ලෝකේ ඉන්න බිලියන 8ක් වෙන ඔක්කොම මිනිස්සු එකතු වෙලා එක පාර මොළේ පාවිච්චි කරලා ගණන් හදනවා කියලා. අන්න ඒ මිනිස්සු ඔක්කොටම වඩා වේගෙන් තනියම වැඩ කරන සුපිරි මැෂින් එකක් ගැන කතාවක් තමයි මේක. ඇමරිකාවෙන් අලුතින්ම එළියට දාපු මේ තාක්ෂණික වික්‍රමයේ නම තමයි “Frontier”. ![]()
![]()
ඩොලර් මිලියන 20ක සුපිරි වැඩකාරයා! ![]()
මේක නිකම්ම නිකන් කම්පියුටර් එකක් නෙවෙයි , මේක “Supercomputer” එකක්. Exascale Computing කියන අලුත්ම තාක්ෂණ යුගයේ ආරම්භය තමයි මේ සටහන් වෙන්නේ. මේක කොච්චර ෆාස්ට් ද කිව්වොත්, තත්පරේකට ගණනය කිරීම් (Calculations) “Quintillion” 1 කට වඩා කරනවා! ඒ කියන්නේ එකේ ඉලක්කමට පස්සේ බිංදු 18ක් තියෙන ගාණක්. හිතාගන්නවත් බැරි වේගයක් නේද? ![]()
![]()
මේකෙන් අපිට මොකද වෙන්නේ? ![]()
ඔන්න ඔතන තමයි කතාව තියෙන්නේ. මේ මැෂින් එකේ තියෙන අසීමිත බලය නිසා ඉස්සරහට ලෝකේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.
AI (කෘත්‍රිම බුද්ධිය): මේකෙන් AI තාක්ෂණය හිතාගන්න බැරි තරම් දියුණු වෙනවා.
අලුත් බෙහෙත් හොයන්න: පිළිකා, අලුත් වසංගත (Pandemics) වගේ දේවල් වලට ඉක්මනින් බෙහෙත් හොයාගන්න මේක උදව් වෙනවා.
අභ්‍යවකාශ ගමන්: වෙනත් ග්‍රහලෝක වලට යන අමාරුම මිෂන් වලට මේකෙන් පට්ට සපෝට් එකක් ලැබෙනවා.
න්‍යෂ්ටික ශක්තිය හා කාලගුණය: අනාගත බලශක්ති අර්බුද (Nuclear fusion) වගේම කාලගුණ විපර්යාස හරියටම තේරුම් අරන් විසඳුම් හොයන්න මේක පාවිච්චි වෙනවා.
කෙටියෙන්ම කිව්වොත් , ඉස්සර අපිට කවදාවත් විසඳගන්න බැරි වෙයි කියලා හිතපු ලෝකේ ලොකුම ප්‍රශ්න විසඳන්න පුළුවන් “යතුර” තමයි මේ Frontier කියන්නේ. අනාගතේ අපි හිතනවට වඩා ගොඩක් වෙනස් වෙයි! ![]()
![]()
මේ සුපිරි ගැජට් එක ගැන මොකද හිතෙන්නේ? අදහස පල්ලෙහායින් කමෙන්ට් කරන්න! ![]()
උපුටා ගැනීම : Review By Sankalpa
