැන් සිට ඔයා වගේම කතා කරන්න.ඔයාගේ කටහඬේ තියෙන ගැඹුර, වේගය සහ හැඟීම් ඒ විදිහටම අල්ලගන්න මේ AI එකට පුළුවන්.
මෙහි ප්‍රධාන මොළය විදිහට වැඩ කරන්නේ Grok Voice Think Fast 1.0 කියන මාදිලියයි.දැනටමත් Starlink සමාගමේ පාරිභෝගික සේවය සඳහා පාවිච්චි කරන්නේ මේ ඉතාමත් වේගවත් AI මොළයයි.
අපට මෙයින් කළ හැකි වැඩ මොනවාද? ![]()
– පෞද්ගලික AI සහායකයන්: ව්‍යාපාර වලට පුළුවන් තමන්ගේ සන්නාමයට ගැළපෙන සුවිශේෂී කටහඬක් සහිත AI සහායකයන් හදන්න.
– පොත් කියවීම (Audiobooks): ලේඛකයන්ට පුළුවන් තමන්ගේම කටහඬින් මුළු පොතක්ම කියවන Audiobooks ඉතාම ඉක්මනින් නිර්මාණය කරන්න.
– වීඩියෝ ක්‍රීඩා (Games): ගේම් එකක ඉන්න විවිධ චරිත වලට එකිනෙකට වෙනස් කටහඬවල් ලබා දෙන්න මේක නියම මෙවලමක්.
– විදේශ භාෂා: ඔයාගේ කටහඬ පාවිච්චි කරලා වෙනත් භාෂා 28කින් ඉතාම නිවැරදිව කතා කරන්න මේ AI එකට පුළුවන් .
ඇයි මේක අනිත් ඒවට වඩා “Advance” සහ හොඳ වෙන්නේ? ![]()
1. වේගය: අනිත් AI වලට කටහඬක් පුහුණු කරන්න පැය ගණන් යද්දී, xAI එකට යන්නේ තත්පර 120ක් වැනි කෙටි කාලයක් විතරයි.
2. ආරක්ෂාව (Security): මේකේ තියෙන විශේෂම දේ තමයි මේක වැරදි විදිහට (Deepfakes හදන්න) පාවිච්චි කරන්න බැරි වෙන්න දාලා තියෙන ආරක්ෂක පියවර. ඔයාට කෙනෙක්ගේ කටහඬ ක්ලෝන කරන්න නම් විශේෂ රහස් පදයකුත් (Passphrase), ඒ කටහඬේ තියෙන ජීව විද්‍යාත්මක ලක්ෂණත් AI එක හරහා තහවුරු කරන්න ඕනේ .
3. කටහඬවල් එකතුව: ඔයාට කටහඬක් ක්ලෝන කරන්න අවශ්‍ය නැත්නම්, දැනටමත් මෙහි තියෙන කටහඬවල් 80කට වඩා වැඩි ප්‍රමාණයෙන් එකක් තෝරාගන්න පුළුවන් .
පටන් ගන්නේ කොහොමද සහ කවදාද ලැබෙන්නේ? ![]()
දැනට මේ විශේෂාංගය ඇමරිකා එක්සත් ජනපදයේ (ඉලිනොයිස් ප්‍රාන්තය හැර) xAI API පාවිච්චි කරන අයට අද සිටම විවෘතයි. ලංකාව ඇතුළු අනෙකුත් රටවලට 2026 වසරේ අග භාගය වෙද්දී මෙය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා.
ඔයාට මේක ටෙස්ට් කරලා බලන්න ඕනේ නම්, xAI Console එකට ගිහින් ඔයාගේ කටහඬේ සාම්පලයක් (Audio clip) අප්ලෝඩ් කරලා ආරක්ෂක පියවරයන් සම්පූර්ණ කරන්න විතරයි තියෙන්නේ.
-Gen AI Academy-
