ෆෝන් නිසා වැඩ පාඩු වෙන හැටි

Mic
By Mic

ඔබ යම් වැදගත් වැඩක් කර කර ඉන්න ගමන් වරින් වර දුරකථනය, පරිගණකය භාවිතා කරන්න ඔබත් පුරුදු වෙලා ඉන්නවද? 

වැඩ කරන අතර තුර කාර්‍යය වරින් වර නවතමින් උපාංග භාවිතා කිරීමට පෙළඹීම නිසා කරමින් සිටින කාර්යයේ ඵලදායිතාවය අඩු වී, මානසික ආතතිය වැඩිවීමට ඉඩ ඇත.

උදා: ඔබ යම් වැදගත් ව්‍යාපෘතියක වැඩ කරන අතරතුර ඔබගේ විද්‍යුත් තැපෑල, සමාජ මාධ්‍ය භාවිතා කිරීම නිසා කාර්‍යයේ දෝෂ ඇති වීම, කාර්‍යය අසම්පූර්ණව නිම වීම, ආතති මට්ටම ඉහළ යාම වැනි ගැටළු මතු විය හැක.

මෙම තත්ත්වය සඳහා විසඳුම්

ඔබ කරමින් සිටින කාර්යයට ප්‍රමුඛත්වය ලබාදෙන්න. ඔබගේ අවධානය ලබාදිය යුත්තේ වඩාත්ම තීරණාත්මකම කාර්යය සඳහායි. නැවත දුරකථනය හෝ පරිගණකය භාවිතා කිරීමට පෙර කරමින් සිටින කාර්‍යය අවසන් කරන්න.

යම් කාර්යයකට ගතවන නිශ්චිත කාලය මුලදීම තීරණය කරන්න. ඉන් පසු වෙන් කර ගත් කාලසීමාව අදාළ කාර්යය වෙනුවෙන් කැප කරන්න. එවිට බාධාවකින් තොරව ඔබට ඔබගේ කාර්යය නිම කිරීම අවස්ථාව ලැබෙනු ඇත.

උපාංග භාවිතා කිරීමේදී ඒ සීමා කර ගැනීමට උදව් වන ඇප් වර්ග භාවිතා කරන්න. එම ඇප් වර්ග ඔබ සමාජ මාධ්‍ය හෝ වෙනත් යමක් භාවිතා කිරීම ඇරඹීමෙන් පසුව කෙටි වේලාවකින් කාලය ඉක්ම ගොස් ඇති බව ඔබට දැනුම් දෙනු ඇත. ඔබගේ උපාංග වල ඇති ඇප් වලින් අත්‍යවශ්‍ය නොවන ඇප් වල නොටිෆිකේෂන් අක්‍රිය කර දමන්න. නිතර නිතර නොටිෆිකේෂන් ලැබීමෙන් ඔබ කරමින් සිටින කාර්යයන් වලින් අවධානය ඉවතකට යොමු වෙන්න හේතුවෙනවා.

ප්‍රධාන කාර්‍යය කුඩා කොටස් වලට බෙදා එකින් එක කිරීම ආරම්භ කරන්න. සම්පුර්ණ කාර්‍යයට අත ගසනවාට වඩා කුඩා කොටස් පහසුවෙන් කළමනාකරණය කළ හැකි වනු ඇත. එය අවසන් කරන තුරු දුරකථනය හෝ පරිගණකය භාවිතා කිරීමෙන් වළකින්න. සම්පූර්ණ කාර්යයේ පියවර බැගින් ක්‍රමා ක්‍රමයෙන් ඉටුකරගන්න. කුඩා කාර්‍ය කොටසක් සඳහා ගත වෙන්නේ කුඩා කාලයක් නිසා ඒ කාලසීමාව ඇතුළත දුරකථනය නොමැතිව  සිටීමට ඔබටත් හැකි වනු ඇත.

කාර්යයන් සිදුකිරීමට කාලසටහනක් සකසා ගන්න. දවස විවිධ ක්‍රියාකාරකම් සඳහා බෙදා වෙන්කරන්න. අදාල ක්‍රියාකාරකම් සඳහා වෙන් කරන නිශ්චිත කාලසීමාවක් තිබෙන විට එම කාලය දුරකථනය භාවිතා කරමින් නාස්ති කිරීමට ඔබ නොපෙළඹෙනු ඇත.

 සිහි  කල්පනාව පුහුණුවන්න. ඔබ කරන කාර්යයට අවධානය යොමු කරන්න. වර්තමානයේ රැඳී සිටීමට මනස පුහුණු කරන්න.

ඔබගේ දුරකතනයට එන පණිවිඩ, නොටිෆිකේෂන් පරික්ෂා කිරීමට වෙන අයෙකු යොදවන්න. වැදගත් යමක් තිබේ නම් පමණක් ඔබව දැනුවත් කරන මෙන් ඔවුන්ට පවසන්න.

උපුටා ගැනීම: techexpert

Share This Article