අලුතින් එන iPhone 18 එක, Laptops, වගේම PS5 / Xbox වගේ Game Consoles පවා කවදාවත් නැති විදිහට ගණන් යන්නේ ඇයි කියලා ඔයාලා හිතලා තියෙනවද? සමහරු හිතන්නේ කම්පැනි වලින් බොරුවට ගණන් උස්සනවා කියලා. හැබැයි ඇත්ත කතාව ඊට වඩා පට්ටම වෙනස්..
මේකට ටෙක් ලෝකේ උන් කියන්නේ “Chipflation” එහෙමත් නැත්නම් “RAMageddon” කියලා, ඒ කියන්නේ මුළු ලෝකෙටම දරුණු ‘RAM හිඟයක්’ ඇවිත් තියෙනවා.
1. ඇයි එකපාරටම මෙහෙම වුණේ? (AI වල පෙරේතකම
)
අපේ ෆෝන් වල, ලැප් වල තියෙන සාමාන්‍ය RAM (DRAM) හදන්නේ ප්‍රධාන කම්පැනි 3ක් විතරයි (Samsung, SK Hynix, Micron). මේගොල්ලෝ ලෝකෙටම ඕන කරන RAM ටික ගාණට හදාගෙන ගියා.
හැබැයි ChatGPT වගේ AI ආවට පස්සේ වැඩේ සම්පූර්ණයෙන්ම කණපිට ගැහුවා.. මේ AI Data Centers දුවවන්න පට්ටම බලගතු විශේෂ RAM ජාතියක් ඕනේ. ඒකට කියන්නේ HBM (High-Bandwidth Memory) කියලා. මේ HBM RAM හදන්න, සාමාන්‍ය RAM හදනවට වඩා 3 ගුණයක් අමුද්‍රව්‍ය (Silicon Wafers) යනවා.
2. සල්ලි කාරයෝ ටික RAM ඔක්කොම උස්සනවා! ![]()
දැන් අර RAM හදන කම්පැනි 3ට හෙන වාසියි. උන් සාමාන්‍ය ෆෝන් වලට RAM හදනවට වඩා, Nvidia, Microsoft, Meta වගේ AI වෙනුවෙන් බිලියන ගණන් වියදම් කරන ලොකු කම්පැනි වලට අර HBM RAM හදලා දෙනවා. මොකද ඒකෙන් උන්ට එන ලාභය පට්ටම වැඩියි. (Samsung ලගේ ලාභය ගිය අවුරුද්දට වඩා 250 ගුණයකින් වැඩි වෙලා).
මේ නිසා සාමාන්‍ය ස්මාර්ට්ෆෝන් සහ ලැප්ටොප් වලට එන RAM ප්‍රමාණය සෑහෙන්න අඩු වෙලා, ඒවගේ මිල අහස උසට ගිහින්!…
3. අලුත් iPhone 18 එකට වෙන දේ! ![]()
අපි කලින් කිව්වනේ Apple ලගේ Surprise Event එකක් එනවා කියලා. මේ RAM හිඟය නිසා Apple ලා අලුත් iPhone 18 ලයින් එකේ ගණන් සෑහෙන්න වැඩි කරන්න යන්නේ. සමහරවිට iPhone 18 Pro එක $1,299 කින් පටන් ගනීවි!..Apple විතරක් නෙමෙයි, Microsoft ලගේ Xbox, Laptops පවා ඩොලර් 100 න් 500 න් ගණන් වැඩි කරලා ඉවරයි.
4. මේක කවදා හරියාවිද? ![]()
කෙටි උත්තරේ: “ළඟදි නම් හරියන්නේ නෑ!”
RAM හදන අලුත් ෆැක්ටරි (Fabs) හදන්න අවුරුදු 6ක් විතර යනවා. ඩිසයින් කරලා, බිල්ඩින් ගහලා, මැෂින් ටික ගෙනල්ලා මුල්ම RAM චිප් එක එළියට එද්දි 2030 විතර වෙනවා! ඒ කියන්නේ තව අවුරුදු 3-4ක් යනකම් මේ RAM හිඟය මේ විදිහටම තියෙනවා, ෆෝන් වල ගණන් අඩු වෙන්නේ නෑ!..
දැන් තේරෙනවා නේද ඉස්සරහට එන ෆෝන් වල ගණන් වැඩිවෙන්න යන ඇත්තම හේතුව? අලුත් ෆෝන් එකක් ගන්න ඉන්නවා නම්, මේ ගණන් වැඩිවෙන්න කලින් දැන්ම ගන්න එක තමයි නුවණට හුරු!..
TECH SONA
