ස්මාර්ට් වාහනයක වාසි සහ අවාසි

Mic
By Mic

වාසි

ඉන්ධන කාර්යක්ෂමතාව

ස්මාර්ට් වාහන කියන්නේ ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් ඉහළ වාහන වර්ගයක්. සාම්ප්‍රදායික වාහන වලට වඩා හයිබ්‍රිඩ් සහ විදුලියෙන් බලගැන්වෙන ස්මාර්ට් වාහන වලට අවශ්‍ය අඩු ඉන්ධන ප්‍රමාණයක්. ඇතැම් විට ඉන්ධන අවශ්‍ය වන්නේම නැහැ. මෙය දිගු කාලීන ඉන්ධන වියදම අඩු කරවන අතර, පරිසරයට සිදුවන හානියද අවම කරවනවා.

නවීන තාක්ෂණික විශේෂාංග 

ස්මාර්ට් වාහන වල GPS සංචලන පද්ධති, ස්වයංක්‍රීයව නැවැත්වීමේ හැකියාව, පසුපස කැමරා, අන්තර්ජාල සම්බන්ධතා, වාහනයට ස්මාර්ට් දුරකතනය ඒකාබද්ධ කිරීමේ හැකියාව, වාහනය සඳහා වෙන් කරන ලද මෘදුකාංග වැනි නවීන තාක්ෂණික විශේෂාංග රැසක් දැක ගතහැකියි. මෙම විශේෂාංග රියදුරාට දැනෙන පහසුව වැඩි වර්ධනය කරවනවා.

ආරක්ෂාව 

ස්මාර්ට් වාහන වල ස්වයංක්‍රීය හදිසි තිරිංග පද්ධති, ලේන් ඩිපාර්චර් අනතුරු ඇඟවීම්, අඳුරු ස්ථාන නිරීක්ෂණය කිරීමේ හැකියාව, පදිකයන් හඳුනාගැනීමේ හැකියාව වැනි ආරක්ෂක විශේෂාංග අඩංගු වෙනවා. මේවා රිය අනතුරු අවම කිරීමට උපකාර කරනවා.

පරිසර හිතකාමී බව

 හයිබ්‍රිඩ් සහ විදුලි ස්මාර්ට් වාහන පරිසර හිතකාමී වාහන වේ. මේවා පරිසරයට විමෝචනය කරන්නෙ අඩු කාබන් ප්‍රමාණයකි. එය වායු දූෂණය අවම කිරීමට උපකාර කරනවා. මෙය නාගරික පරිසරයේ වායු ගුණත්වය වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා.

 නඩත්තු වියදම අඩු වීම

 ස්මාර්ට් වාහන නඩත්තු කිරීමට වැය වන්නේ අඩු පිරිවැයකි. එයට හේතු වන්නේ විදුලි වාහන වල චලනය වන කොටස් අඩු වීමයි. තෙල් මාරු කිරීම වැනි සාම්ප්‍රදායික නඩත්තු කටයුතු අවශ්‍ය වන්නේත් නැහැ. මෙහි ප්‍රතිඵලයක් විදිහට දිගු කාලීනව මුදල් ඉතිරි කර ගත හැකියි.

භාවිතයේ පහසුව

 ස්මාර්ට් වාහන භාවිතය සාපේක්ෂව ඉතා පහසුයි. ස්වයංක්‍රීය ගියර් පද්ධති, මෙහෙයුම් පද්ධති සහ ස්වයංක්‍රීය පාර්කිං සහායක පද්ධති වැනි විශේෂාංග තිබීම රියදුරාට අමතර පහසුවක් ලබාදීමට සමත් වෙනවා.

අවාසි

ඉහළ මිල 

ස්මාර්ට් වාහන බොහෝ විට සාම්ප්‍රදායික වාහන වලට වඩා මිල අධිකයි. නවීන තාක්ෂණය සහ විශේෂාංග නිසා මිලදී ගැනීමේ මූලික වියදම ඉහළයි. මෙය සමහර පාරිභෝගිකයන්ට දැරීමට අපහසු වෙනවා

අලුත්වැඩියා වියදම

ස්මාර්ට් වාහන අලුත්වැඩියා කිරීමට සිදුවන්නේ කලාතුරකින්. නමුත් අලුත් වැඩියා කිරීමේදී සාම්ප්‍රදායික වාහන වලට වඩා වැඩි වියදමක් දරන්න සිදුවෙනවා. එයට හේතුවන්නේ අලුත්වැඩියාවටසංකීර්ණ ඉලෙක්ට්‍රොනික පද්ධති සහ විශේෂිත අමතර කොටස් අවශ්‍ය වීමයි. මීට අමතරව, අලුත්වැඩියා කටයුතු සඳහා විශේෂඥ දැනුම සහ ඊටම වෙන් වූ උපකරණ අවශ්‍ය වෙනවා. 

තාක්ෂණයේ සංකීර්ණතාව 

ස්මාර්ට් වාහන වල සංකීර්ණ තාක්ෂණික පද්ධති අඩංගු වෙනවා. මේවා ක්‍රියාත්මක වීමේදී දෝෂ ඇති විය හැකියි. එවැනි ගැටලුවක් ඇති වූ විට ඒ නිරාකරණය කර ගැනීම සාපේක්ෂවව අපහසු වෙනවා. තාක්ෂණික දැනුම අඩු පරිශීලකයන්ට මෙවැනි තත්ත්වයන් දැඩි අභියෝගයක් වීමට ඉඩ තිබෙනවා.

බැටරියේ ආයු කාලය සහ ආරෝපණය කිරීමේදී මතුවන ගැටලු

 විදුලි ස්මාර්ට් වාහන භාවිතා කරන්නන් මුහුණ දෙන තවත් ගැටලුවක් වන්නේ බැටරියේ ආයු කාලයයි. මීට අමතරව බැටරිය නැවත චාජ් කර ගැනීමේ දී ද ගැටලු මතු වෙනවා. දිගු ගමන් යන අතරතුර බැටරි ධාරිතාව අඩු වුවවොත් අනපේක්ෂිත කරදරවලට මුහුණ පාන්නට සිදුවෙනවා. වාහනය නවතින ස්ථානය අනුව ආරෝපණය කර ගැනීමට ක්‍රමයක් සොයා ගැනීම අපහසු වෙන්න පුළුවන්

පෞද්ගලිකත්වය සම්බන්ධය ගැටලු 

ස්මාර්ට් වාහන බොහෝ විට පරිශීලකයාගේ දත්ත එකතු කර නිෂ්පාදකයාට සහ තෙවන පාර්ශවයන්ට ලබා දෙනවා. මෙය පෞද්ගලිකත්ව‍ය සම්බන්ධ ගැටලු ඇති කරන අතර, දත්ත වල ආරක්ෂාව අනතුරේ වැටෙනවා. ස්මාර්ට් වාහන අන්තර්ජාලයට සම්බන්ධ වන නිසා, සයිබර් ප්‍රහාර වලට ලක් වීමේ අවදානමද ඇති වෙනවා. හැකර්වරුන්ට වාහනයේ පද්ධති වලට ඇතුළු වී වාහනයේ පාලනය අතට ගැනීමේ අවදානමක්ද මතු වෙනවා.

උපුටා ගැනීම: tech expert

Share This Article