ෆේස්බුක් ,ටික් ටොක් , යූටියුබ් වීව්ස් නැද්ද? එහෙනම් මේ දේවල් කරලා බලන්න

Tharushi Nimeshika

මේ වන විට සෝෂල් මීඩියා මිනිසුන් එක්ක බැඳුණු දෙයක් බවට පත්වෙලා තියෙනවා.හැමෝම වගේ සෝෂල් මීඩියා භාවිතා කළාට ඒ ගැන අවබෝධය ගොඩාක් අඩුයි.

අද අපි කියන්න යන්නේ ඔයා සෝෂල් මීඩියාවල පෝස්ට් එකක් දානවනම් හොදම වෙලාව මොකක්ද කියලා.  ඒක විවිධ සෝශල් මීඩියා වලට වෙනස් වෙනවා.

  • Facebook

මේ වෙද්දි ගොඩක් දෙනෙක් ඉන්නෙම ෆේස්බුක් එකේනේ. ඉතින් ඔයාට ෆේස්බුක් පෝස්ට් එකක් දාන්න ඕනිනම්,හොඳම වේලාව තමා,

ඉරිදා සහ සෙනසුරාදා

උදේ 9ත් සවස 2ත් අතර

සවස 6ත් රෑ 9ත් අතර

  • Tik Tok

බොහෝ දෙනෙක්ට ඉක්මන්ටම ඔයාගේ කන්ටෙන්ට් සමීප කරන්න පුළුවන් හොදම සමාජ මාධ්‍ය තමයි ටික් ටොක් කියලා කියන්නේ. ඉතින් ඔයාට ටික් ටොක් හරාහා ඔයාගේ කන්ටෙන්ට් එකට හොද රීච් එකක් ගන්න ඕනිනම්,

සිකුරාදා , සෙනසුරාදා සහ ඉරිදා

සවස 5ත් රෑ 8ත් අතර

  • Instagram

හැමෝම තමන්ගේ ලස්සන ලස්සන ෆොටෝ සමාජ ගත කරන්න භාවිත කරන්නේ ඉන්ස්ටර්ග්‍රෑම්. ඉතින් ඔයාටත් වැඩි රීච් එකක් ගන්න ඕනිනම් ඉන්ස්ටර්ග්‍රෑම් පෝස්ට්,

සදුදා ,බදාදා සහ බ්‍රහස්පතින්දා

උදේ 11ත් සවස 1ත් අතර

සවස 7ත් රෑ 9ත් අතර

  • YouTube

යූ ටියුබ් කන්ටෙන්ට් කියලා කියන්නේ මුදල් උපයන්නත් පුළුවන් හොද සමාජ මාධ්‍යක්නේ ඉතින් ඔයාට ඔයාත් අලුතෙන් යු ටියුබ් චැනල් එකක් පටන් ගන්න හිතනවනම් එහෙම නැත්නම් ඔයත් යූ ටියුබ් චැනල් එකක් කරන කෙනෙක් නම් හොද රීච් එකක් ගන්න ඕනිනම්,

සෙනසුරාදා සහ ඉරිදා

උදේ 9ත් 11 ත් අතර

දවල් 12ත් සවස 4ත් අතර     

Share This Article