කරන්ට් බිලක් එන්නෙත් නැතුව, කිසිම විදුලියක් පාවිච්චි කරන්නෙත් නැතුව පාරවල්, පාර්ක් එළිය කරන සිස්ටම් එකක් ගැන!
මේක සයන්ස් ෆික්ෂන් මූවි එකක් නෙවෙයි, ප්‍රංශයේ දැන් ඇත්තටම වෙන වැඩක්.
මේකට කියන්නේ “Glowee” ප්‍රොජෙක්ට් එක කියලා. මෙතනදි කරන්නේ සාමාන්‍ය බල්බ් දානවා වෙනුවට ස්වභාවිකවම එළිය විහිදුවන ක්ෂුද්‍ර ජීවීන් (microalgae) පාවිච්චි කරලා අමුතුම ලයිටින් සිස්ටම් එකක් හදන එකයි. හරියට රෑට මුහුදේ රළ වදිනකොට නිල් පාටට දිලිසෙන්නේ… අන්න ඒ වගේ සීන් එකක් තමා මේකෙත් තියෙන්නේ. ![]()
![]()
මේක වැඩ කරන්නේ කොහොමද දන්නවද?
පැහැදිලිව පේන බට (Tubes) නැත්තම් පැනල්ස් ඇතුලේ මේ ක්ෂුද්‍ර ජීවීන්ව දාලා තියෙනවා. මේක ඇතුලේ තියෙන දියරය පොඩ්ඩක් හෙලවෙද්දී, මුන්ගෙ ඇඟෙන් පට්ට ලස්සන නිල්-කොළ පාට එළියක් (soft blue-green light) විහිදෙන්න ගන්නවා. මේකට මුකුත් කරන්ට් එකක් ඕනේ නෑ, මේක මුළුමනින්ම ස්වභාවික ජෛව රසායනික ක්‍රියාවලියක්! ![]()
![]()
මේ අදහස අරන් තියෙන්නේ ස්වභාවධර්මයෙන්මයි. සමහර සත්තු තමන්ගේ ආරක්ෂාවට, එහෙම නැත්තම් අනිත් අය එක්ක කතා කරන්න මේ වගේ එළියක් විහිදුවනවනේ. ඉතින් විද්‍යාඥයෝ කරන්නේ මේ ජීවීන්ට අවශ්‍ය කෑම, උෂ්ණත්වය වගේ දේවල් හරියට දීලා දිගටම මේ එළිය පවත්වාගෙන යන එකයි. ![]()
![]()
දැනටමත් ප්‍රංශයේ සමහර නගර වල, පාර්ක් වල, එළිය අඩු තැන් වල මේ සිස්ටම් එක ටෙස්ට් කරලා බලනවා. මේකෙන් ලොකු කරන්ට් ඉතිරියකුත් වෙනවා වගේම, පරිසරයට හානි කරන ආලෝක දූෂණයත් (light pollution) ගොඩක් අඩු වෙනවා. ![]()
![]()
අනාගතයේ අපේ ලංකාවේ පාරවල් වලත් මේ වගේ ලස්සන ස්වභාවික එළියක් දකින්න ලැබුණොත් කොහොම තියේවිද? ඔයාගේ අදහසත් කමෙන්ට් කරගෙනම යන්න! ![]()
![]()
උපුටා ගැනීම : Review By Sankalpa
