ඇමරිකානු විද්‍යාඥයන් විසින් නිපදවා ඇති ‘මෙටල් ෆෝම්’ (Metal Foam)අනාගත ලෝකය උඩුයටිකුරු කරන නවෝත්පාදනයක් බවට පත්වෙලා. සාමාන්‍ය ස්පොන්ජියක් වගේ සිදුරු සහිත ස්වභාවයක් ගත්තත්, මෙහි ඇති ශක්තිය කොතරම්ද යත් මාරාන්තික “සන්නාහ විදින
උණ්ඩ” (Armor-piercing rounds) පවා ඉතා පහසුවෙන් නැවැත්වීමේ හැකියාව මෙයට තිබෙනවා.
මෙම ලෝහමය පෙණ සකස් කරන්නේ උණු කරන ලද ලෝහ තුළට වායු බුබුළු ඇතුළු කිරීමෙන්. මෙහි ඇති විශේෂත්වය තමයි, බාහිරින් එල්ල වන අධික වේගයෙන් යුත් පහරක් හෝ උණ්ඩයක් වැදුණු විට, එම ශක්තිය ලෝහමය පෙණ තුළ ඇති දහස් ගණනක් කුඩා සෛල බිත්ති හරහා විසිරී යාම. ඒ නිසා උණ්ඩය විනිවිද යනවා වෙනුවට එහි සම්පූර්ණ බලය අවශෝෂණය කරගෙන එය එතැනම නැවැත්වීමට මේ සැහැල්ලු ද්‍රව්‍යයට පුළුවන්..
මෙය
හමුදා ආරක්ෂක කටයුතු වලට පමණක් නොව,
අභ්‍යවකාශ යානා නිෂ්පාදනයට, අනතුරකදී හානි අවම වන වාහන නිපදවීමට සහ සැහැල්ලු ගොඩනැගිලි ද්‍රව්‍ය සඳහාත් යොදාගත හැකියි. ශක්තිය රඳා පවතින්නේ බර මත නොව බුද්ධිමත් ව්‍යුහය මත බව මෙම සොයාගැනීම මගින් මනාව ඔප්පු කර තිබෙනවා. තාක්ෂණයේ දියුණුව කොතරම්ද කිවහොත්, ලෝහයක් වුවත් ජලයේ පාවෙන තරම් සැහැල්ලු කරමින් මෙවැනි විශ්මිත දේවල් නිපදවීමට අද විද්‍යාවට හැකි වී තිබෙනවා.
උපුටා ගැනීම : මුහුණු පොත
