ස්මාර්ට්ෆෝන් එක සෞඛ්‍යය රැක ගන්න දායක වෙන හැටි

Mic
By Mic

ෆෝන් එක අල්ලාගෙන ඉන්න එකට ගෙදරින් බැනුම් අහලා තියෙනවද? කොන්දේ අමාරු, ඇස් අමාරු වගේ හැමදේටම හේතුව ෆෝන් එක කියලා තමයි ගෙදරින් කියන්නේ. ඒ කතාව ඇත්තද? ෆෝන් එකෙන් සෞඛ්‍ය සම්පන්න බව වැඩි කර ගන්නම බැරිද? අද අපි ඒ ගැන කතා කරමු. 

ස්මාර්ට් ෆෝන් වලට කෙනෙකුගේ හෘද ස්පන්දන වේගය මැනීම, ශාරීරික ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම, හෘද ස්පන්දන වේගය නිරීක්ෂණය කිරීම, පියවර ගණන් කිරීම, නිදා ගැනීමේ රටාවන් මැනීම වැනි දේ මැනිය හැකි ඇප් යෙදිය හැකියි. දුරකථනය සෞඛ්‍ය සම්බන්ධ දත්ත වාර්තා කර ගන්නා අතර තමන්ගේ දින චර්යාවේ යෝග්‍යතාවය ගැන දැන ගන්න, සෞඛ්‍ය සම්පන්න තීරණ ගන්න පරිශීලකයාව පොළඹවනවා. ඒ අනුව දුරකථනය නිවැරදි ලෙස භාවිතා කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීමට උදවු ලබා ගත හැකියි. 

තමන් දෛනිකව ලබා ගන්නා ආහාර ප්‍රමාණය නිරීක්ෂණය කිරීමට, කැලරි ප්‍රමාණය ගණන් කිරීමට සහ දෛනිකව ලබා ගන්නා පෝෂණ ප්‍රමාණයන් නිරීක්ෂණය කිරීමට උපකාරී වන යෙදුම් දුරකතනයට දමා ගත හැකිය. මීට අමතරව එම ඇප් මඟින් ඔබගේ පෝෂණ ප්‍රමාණය නිරීක්ෂණය කිරීමට උපකාර වෙනවා. පෝෂණීය ආහාර සහ කැලරි ප්‍රමාණය පිළිබඳව නිරන්තර උපදෙස් ලබා දෙනවා. ඔබට නොගැලපෙන ආහාර ලබා ගැනීම සීමා කිරීමට උදව් වෙන යෙදුම්ද ඔබට දුරකතනයට බාගත කර ගත හැකියි. 

මානසික සෞඛ්‍යට උපකාරී වන යෙදුම්ද ඔබට දුරකතනයට යොදා ගත හැකියි. භාවනාව සම්බන්ධ යෙදුම් භාවිතා කිරීමෙන් සිහිය පවත්වා ගැනීමට අවස්තාව හිමි වනු ඇත. මේවා භාවිතයෙන් මානසික ආතතිය කළමනාකරණය කර ගැනීමේ අවස්තාව හිමි වේ. සමහර යෙදුම් ඔබේ මනෝභාවයේ උච්චාවචනයන් නිරීක්ෂණය කිරීමට සහ උපදේශනය නිර්දේශ කිරීමට පියවර ගන්නවා. විවේකය ප්‍රවර්ධනය කරන, විනෝදය සපයන යෙදුම් මඟින් සිදු කරන්නේද මානසික සෞඛ්‍යය ආරක්ෂා කර දීමයි.

සෞඛ්‍යය සම්බන්ධ අධ්‍යාපනය ලබා දෙන වෙබ් පිටු, යෙදුම් වෙත ප්‍රවේශ වීමේ අවස්ථාවද දුරකථනය ඔබට ලබා දෙනවා. ඔබට දුරකථනය භාවිතා කරමින් රෝග ලක්ෂණ සෙවීමට, වෛද්‍ය තනිර්දේශයන් ගැන කියවීමට, පිළිගත් සෞඛ්‍ය වෙබ් අඩවි වෙත ප්‍රවේශ වීමට අවස්තාව හිමි වෙනවා. 

සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සමඟ  අන්තර්ජාලය සමඟ සාකච්චා කිරීමට, වීඩියෝ ඇමතුම් ලබා ගැනීමේ හැකියාවද හිමි වෙනවා. වෛද්‍යවරුන්ට දුරස්ථව සිය රෝගීන් නිරීක්ෂණය කිරීමට සහ ඖෂධ නිර්දේශ කිරීමට මෙය ඉඩ සලසනවා. බෙහෙත් වට්ටෝරු  දුරකථනය කරහාම ඇනවුම් කිරීමද කල හැකිය. බෝවන රෝග පැතිර යන කාල වලදී මේ ක්‍රමයන් ඔබට උදව් වෙනවා.

උපුටා ගැනීම: techexpert

Share This Article