Anthropic සමාගම ඔවුන්ගේ අලුත්ම ‘Claude Fable 5’ සහ ‘Claude Mythos 5’ මාදිලි ලෝකෙටම රිලීස් කරලා ඉවරයි. මේක නිකම්ම තවත් AI update එකක් නෙවෙයි — මේක තමයි මේ වෙද්දී ලෝකේ තියෙන දියුණුම AI එක.
ලංකාවේ ඉන්න developers ලට, data analysts ලට වගේම tech field එකේ වැඩ කරන අයට මේක අනිවාර්යයෙන්ම දැනගන්න ඕන news එකක්.
ඇයි Fable 5 මේ තරම් විශේෂ වෙන්නේ?
මාස ගාණක Coding දවස් ගාණකින්: Stripe වගේ ලොකු companies පවා තහවුරු කරලා තියෙනවා, මුළු team එකක් මාස දෙකක් තිස්සේ කරන codebase migration එකක් Fable 5 එක දවසින් කරලා දුන්නා කියලා. ලංකාවේ software කණ්ඩායමකට මේක ලොකු time-saver එකක්.
අලුත්ම Vision හැකියාව: නිකම්ම screenshots ටිකක් දීලා මුළු web app එකේම source code එක ලියාගන්න දැන් පුළුවන්.
අමතක වෙන්නේ නැති Memory එක: Tokens මිලියන ගාණක් මතක තියාගෙන, දිගටම focus එක තියාගෙන ලොකු වැඩ කරන්න Fable 5 ට පුළුවන්.
Cybersecurity වලට Mythos 5: මේකේ අනිත් model එක වෙන Mythos 5 කියන්නේ ලෝකේ තියෙන බලවත්ම cybersecurity AI එක. හැබැයි ඒක දැනට දෙන්නේ US government එකත් එක්ක එකතු වෙලා තෝරාගත් අයට විතරයි.
මේක පාවිච්චි කරන්න කීයක් යනවද?
අනිත් ප්‍රධාන මාදිලි වලට වඩා මේකේ ගාණ ගොඩක් අඩුයි. Input tokens මිලියනයකට රුපියල් 3,370ක් ($10) සහ Output tokens මිලියනයකට රුපියල් 16,850ක් ($50) තමයි වෙන්නේ.
වැදගත්ම දේ: අද ඉඳන් Claude API එක හරහා ඕනෑම කෙනෙකුට Fable 5 පාවිච්චි කරන්න පුළුවන්. ඔයා දැනටමත් Claude Pro, Team, හෝ Enterprise පාවිච්චි කරන කෙනෙක් නම්, June 22 වෙනකම් කිසිම අමතර ගෙවීමක් නැතුව මේ අලුත්ම AI එක අත්හදා බලන්න පුළුවන්.
ලෝකේ මේ වගේ AI එක්ක දුවද්දි, අපි තාමත් පරණ විදිහටම වැඩ කරනවා නම් අපි ඉබේම පස්සට යනවා. අදම මේ අලුත් AI tools try කරලා ඔයාගේ වැඩ speed කරගන්න.
උපුටා ගැනීම : Roarion
