AI පද්ධති වල ඇති අවබෝධතා ගැටළු

Mic
By Mic

සූක්ෂම අදහස් වැරදි ලෙස තේරුම් ගැනීම AI පද්ධති වල ඇති එක ගැටළුවක්. යම් අදහසක් සෘජුව නොපවසා වක්‍රාකාරව පවසන අවස්ථා තේරුම් ගැනීමට AI පද්ධති අපොහොසත් වෙනවා. සියුම් උපහාසය වැනි දේ තේරුම් ගැනීමේ හැකියාවක් නැහැ. උපහාසාත්මක ප්‍රකාශයන් වල යටි අර්ථය තේරුම් නොගෙන වචන වල අර්ථය පමණක් තේරුම් ගන්න වැඩි ඉඩක් තියෙනවා. ඒ අනුව නොගැලපෙන පිළිතුරු සහ ප්‍රතිචාර ලබා දෙනවා.

විවිධ සංස්කෘතියන්ට අයත්, විවිධ භාෂාවන් කතා කරන මිනිසුන් සමඟ ගනුදෙනු කිරීමට මෙය අපොහොසත් වෙනවා. විවිධ කලාප වල භාෂා ව්‍යවහාරයේ ඇති වෙනස්කම් සම්පූර්ණයෙන් වටහා ගන්න AI පද්ධතිය සමත් වන්නේ නැහැ. වෙනස් භාෂාවන් මඟින් කරනා ඉල්ලීම් වරදවා වටහා ගෙන, වැරදි ප්‍රතිචාර ලබා දීමට වැඩි ඉඩක් තිබෙනවා.   

උදා: නිශ්චිත කලාපයක් සඳහා නිර්මාණය කර ඇති AI chatbot එකක් වෙනත් කලාපවල පරිශීලකයන්ට භාවිතා කල නොහැකි වනු ඇත. 

දීර්ඝ සංවාද වල නියැලෙන්න AI chatbot අසමත් වෙන අවස්ථා දැක ගන්න පුළුවන්. සංවාදයකදී කලින් බෙදාගත් තොරතුරු මඟ හැරී යාම, රඳවා තබා නොගැනීම වැනි හේතූන් නිසා ගැටලුවට අදාළ නොවන ප්‍රතිචාර ලබා දීමට වැඩි ඉඩක් ඇත. අවශ්‍ය පිළිතුර ලබා ගැනීමට කලින් සැපයූ තොරතුරු නැවත නැවත සැපයීමට සිදු වනු ඇත.   

යම් විෂය ක්ෂේත්‍රයක් සඳහා පුහුණු කල AI chatbot වෙතින් වෙනත් ක්ෂේත්‍රයක් වෙනුවෙන් සේවයක් සලසා ගත නොහැකිය. වෙනත් ක්ෂේත්‍රයක් ගැන සරල දෙයක් විමසුවත් එය ප්‍රතිචාර ලබා දීමට අපොහොසත් වනු ඇත.

උදා: වෛද්‍ය තොරතුරු සඳහා පිළිතුරු දීමට පුහුණු කරන ලද චැට්බෝට් කෙනෙකුගෙන් ක්‍රීඩාව හෝ විනෝදාස්වාදය වැනි වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ නොවන මාතෘකා පිළිබඳ ප්‍රශ්න ඇසුවොත් එය තේරුම් ගැනීමට සහ පිළිතුරු දීමට අපොහොසත් වනු ඇත. 

අසන ප්‍රශ්නය පැහැදිලි නොමැති විට එය තේරුම් නොගෙන අදාළ නොවන පිළිතුරු ලබා දේ. සාමාන්‍ය මිනිසෙකු මෙන් ප්‍රශ්නය පැහැදිලි නොවන විට නැවත පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටින්නේ හෝ ප්‍රශ්න අසන්නේ නැත. ඒ වෙනුවට සෘජුවම නොගැලපෙන පිළිතුරු ලබා දේ. 

සාමාන්‍යයෙන් AI chatbots සමඟ chat කරන විට ඔවුන් ලබා දෙන අවස්ථා කිහිපයෙන් එකක් පරිශීලකයාට තෝරා ගැනීමට සිදු වේ. අදාළ අවස්තාව තෝරා ගැනීමෙන් පසුව නැවත පෙර ඉදිරිපත් කල වෙනත් අවස්ථාවකට යොමු වීම ඉක්මණින් කල නොහැක. ඒ වෙනුවට නැවත මුලට යා යුතුය.

උපුටා ගැනීම: tech expert

Share This Article