ලොව ප්‍රකට දුරකථන නිෂ්පාදන ආයතනයක් වන Xiaomi සමාගමෙන් Gaming Monitor එකක්

Mic
By Mic

Xiaomi සමාගම ඔවුන්ගේ නවතම G Pro 27Qi (2026) gaming monitor එක ගෝලීය වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා. මෙය 180 Hz refresh rate එකක් සහ AMD FreeSync තාක්ෂණය සහිත අඟල් 27ක, 1440p e-sports monitor එකකි.

මෙහි විශේෂත්වය වන්නේ mini LED backlight තාක්ෂණය සහිත IPS panel එකක් භාවිතා කිරීමයි. ඒ හරහා nits 2000ක උපරිම brightness අගයක්, 1152 local dimming zones සහ VESA DisplayHDR 1000 සහතිකයක් ලැබී තිබෙනවා. 1 ms GTG response time එකක් සහිත මෙම monitor එක sRGB 100%ක් සහ Adobe RGB හා DCI-P3 99%ක් ආවරණය කරන නිසා gaming වලට අමතරව creative වැඩ සඳහාත් සුදුසුයි.

භෞතිකව, උස සහ ඇලවීම වෙනස් කළ හැකි stand එකක්, පිටුපස RGB ring එකක් සහ headphone holder එකක් දකින්න පුළුවන්. සම්බන්ධතාවය සඳහා HDMI 2.0 ports දෙකක් සහ DisplayPort 1.4 ports දෙකක් ලබා දී තිබෙනවා. මෙහි වත්මන් මිල ඩොලර් 475ක් ලෙස සඳහන් වේ.

උපුටා ගැනීම : Techie Instants

Share This Article