ඔබගේ දුරකථනය නිතර නිතර notifications ලැබෙන විට ඔබගේ වැඩ පාඩු වෙනවා. ඔබගේ අවධානය වෙනතකට යොමු වෙනවා. ඔබ යම් වැදගත් කාර්යයක නිරත වෙමින් සිටින අතරතුර ඔබ වෙත එන පණිවිඩ ඔබේ මනසේ සන්සුන් බව ඉවත් කර අනවශ්‍ය ආතතියක් ගෙන දෙනු ඇත. එය ඔබේ මානසික යහපැවැත්මට අහිතකර ලෙස බලපාන්න ඉඩ තියෙනවා.
සමහර වෙලාවට මේ හදිසියේ ඔබ වෙත එන නොටිෆිකේෂන් වැදගත් කාර්යයන් කල් දැමීමේ මාර්ගයක් බවට පත් වෙනවා. කරන කාර්යය අතපසු කරගෙන සමාජ මාධ්‍ය වල පැය ගණන් ගත කරන්න එක නොටිෆිකේෂන් එකක් ඇති.
වැඩ කරන අතරතුර නිතර නොටිෆෙක්ෂන් පිරික්සීම, ප්‍රතිචාර දැක්වීමට කාලය වෙන් කිරීම ආදිය නිසා සමස්ත ඵලදායිතාව අඩුවීමට හේතු වෙනවා. ඔබගේ බිඳුණු අවධානය නැවත ඒකාග්‍රගත කර ගන්න කාලය ගත වෙනවා.
නොටිෆිකේෂන් නිසා නිතර සිදු වන බාධා කිරීම් සංජානන ක්‍රියාකාරිත්වය අඩාල කරන්න හේතු වෙනවා. මතකය රඳවා තබා ගැනීමේ සහ තොරතුරු ඵලදායී ලෙස සැකසීමේ හැකියාවට ඉන් බාධා ඇති වෙනවා.
විසඳුම් අත්‍යවශ්‍ය කාර්යයන් හඳුනාගෙන ඒවාට ප්‍රමුකත්වය ලබාදෙන්න. ඔබගේ කාලය සහ අවධානය notifications වෙත යොමු නොකර අදාල කාර්යයට පමණක් යොමු කරන්න. කාර්යයට වැදගත්කමක් ලබාදෙන විට ඩිජිටල් කටයුතු සඳහා අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය අඩු වනු ඇත.
දුරකතනය පරීක්ෂා කිරීමට නියමිත වේලාවක් ස්ථාපිත කර ගන්න.
උදාහරණ: පැය භාගයකට වඩා ඔබ රැකියාවේ, අධ්‍යාපන කටයුතුවල නිරත වන අතරතුර වරින් වර දුරකථනය භාවිතා නොකර පැය භාගයකට වතාවක් හෝ පැයකට වතාවක් පමණක් එය පරීක්ෂා කරන්න.
නොටිෆිකේෂන් නිසා අවධානය ඉවතකට යොමු වුණත් නැවත අදාළ කාර්යයට ඔබගේ අවධානය ගෙන ආ යුතුයි. නොටිෆිකේෂන් එකක් නිසා දුරකථනය බලන්න සිදු වුනත් දිගින් දිගටම එය බැලීම නවත්වා වහාම අදාළ කාර්යයට මාරු වීමට පියවර ගන්න. ඒ සඳහා ඔබ මුල සිට සිත පුහුණු කර තිබිය යුතුයි.
ඊමේල් සහ සමාජ මාධ්‍ය පරීක්ෂා කිරීම සඳහා නිශ්චිත වේලාවක් ස්ථාපිත කර ගන්න. වැඩ කරන අතරතුර එන නොටිෆිකේෂන් නොඇසෙන්නට ශබ්දය අඩු කරන්න. නැති නම් දුරකථනය විසන්ධි කරන්න.
අනවශ්‍ය මාධ්‍ය ඇප් දුරකතනයෙන් ඉවත් කර දමන්න. වෙබ් අඩවි අවහිර කරන හෝ සීමා කරන ඇප් එකක් භාවිතා කරන්න.
වැඩ කිරීමට නියමිත් කාර්යාල කාමර තුල දුරකථනය භාවිතා කිරීමෙන් වලකින්න. එයින් අවධානය වරින් වර ඉවතට යොමු වීම වලක්වා ගත හැකි වනු ඇත.
ඔබ වැඩ කරන වෙලාවල් සහ බාධා නොකළ යුතු වෙලාවල ගැන ඔබේ මිතුරන්ව දැනුවත් කර සිටින්න. මෙයින් ඔවුන් ඔබට කතා කරන සහ පණිවිඩ එවන වෙලාව වෙනස් කරනු ඇත.
උපුටා ගැනීම : techexpert
