හච්, අලෙවි වෙළද නියෝජිතයන් ඇගයීමට FriMi Mastercard සමඟින් එක්ව සුවිශේෂී දීමනා සහිත කාඩ්පතක් හඳුන්වාදෙයි

Share

ශ්‍රී ලංකාවේ පුරෝගාමී ජංගම දුරකථන ක්‍රියාකරු වන හච්, සිය අලෙවි වෙළද නියෝජිතයන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන ලද “ගෞරවාභිමාන 2023” සම්මාන උළෙල මෑතකදී අති සාර්ථක ලෙස පවත්වන ලදී. සිය වෙළද නියෝජිතයන් 2023 පළමු මාස ​​4 තුළ සිදුකරන ලද සුවිශේෂී කාර්ය සාධනය සහ ඔවුන්ගේ අඛණ්ඩ උත්සාහය සහ නොසැලෙන කැපවීම මෙහිදී ඇගයීමට ලක් වූ අතර ඒ වෙනුවෙන් රන් කාසි පිරිනැමීමද සිදුවිය. විශිෂ්ට වෙළද නියෝජිතයන් හඳුනාගැනීමට අමතරව හොඳම ක්‍රියාකාරී බෙදාහරින්නන් සහ කාර්ය මණ්ඩලය මෙහිදී ඇගයීමට ලක් කරන ලදී.

මෙම උත්සවයේදී හච් විසින් FriMi – MasterCard සමඟ එක්ව ඔවුන්ගේ වෙළඳ හවුල්කාර ජාලය සඳහා සුවිශේෂී දීමනා සහිත කාඩ්පතක් ද එළිදක්වන ලදී. මෙම නව්‍ය කාඩ්පත වෙළද නියෝජිතයන්ගේ ගිණුම් වෙත දිරි දීමනා සෘජුවම තැන්පත් කිරීමේ පහසුව සමඟින් තවත් ප්‍රතිලාභ සහ වට්ටම් රැසක් පිරිනමයි. හච්, FriMi MasterCard හඳුන්වාදීම ප්‍රතිලාභ පිරිනැමීමේ නවමු ආරම්භයක් වන අතර සිය වෙළද නියෝජිතයන්ට සහය දැක්වීමට සහ ඔවුන්ගේ වර්ධනය සහ සාර්ථකත්වය පෝෂණය කිරීමට ඇති කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමට  හච් අදහස් කරයි.     

හච් ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා සභාව අමතමින් ප්‍රකාශ කළේ, “වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් ඇති වූ පෙර නොවූ විරූ අභියෝගවලින් වසර තුනකට පසුව ලඟා වී ඇති මෙම කාලය, දුෂ්කර අවස්ථාවලදී   අපගේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඔවුන්ගේ සුවිශේෂී කාර්ය සාධනය, කැපවීම සහ ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කළ අපගේ ශූරයන් සමඟ සැමරීමට ලැබීම ගැන මම සතුටු වෙමි. කාලයත් සමඟ අපගේ ව්‍යාපාර ඉහළ නැංවීමටත් නව අපේක්ෂාවන් ප්‍රයෝජනයට ගනිමින් ඉදිරියට යාමටත් අපට දැන් බොහෝ අවස්ථා ලැබී තිබෙනවා. මෙලෙස  වර්ධනය වන අපගේ ව්‍යාපාරයේ අත්‍යවශ්‍ය අංගයක් වන වෙළද නියෝජිතයන්ට අපගේ සහයෝගය අඛණ්ඩව ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙනි.

හච් ශ්‍රී ලංකා හි විකුණුම් සාමාන්‍යාධිකාරී තරිඳු විජේරත්න මහතා ද මෙම අවස්ථාව පිළිබඳව සිය අදහස් පළ කළේය, ““හච් ගෞරවාභිමාන ”  වෙළද නියෝජිත සම්මාන උළෙල සාර්ථකව පැවැත්වීම පිළිබඳව අපි ආඩම්බර වන අතර එය අපගේ අලෙවි වෙළද නියෝජිතයන් සමඟ අප ගොඩනගාගෙන ඇති සුවිශේෂී සම්බන්ධතාවයට සාක්ෂියකි. මෙම දුෂ්කර කාලවලදී පවා විකුණුම් ජයග්‍රහණවල මෙම කැපී පෙනෙන දායකත්වයන් හඳුනාගෙන සැමරීමට හැකිවීම අපට සතුටක්. අපගේ වෙළද නියෝජිතයන්ට සුබ පැතුම් එක්කරන අතර ඉදිරි මාස 4 සඳහා ආරම්භ කර ඇති අපගේ දෙවන වාරය වෙනුවෙන් ඉතා උද්යෝගිමත් තරඟයක් අපි බලාපොරොත්තු වෙනවා.”

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top